Archive for May 2011

ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...



කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි

ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම්

ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක

මේ ලින්කුවෙන් ඒක ගන්න

ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක්

හරි ඊට පස්සේ ඔයාගේ කුකීඑක තියෙන සයිට් එකට ( ඒ කියන්නේ කුකී එක අදාල සයිට් එක, උදා Hotfile, Fileserve, Filesonic ඔය වගේ ) යන්න

ඊට පස්සේ ඒ සයිට් එකේ ඉදිද්දි Cookie Injector එකේ අයිකන් එක උඩ කොටන්න
එතකොට මෙන්න මේ වගේ පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් එක්ක කොටසක් විවෲත වෙයි

අපැහැදිලී නම් පින්තූරය උඩ කොටන්න

ඊට පස්සේ ඔය ඔයා ලග තියෙන කුකී එක ඔය ටෙක්ස්ට් බොක්ස් එකට දාලා "Inject Cookie" කරන්න
එතකොට සයිට් එක ඔටෝම රී ෆ්‍රෙශ් වෙයි, ඔයා එකව්න්ට් එකකට ලොග් වෙලා තියෙයි

( කවුරු හරි මේවගේ ප්‍රීමියම් එකව්න්ට් ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න, එහෙම උනොත් අපිට ඒවා ලබා දෙන්න පුලුවන් )

Posted in , , , , , , , | 5 Comments

( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....

අද නම් පොඩි උපදේශයක්

ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව

බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි

හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි

ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ඩොන්ගලෙන් අදින කෙනා කියල 8GB අදින්නේ බොහොම අමාරුවෙන්

හැබැයි මේ සමහර අයගේ බ්ලොග් ලෝඩ් වෙන්න ගියාම මම නම් හිතන්නේ මෙගාබයිට් 10ක් වත් යනවා :D (  ඔහොම බලන්න එපා බොලව්, මම කුනෙක් නෙමෙයි )

නමුත් මේ බ්ලොග් ලියන ගොඩක් අය කරන පොඩි වැරැද්දක් තියෙනවා ඒ තමයි බ්ලොග් එකට ලෝකේ වටේම තියෙන අරවයි මේවයි ඔක්කොම ඔබන එක , ( ඔව් ඒක තමන්ගේ කැමැත්ත තමයි හැබැයි කියවන්න වෙන්නේ අපිට නේ ඉතින් අපිට මොකක්ද මොකක්ද වගේ )

උදාහරනයක් විදිහට ගත්තොත්, සමහර අයගේ බ්ලොග් වල ( මේක සයිට් වලටත් අයිතී )

ඔරලෝසු
මව්ස් එකට බ්ලොග් එකේ නම දාපු වලිග
සෝශල් සවිස් වලට ශෙයාර් කරන්න තියෙන කෑලි 2ක් 3ක්
මාලු ටැoකි ( ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් ටැoකියට නම් අව්ලක් නෑ :P )
තරුවැල්
කඩා වැටෙන තරු
ඔය සයිඩ් බාර් එකට ඔබන එක එක ගැජට් කෑලි
අලි පත සයිස් බැක්ග්‍රව්න්ඩ් එක ( ටුවිටරේ ප්‍රොෆයිල් එකක් වගේ )
ඔය එක එක ඇඩ් එබීම්

මේ වගේ දේවල් නිසා සමහර අයගේ සයිට් ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩියක්වත් යනවා, සමහර අයගේ ඒවා ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ බ්‍රව්සරේ රව්ම තාම කැරකෙනවා




මේක බලන්න මේතන ශෙයාර් කරන්න තුන් විදිහටක තියෙනවා, ඉතින් මේ තුනෙන්ම වෙන්නේ එකම දේ නේ අපි උනත් වැඩිම උනොත් ටුවීට් කරයි, බස් ශෙයා කරයි නැත්නම් පොතට ශෙයා කරයි, ඉතින් මෙච්චර ගොඩක් තියෙද්දි ටිකක් අව්ල් අව්ල් වගේනේ

මේ වගේ තව සෑහෙන්න තියෙනවා, ඉතින් පොඩ්ඩක් මොනවා හරි යොදද්දී ඒක තැනට ඔබින විදිහට දාන්න මතක තියාගන්න

ඔරලෝසුව දාලා තියෙන එක ගමු, 

ඉතින් අපේ ගෙදරත් ඔරලෝසුවක් තියෙනවා නම් කොම්පීතරෙත් මොන ඔපරේටින් සිස්ටම් එක උනත් වෙලාව තියෙනවානේ, ඉතින් එහෙව් එකේ ඇයි ඔරලෝසුවක්

මේ ලගදි ගෑනු ලමයෙක්ගේ බ්ලොග් එකක දැක්කා තරු කඩා හැලෙනවා, මව්ස් එක එහාට මෙහාට යන්නේ පැන පැන :D

ඉතින් මේ වගේ දේවල් තියෙද්දි අපිට කමෙන්ට් කරන්න තියා ලෝඩ් වෙනකන්වත් ඉන්න පුලුවන් කමක් නෑ

ඔය ශෙයාර් බටන් තුන තියෙන කෙනා මේක බැලුවොත් පොඩ්ඩක් සමාව බාජනය කරන්න ඒකම ගත්තාට

මම නම් කියන්නේ පුලුවන් තරම් බ්ලොග් එකේ දාලා තියෙන ගැජට් කෑලි අඩු කරන්න, අවශ්‍යම දේවල් විතරක් තියන්න


එහෙනම් අද පාඩම ඉවරයි :P

Posted in , , | 22 Comments

බස් පැදීමට නැවතත් [ Back To Buzz ]



මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ

මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ

ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන්

ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන එක හරි ගිහින්ද කියලා

යටින් තිබ්බා ආයේ එකව්න්ට් එක රික්වෙස්ට් කරන එක ඒක කලත් හරි ගියේ නෑ

දවස් තුනකින් පස්සේ බැලුවත් හරි ගිහින් තිබ්බේ නැති නිසා නිකමට කියවලා බැලුවා මොනවා හින්දාද මේක සස්පෙන්ඩ් කොරලා තියෙන්නෙ කියලා, හෙන දිග හෑල්ලක් තියෙනවා එකක් ප්‍රොෆයිල් පික් එකලු, අනිත් එක මම දීලා තියෙන තොරතුරු බොරු එව්වාලු :D

මොන කෙහෙල්ගහක්ද කියලා ගත්තා ප්‍රොෆයිල් එක එඩිට් කලා ප්‍රොෆයිල් එක, තිබ්බ තොරතුරු ඔක්කොම අයින් කරලා දැම්මා, පින්තූරෙත් අයින් කලා, එහෙම කරලා ආයේ ඉල්ලුම් කලා ප්‍රොෆයිල් එකට, බුහ් හහ් හා

පැය 3ක් ඇතුලත එකව්න්ට් එක ආයේ වැඩ :D

මම මේක ලිව්වේ බැරි වෙලා හරි ආයේ කාගේ හරි එකව්න්ට් එකට මෙහෙම උනොත්, මේ විඩිහට කරලා බලන්න ගොඩක් දුරට හරියන්න පුලුවන් :)

Posted in , | 4 Comments

මොකාද මේ *** ?



ඔන්න තවත් එක දිනක් ( 11/05/04 ) සුපුරුදු පරිදි බස් පදින්න කියලා මේල් එක එහෙම ( රිකවර් කරගෙන ) ලොග් වෙලා ඔන්න ගියා බස් පැත්තේ ම්හු,

 වැඩ කරන්නේ නෑ කමෙන්ට් කරන්න බෑ, හිටපු ෆලෝවර්ස්ලා නෑ, බස් ප්‍රොෆයිල් එකට ගියාම එහෙම ප්‍රොෆයිල් එකක් නෑ ලූ ( හැබැයි බස් බලන්න පුලුවන් )

ගූගල් ප්‍රොෆයිල් එකට ගියාම දඩාර එරර් පොල්ලක් තියෙනවා, අරකයි මේකයි කියලා

පිලිවෙලට කියවලා බලද්දි කියලා තියෙනවා මොකෙක් හරි එකෙක් මාව රිපෝට් කරලා කියලා. ඒකත් වෙන්න පුලුවන් මොකද මේ මාස 5 ඇතුලත මගේ මේල් එකේ පාස්වර්ඩ් එක 4 පාරක් ගෙස්ට් කරන්න හදලා තියෙනවා

පසුව සොයා බලන විට සෝරෝටද මෙවැනි දෙයක් වී ඇත 

Posted in | 3 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.