Web Font වෙන බ්‍රව්සර් වලින් බලන හැටි..



වෙබ් ෆොන්ට් කියන්නේ අපේ පරිගනකයේ ඒ ෆොන්ට් එක නැති උනත් ඒ පිටුවේ තියෙන ටෙක්ස්ට් කොටස පෙන්නන විදිහක්, මූලිකවම වෙන්නේ ඒ ෆොන්ට් එක තාවකාලිකව ටෙම්පරි වලට ඩව්න්ලෝඩ් වෙන එක

හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඔය කියන වෙබ් ෆොන්ට් බලන්න වෙන්නේ IE නොහොත් Internet Explorer එකෙන් වීම

මේකට කලින් පොඩ්ඩක් මෙන්න මේ ලිපියත් බලලා එන්න, මෙතනින් මේ කියන වෙබ් ෆොන්ට් සහ වෙන සිද්දිය ගැන අවබෝධයක් ගන්න පුලුවන්,

මේකට පිලියමක් හොයද්දි ගූගල් එකෙන් තමයි ඔය ලින්ක් එකත් හම්බුනේ, ඔතන කියනවා වගේ ෆොන්ට් එක කන්වර්ට් කරන්න විදිහක් බැලුවට හම්බුනේ නෑ ඊට පස්සේ තමයි IE Tab ගැන හිතුවේ.


ක්‍රෝම් එකට නම් මේ Extension එක දාගන්න, Firefox එකට නම් පොඩ්ඩක් IE Tab කියලා සර්ච් කරලා එකක් අරන් බලන්න.


"Firefox එකට මෙන්න මේ ඇඩ් ඕන් එක ඉන්ටෝල් කළාම හරි! :)"  ( පූසට තැන්කූ )


ක්‍රෝම් එකේ එක ඉන්ස්ටෝල් උනාට පස්සේ උඩ බාර් එකට එන පොඩි අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Option යන්න

එතනින්

Icon Behaviour:
Switch between IE and Chrome
Popup menu 





කියන එකෙන් Popup Menu කියන එක දාලා Apply කරගන්න දැන් සාමාන්‍ය විදිහට ඔයාලට බලන්න ඕනේ සයිට් එකට යන්න, උදාහරනයකට රිවිර ගමු


ඊට පස්සේ අර කලින් ගිය අයිකන් එකම ආයෙත් ( Left ) ක්ලික් කරන්න එතනින් Switch To IE Model කියන එක දෙන්න එතකොට පිටුව ආයෙත් ලෝඩ් වෙයි ( සාමාන්‍ය වෙලාවට වඩා ටිකක් වෙලාව වැඩියෙන් යයි ) දැන් සිංහල පේන්න ඕනේ




ප.ලි = පෝස්ට් එක ටිකක් හදිස්සියෙන් වගේ ලිව්වේ ඒක හින්දා අව්ල් තියෙන තැනක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

12 Responses to Web Font වෙන බ්‍රව්සර් වලින් බලන හැටි..

  1. සානිකාට ස්තුති වේවා!!! :D

    ReplyDelete
  2. ආ අර සිද්ධිය නේද. එළ එළ වටින ලිපියක්!

    ReplyDelete
  3. Firefox එකට මෙන්න මේ ඇඩ් ඕන් එක ඉන්ටෝල් කළාම හරි! :)

    ReplyDelete
  4. ක්‍රොමෙට නම් ලස්සනට වැඩ :D තැන්ක් මචන් :)

    ReplyDelete
  5. @ChAnDiKa
    ඔව් නැත්නම් මටත් හොයන්න හිතෙන්නේ නෑ :D

    @පූසා
    එලස්, ලිපියටම දැම්මා ඒකත්

    @තොප්පියා
    :)

    ReplyDelete
  6. තැන්කූ වේවා... මේ උදියෝ හැමදාම ටෙක්නිකල් කෑලි ලිය ලිය ඉන්නේ නැතුව වෙන මොනවහරිත් ලියන්න ගත්තොත් හොද නැද්ද...

    ReplyDelete
  7. @කිඩෝ

    වෙන ලියන්න දේවල් නෑනේ බන් :\

    ReplyDelete
  8. ඇයි බොල ඔය ජීවිත අත්දැකීම් කියලා දෙයක් තියෙන්නේ

    ReplyDelete
  9. @කිඩෝ

    ජීවත කතා තිබ්බට ඒවා ලස්සනට ලියන්න බෑනේ :\, කතා ලීවීම අන්තිමයි

    ReplyDelete
  10. ela ela..danne meka dakke mama...bohomaisthuthi qwwata..

    ReplyDelete
  11. ගර්ර්ර්ර්ර්ර්ර් මුලන් එකක් ලියලා බලපිය මෙතන පේන කියන් නැතුව....

    ReplyDelete
  12. එල ක්‍රෝමෙ එලට වැඩ මචෝ. තැන්කිව් වේවා!!!11

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.