කවුරු හරි කොපි කරලද , කාට හරි ඉරිසියා හිතිලද ?



හ්ම්ම් මේ දවස් වල ලියන්න ටෙකිත් නෑ, ඒක හින්දා මේ දවස් වල හම්බෙච්ච ඇච්චෙක් ගැන සහ තව තොරතුරක් ගැන කියන්නම්කෝ

ඉස්සර ඉදන්ම මේ වැඩේ උනත් මේ ලගකදි පරණ එකෙක් අලුත් විදිහකට වැඩක් පටන් අරන්

සාමාන්‍යෙන් මම දැකලා තියෙන්නේ අපි මොකක් හරි කරනකම් බලන් ඉදලා ඒකම කරන එක, හැබැයි මේ පුංචා කරලා තියෙන්නේ මගේ එකක් අරගෙන උගේ නම දාලා ඌ කරපු විදිහට My Creation's කියලා ඇල්බම් එකකට දාලා ( මම මගේ නම එක්ක ටැග් එකක් දැම්මත් දාන්නේ දකුනු අත පැත්තෙන් යටින්, මූ මගේ එක උඩින් උගේ එක දාලා :D )


එහෙමත් කරලා, මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකුත් එවලා, ඒ රික්වෙස්ට් එක ඇවිල්ලා සෑහෙන්න කල් උනත් මම ඇඩ් කර නොගත්තේ මිනිහා කව්ද කියලා දන්න නිසා, මේ ලගදි නිකමට වගේ ස්පෑම් කේස් එකට උගේ ෆොටෝ එකක් හොයන්න ෆොටෝස් වලට ගියාම මෙන්න මගේ කාර් එකක් තියෙනවා බැබලි බැබලි උගේ ටැග් එකත් එක්ක :D

හික් හික්, මුලින්ම මට එතනම හොද කමෙන්ට් එකක් දෙන්න හිතුනත් මුකුත් කලේ නැතුව හිටියා, පස්සේ මගේ යාලුවෙක්ම කේස් එක ඇදලා ස්ටේටස් ටිකක් අතෑරලා තිබ්බා, ඒත් මම තාම ඌට මැසේජ් එකක්වත් දැම්මේ නෑ ඒකට හේතු කිව්වොත්

1.වෙන කෙනෙක්ගෙ දෙයක් උස්සලා තමන්ගෙ වගේ දාන එකෙන් රැවටෙන්නේ වෙන කවුරුත් නෙම්යි තමන්මයි
2.තමන් නොදන්නවා උනත් තමන්ට මොලයක් නෑ කියලා අනුන් දැනගන්නවා, මොලයක් තියෙනවා නම් අලුතෙන් දෙයක් හිතන්න පුලුවන් වෙන්න එපැයි
3.ඕනෙම දෙයක් උස්සන්නේ හරි කොපි කරන්නේ හරි ඒ දේ වටිනාකමක් තියෙන නිසානේ, කවුරුත් නිකන් පාර අයිනේ තියෙන ලොකු කලුගල් ගෙඩියක් උස්සන් ගෙදර දුවන්නේ නෑනේ,

අන්න ඒක නිසා එක අතකට ඒක ගැන හිතද්දි පොඩි සතුටක් වගේම දුකක් එනවා, සතුට එන්නේ කාට හරි උස්සන්න කොපි කරන්න තරම් දෙයක් කල හැකී වීම ගැන දුක තියෙන්නේ මම කිසිම සයිට් එකක දැකලා නෑ මේ විදිහට පිටරට උන් උස්සනවා, ඒ නිසා අපේ ( සම ) හරක්ගේ මොල ගැන දුකයි.

__________________________________________________________________________________

ප.ලි = මම මේ පෝස්ට් එක ලියද්දි තව අලුත් නිව්ස් එකක් ආවා ඒ තමයි


බ්ලොග් ලියන හැක්ක්‍රිශ්, සහ තවත් අය බහු ජනයාගේ හිතසුව පතා ආරම්භ කරන ලද Online හෙල්ප් හි සාර්ථකත්වයට එරෙහිව එන එක එක නොපෙනෙන අත් වලින් තවත් අතකට තද වෙලා වැඩි වෙලා .com එකකුත් අරගෙන වර්ඩ්ප්‍රෙස් දාලා යුක්තිය ඉල්ලලා තිබ්බා :D, ඇත්තටම කියනවා නම් ඒක දැකපු වෙලාවේ බිම පෙරලි පෙරලි හිනා වෙන්න තරම් හිනාවක් ආවා, 


එකක් ඒ චිත්‍රපටියේ මමත් ඉන්න හින්දා :D
තව කෙනෙක්ට ඉරිසියා හිතෙන්න තරම් දෙයක් කරගන්න පුලුවන් උන නිසා
අපරාදේ .com එක :D 



Posted in . Bookmark the permalink. RSS feed for this post.

12 Responses to කවුරු හරි කොපි කරලද , කාට හරි ඉරිසියා හිතිලද ?

  1. චැක්...මට ඕකට කමෙන්ට් එකක් දාන්න බැරි උනා නේ..අනේ මගේ නම්ත් දාන්න කියහන් ඕය ඩොට් කොම් එකේ...මම හෙන ආසයි බන්//මේ බ්ලොග් ස්පොට් වල නම ලියලම එපා වෙලා

    ReplyDelete
  2. ඇත්තටම මම වත් හිතුවෙ නෑ අපිව මෙච්චර මිනිස්සුන්ට වදියි කියලා. බලන්නකෝ මට මඩ ගහන්න මම වත් වියදම් කරන්නෙ නැති සල්ලි මිනිස්සු වියදම් කරනවා... හික්... හික්... මේවා දකිනකොට මට මම ගැනම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා...

    ReplyDelete
  3. @රත්තා
    ඒකනේ උබ මේක ශූට් කරන වෙලාවේ හිටියේ නෑනේ :D

    @හැකා
    සිරාවටම බන් බලහන් අපිට ඉන්න ෆෑන්ස්ලා අපි වෙනුවට ඩොමේන් එක අරගෙන :D, අනේ වාසනාවන්

    ReplyDelete
  4. පිස්සු නැත්තන් හොදා නැද්ද සහෝදරවරුනි!

    ජය!

    ReplyDelete
  5. බලපන් බන් අපිට ආදරේ කරන ෆෑන්ස් ලා...අනේ වාසනාවන්....

    ReplyDelete
  6. මයෙ නමනම් තියෙනො ඒ මෙවුව එකේ.. :D :D
    (දැන් ඉතින් මටත් ඉවරයක් නෑ කෙල්ලගෙ අතන මෙතන අස්සන් කොරල... :D :D )

    ReplyDelete
  7. අපි හැමදාමත් අලුත් දෙයක් කරන අයත් එක්ක.. :ඩී

    ReplyDelete
  8. හක් හක් මූ අර බල්ලෙක්ට පඩයක් ගියත් ගෘප් හදන එකාගෙ නෑදෑයෙක්ද කොහෙ... සිකේ චාටර්නෙ.... අර හිම හන්සි බස්එකේ මම දාපු කමෙන්ට් එකක් මැකුවට මමත් අලුතෙන්ම ඩොමේන් එකක් අරන් දාන්න ඕනෙ පෝස්ට් එකක් අසාදාරනයි කියලා හි හි...

    ReplyDelete
  9. @කිඩෝ

    ගනින් ගනින්, දාපන් දඩ පෝස්ට් එකක් :D

    ReplyDelete
  10. හැබෑටම ඇත්ත නේන්නම් කියපු කතාව.කොපි කරන්නෙ ඒක ව්ටින නිසානෙ. :) දැන්නෙ ඒක තේරෙන්නෙ..හික්ස්..

    ReplyDelete
  11. පාඩෝ, මම ප්‍රසිද්දම නලුවෙක් නෙ ..සෙල්ලම්ද යකෝ .කොම් එකක නලුවෙක් කියන්නෙ, ආසාවෙ බැරුවා :දත්

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.