කියන්නේ නම් කස්ටමර් කෙයා කියලා.....




අද නම් ශ්‍රී ලංකා ටෙලිකොම් එපාම උනා, ඒකට හේතුව උනේ ඒකේ කස්ටමර් කෙයා කියලා හදුන්වන එක,

හේතුව උනේ යාලුවෙක් ජන්ජාල කැෆේ එකක් දානවා කියලා එතන රව්ටර් එකයි නෙට්වර්ක් එකයි හදන්න කියලා මට කතා කලා, ඉතින් මමත් ගියා ගිහිල්ලා වැඩේ පටන් ගත්තා උදේ 10ට විතර

පටන් ගත්තු ගමන් වැඩේ අව්ල්, රව්ටර් එක කනෙක්ට් කරන්න දෙන්නේ නෑ යූසර් නේම් එක හරි පාස්වර්ඩ් එක හරි වැරදී කියලා, ඔහොම දෙතුන් පාරක් චෙක් කලත් එකම අව්ල තියෙන්නේ

මොනවා කරන්නද කියලා ගත්තා මේ සම්බන්ධව අහන්න තියෙන නම්බර් එකට ( 1243 ) පැයක් තිස්සේ ට්‍රයි කරලත් ගන්න බැරි උනා කෝල් එක, හැම තිස්සේම වගේ රින්ග්ස් ගිහිල්ලා බීඊඊඊඊඊඊඊඊඊඊඊඊප් ගාලා කන කැඩෙන්න වගේ සද්දයක් එනවා, 

බැරිම තැන කට්ටිය වැඩි ඇති කියලා හිතාගෙන ඉවසන් ඉදලා ආයෙත් ගත්තා, පරන විදිහටමයි
බැරිම තැන ඒ ප්‍රදේශයට අදාල ප්‍රදේශයේ ටෙලිකොම් එකට කතා කළා, 

( කටහඩ ) ලස්සන ගෑනු ලමෙක් ඉදගෙන මට බනක් කියන්න පටන් ගත්තා :D, ඒකත් බොහොම අමාරුවෙන් අහන් ඉදලා ඇහුවා මට මේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුලුවන්ද කියලා, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ අහපු එක පැත්තකින් තියලා විනාඩි තුනකින් විතර කියනවා "අපිට මෙහෙන් කරන්න බෑ ඒක 1243 ට කෝල් එකක් අරන් කියන්නලු, ( ඇයි දෙයියනේ 1243 වැඩ නම් උන්ට කෝල් ගන්නවැයි )

ඒකත් තියලා දැන් ආයෙත් 1243ට ගන්න ට්‍රයි කරනවා, කොහොම හරි දවසෙන් බාගයක්ම ට්‍රයි කළත් කෝල් එකක් ගන්න බැරි උනා, ඊට ටිකකට පස්සේ යාලුවගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ඇතුලේ ඉන්න කෙනෙක්ගෙ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් දීලා තමයි වැඩේ කරගත්තේ,

මම අහන්නේ මේ හදිස්සියකට කෝල් එකක් ගන්න බැරි කස්ටර්මර් කෙයාර් මොකටද කියලා :\

Posted in . Bookmark the permalink. RSS feed for this post.

10 Responses to කියන්නේ නම් කස්ටමර් කෙයා කියලා.....

  1. rajaye than ohoma thama ban..ganan ganna epa.matat loku kattak kanna thiyenne issarahata..mage NIC eka nathi wela..

    ReplyDelete
  2. @දිලිප

    ඔව් බන් රජයේ බැන්කුවකට ගියත් මේ වගේ වැඩ කරනවා නෙමෙයි අත ගානවා

    NIC එක නැති එකට නම් කියන්න තියෙන්නේ බුදු සරනයි කියලා :|

    ReplyDelete
  3. යකෝ හරකෝ...තෝ දන්නේ නෑ නේ වැදගත් විදිහට කතා කරන්න...
    කුනුහබ්බයක් කියහන්...වැඩේ විනාඩියෙන් කොරලා දෙනවා

    ReplyDelete
  4. අච්චර ලස්සනට කොහොමද බන් එහෙම කියන්නේ :D

    ReplyDelete
  5. අඩෝ දෙකක් කතා කරානම් වැඩේ කරගන්න පුළුවන්.ඔය ගෙම්බර් දාන උන් සුටුස් ගාලා කූල් ‍ඩවුන් වෙනවා.

    ReplyDelete
  6. කොහොමත් රජයේ ඒව කොයිකත් එකයි ......
    චා කියන්නෙ චා චා චා ........

    ReplyDelete
  7. කතාව නම් 200%ක් ඇත්ත.. මාත් කැෆේ එක පටන් ගන්න සති දෙකක් බලන් හිටියා. මුන් ලයින් එක දුනට ADSL දුන් නෑ

    ReplyDelete
  8. sirawata ............mamath 10000s parak vithara call karala thama mage ADSL connection aka gaththe...

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.