වෙස්සන්තර සහ මනමේ නාටකයේ අබිරහස් සොයා අතීතයට යන ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් Part 1




ඔන්න ඉතින් ඊයේ දවසේ රාත්‍රියේ, බස් පදින කට්ටියක් බස් නාට්‍ර්‍යක් පැවැත්වුවා :D, බස් පැදපු අය නම් ඉතින් කතාව දන්නව ඇතිනේ මොකද උනේ කියලා, ඒ අස්සේ මඩ නම් සෑහෙන්න ගියා ඒවා දාන්න නම් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනවා, ඒක නිසා බස් දෙකේ ලින්ක් දාන්නම් මඩ ඕනේ නම් ඒවාගෙන් අරන් බලන්න :D - නාට්‍යයේ දෙවෙනි කොටස ලගදීම :D

බලපු නැති අයට මෙන්න කතාව විතරක් :D

චරිත

ශර්ලොක් හෝම්ස් - Lasitha Benaragama
Dr. වොට්සන්  -  Randika Sedara
අයිරින් මහත්මිය - හසී
Mr. බොතේජු - සිහින
ලෙස්ට්‍රඩ් - රජිත්
මයිකල් - දැලා නොහොත් මම
සෝරෝ - සෝරෝම තමයි
අස්ප කරත්තය දක්කන (_)නා - වැපා
පීකර්, ශ්‍රව්‍ය උපකරණ සැපයුම්කරු / ගැලවුම්කරු - බීටල්


පොතේ ගුරා ආරම්භය  :-

ලන්ඩන් නගරයේ... බක්කරේ වීදියේ...
ෂරලොක් හොම්ස් නම්... නුවණැති බුවෙක් ඉන්නේ...




දිනක් මුන් දෙන්නා..චාටර් කකා ඉද්දී...
අයරින් කියාලා... එල කෑල්ලක් එන්නේ...


හෝම්ස් - වොට්සන් මගේ මිතුරා
ඔබට පේනවාද අර ඈතින් එන කත

වොට්සන් - කත නොවෙයි මිත්‍රයා ලද

හෝම්ස් - ඕනි එකක් යකෝ.. ඒ ලඳ එන්නේ කොහේ ඉඳන් කියලද හිතන්නේ....

වොට්සන් -  මට නම් හිතා ගත නොහැකියි ශර්ලොක්... දිව්‍යලෝකේ ඉදලා වගෙයි

හෝම්ස් - වොට්සන් අපි නිගමන වලට එනකොට බාහර ස්වරූපය අමතක කරන්න ඕනි. ඔබට පේනවාද අර.. ලඳට එහා පැත්තේ බාගයක් ගහලා වගේ වැනි වැනි එන අනෙක් පුද්ගලයා....

වොට්සන් - අහා.. ඔව් නේද.. සිනහවෙන් හෝ කතාවෙන් බෑ නේ මනින්නට මිනිසා
නමුත් ඈ මිනිසෙකු නොවෙයි නේ ගැහැනියක්

හෝම්ස් -  ඒ එන්නේ අයිරින් ඇඩ්ලර්. අසලින් එන්නේ ඇයගේ සහකරු බර්නාඩ් බොතේජු.. ඔහු ඉන්නේ කසිප්පු පානය කර.. ඇය එන්නේ යමක් නැතිකරගෙන හැඩයි.. මම දුටු රූමත්ම ලඳක් වොට්සන්.. බලමු අපි ඇය එන්නේ කුමකටද කියලා....

(පඩි නගින හඬක් ඇසේ.)

වොට්සන් - බලමු ශර්ලොක්... මොනා උනත් ඇයට පිහිට වීම අපගෙ යුතුකමනෙ

අයිරින් මහත්මිය - ටොක් ටොක් (දොරට තට්ටු කරයි)

හෝම්ස් - ඔව් මගේ හිතාදර වොට්සන් අපි බලමු ඇයට අපෙන් මොනවද කෙරෙන්න ඕනි කියලා. ඇය දැනටමත් ඇවිල්ලා වගේ

වොට්සන් - (*කරාස් වොට්සන් ගොස් දොර හරියි* ) ආ අයිරින් මැතිනිය .. ගුඩ්මෝනින්

හෝම්ස් - ආ එන්න අයිරින් මැතිනිය මොනවද ඔබ මේ පාර නැති කරගත්තේ.

අයිරින් මහත්මිය - ගුඩ් මෝර්නින්.... මට සර්ලොක් හොල්ම්ස් මහත්තයාව හම්බ වෙන්න පුලුවන්ද?

හෝම්ස් - මම තමයි සර්ලොක් හෝම්ස්.. මේ මගේ සහායක වොත්සන්..

වොට්සන් - කියන්න ඔබට ඕනම දෙයක් අපි ඕනම දෙයක් හොයල දෙන්නම්!

බොතේජු -  හලෝ මිස්ටර් සර්ලොක් මම තමයි මෙයාව ළඟදී විවාහ කරගතේ...

හෝම්ස් - ඔහු හොඳටම වෙරිමතින් වගේ ගැටළුවක් නෑ අපි කෙලින්ම කතාවට බහිමු මොකද වුනේ

අයිරින් මහත්මිය - ඇත්තටම මහත්මයා මේකයි කාරණේ..

බොතේජු -  මල්ලිගේ සුරුට්ටුව පොඩ්ඩක් දෙනවද

වොට්සන් - ආ මෙන්න මිස්ට බොතේජු

අයිරින් මහත්මිය -  ඉහි ඉහි ඉහි (ඉකිගසමින්)

ශර්ලොක් - බොන්න බොතේජු මහත්තයා දෙහි ටිකක් එතකොට ඔය ගතිය ඇරිලා යයි...

බොතේජු - මලේ මට ඇල වෙන්න තැනක නැද්ද??

වොට්සන් - මේ දෙහි ටික බීලම ඇලවෙන්න මහත්මයා

අයිරින් මහත්මිය - මහත්මයා මම මුල ඉදන්ම කියන්නම්.අපි කසාද බැන්දේ පෙරේදා......

හෝම්ස් - ඔය දෙහි ටික බ්ව්වාම හරියයි ඕවා බිබිලේ දොඩම් බොතේජු මහත්තයා

අයරින් අඩාලා, පොඩි කෝලමක් දාලා

වොට්සාට ඉඟි මරාලා... ලොකු කතාවක් පටන් ගත්තා

බොතේජු - බ්‍ර්ර්ර්........ බ්‍ර්ර්ර්ර්ර්.........

වොට්සන්ද ශර්ලොක්ට ඉගිකරයි

අයිරින් මහත්මිය - ඇත්තටම මගේ ජිවිතේ විනාස උනේ එදා තමා... පේනවානේ මේ මිනිහා කරන දේවල් ඉහි ඉහි

(මේ අතර බොතේජු බර නින්දේ...)

හෝම්ස් - කියන්න ඇඩ්ලින් මහත්මිය මොකද්ද ගැටළුව

අයිරින් මහත්මිය - ඇත්තටම ඔහු හොද ගතිගුණ තියෙන මහත්මයෙක්..එත්

වොට්සන් -  ඔව් ඔව් ඒක පේනව මැඩම් දැක්ක ගමන්ම

හෝම්ස් - නිරවුල්ව පවසන්න අයිරින් මහත්මිය

අයරින් මහත්මිය - අපි මදුසමයට පිටත් වෙලා ගිය දවසේ රෑ මේ මිනිහා හොදටම බිලා මේ වගේම වැටිලා හිටියා..

වොට්සන් - ඈ... පුදුම මිනිහෙක්නේ

අයරින් මහත්මිය - එදා රෑ මම කෑම කන්න යනකොට මෙයා කාමරේ ඉද්දි මම පහලට ගියා

හෝම්ස් -  ආ ඉතින් ඊට පස්සේ මොකද වුනේ

අයරින් මහත්මිය - ඉහි ඉහි ඉහි (ඉකිගසමින්)

හෝම්ස් - කීයට විතරද අයිරින්

අයරින් මහත්මිය - රාතී‍්‍ර 7ට පමණ

හෝම්ස් - ඉතින් ඊට පස්සේ මොකද වුනේ

 ( වොට්සන් පුංචි පොතක් ගෙන කියන දෑ ලියාගනියි )

අයරින් මහත්මිය - ඊට පස්සේ මම මෙයා කාමරේ ඉද්දි දොර ලොක් කරලා පහලට ගියා

වොට්සන් - ඔබට හොදටම විශ්වාසද දොර අගුලු දැම්ම කියල

අයරින් මහත්මිය -ඔව් මහත්මයාණෙනි

හෝම්ස් - ඉතින් ඊට පස්සේ මොකද වුනේ

අයරින් මහත්මිය-  මම කාලා එනකොට අයියෝ.... ඉහි ඉහි ඉහි

හෝම්ස් - වොත්සන් අයිරින් නෝනාට තුවායක් දෙන්න

අයරින් මහත්මිය- අනේ මහත්මයෝ.... මම හීනෙන් වත් නොහිතපු දෙයක් වෙලා තිබ්බා

( වොට්සන් කාමරයට පැමින තුවායක් සොයයි ) ආ මෙන්න අයිරින් නෝනා තුවායක් ( තුවාය ඉබ දෙයි )

හෝම්ස් - ආහ් මොකද්ද වෙලා තිබුනේ අයිරින් අපට වහා පවසන්න

අයිරින් මහත්මිය - (වොත්සන් දෙස බලා තුවාය අතට ගනිමින්)

 අයිරින් මහත්මිය - අපේ කාමරේ දොර ඇරලා තිබ්බා....

හෝම්ස් - ඊට පස්සේ මොකද වුනේ අයිරින්

 අයිරින් මහත්මිය -මම දුවගෙන ගියා කාමරේ ඇතුලට

වොට්සන් - ආ ඉතින් ඉතින්

හෝම්ස් - ඇයි එකපාර දුවන්න හිතුනේ

අයිරින් මහත්මිය - මගේ ස්වාමියාට කරදරයක් වෙලා ඇති කියලා හිතුනා

(මේ අතර බොතේජු : බ්‍ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් )

හෝම්ස් - කියන්න අයිරින් මොකද වුනේ.

වොට්සන් -ඇයි ඔබට ඒ නෝන වගේ දෙයක් හිතුනෙ ඒවගේ බොහොම ආරක්ශා ඇති හෝටලයකදි

බොතේජු - කවුද ඔය....... (සිහිනයෙන් මෙන්...)

හෝම්ස් - මොකද එකපාර එහෙම හිතුනේ ඔබේ කතාවල් හරිම අවුල් සහගතයි සන්සුන්ව කියන්න වොට්ස්න් අයිරින්ට බ්‍රැන්ඩි ස්වල්පයක් දෙන්න

බ‍රැන්ඩි හෙම පොවලා... අල්ලා වාඩි කරවා..
විස්තරේ කියන්නයි... ශර්ලොක්කා කියන්නේ.

( වොට්සන් ‍ලැබුන අවසරයෙන් ඉතා කලාතුරකින් අරින බැරැන්ඩි ඇති කබඩ් එක හැර බැරැන්ඩි ස්වල්පයක් බී ඉතිරි බැරැන්ඩි ටික ඇයට ගෙන ගොස් දෙයි )

අයිරින් මහත්මිය -ස්තුතියි ඔබට

හෝම්ස් - ඉතින් කියන්න අයිරින් ඊට පස්සේ මොකද වුනේ

අයිරින් මහත්මිය - මම දුවගෙන දුවගෙන ඇවිත් බලද්දී මගේ ස්වාමියා කලින් විදියටම නිදාගෙන හිටියා.. එත්

හෝම්ස් -  කියන්න අයිරින් මොකද වුනේ.

අයරින් කියන්නේ... ෂර්ලොක් අහන්නේ...

මගියෝ කෑගහන්නේ/නරඹන්නේ...

ඊට පස්සේ මොකද වෙන්නේ... ඒ...ඒ......ඒ...........ඒ.....................!!!

අයිරින් මහත්මිය -  මගේ මගුල් මුදුව අතුරුදහන් වෙලා තිබ්බා මම එතන තියලා ගිය

හෝම්ස් - ඕ අයරින් අයරින්.. ඔබ මීට වඩා කල්පනාකාරී විය යුතුව තිබුනා

වොට්සන් -  ඔබට හොදටම විශ්වාසද ඔබ මුද්ද එහි තබා ගියා කියා ( වොට්සන් කට බලියාගෙන බලා සිටී )

අයිරින් මහත්මිය - ඉහි ඉහි මෙවැනි හෝටලේක මෙය කෙසේ විය හැකිද? අනේ දෙවියනි හෙට මගේ මව මට හොදටම බනි

                            අනේ මගේ මුදුව සොයා දෙන්න

හෝම්ස් - කලබල වෙන්න එපා අයරින් සියල්ල මා හට බාර දෙන්න. දැන් ඔබ ගෙදර යන්න.. වොට්සන් ලෙස්ට්‍රේඩ්ට ඇමතුමක් ගන්න

බොතේජු - කවුද ඔය කා ගහන්නේ යකොව්.. මට ටිකක් නිදාගන්න දීපියව්ව්..... (බොතේජු අසිහියෙන් පවසයි)

අයිරින් මහත්මිය -බොතේජු නැගිටින්න.. අප ආපසු යා යුතුයි

හෝම්ස් - මම හිතන්නේ අපිට අස්ව කරත්තයක් වුවමනා වෙයි. ඉන්න අයිරින් මම උදව් කරන්නම්

 බොතේජු - මට බෑ ගෑනියේ... මං මේ කොහෙද ඉන්නේ.....

                 කවුද මේ හපුටෝ දෙන්න..

අයිරින් මහත්මිය - ස්තුතියි ඔබගේ උදව්වට

අයිරින් මහත්මිය - මෙහෙ එනවා මිනිහෝ මට ලෑජ්ජා නොකර

බොතේජු -  බෑ බෑ බෑ (ළදරුවෙක් මෙන් පවසයි)

දෙවෙනි කොටස සදහා මෙතනින් යන්න

අයිරින් මහත්මිය - සික් මෙහෙමත් බේබද්දෙක්..

වොට්සන් - ( වොට්සන් ඇමතුම ගනී ) මිස්ට ලෙස්ට්‍රේඩ් ... ඉක්මනින් බේකර් වීදියට එන්න.. ලොකු හදිස්සියක්

හෝම්ස් - ආ එය ගැටළුවක් කරගන්න එපා මමයි වොත්සනුයි ඔහුව අස්ව කරත්තයකට ඇරලවන්නම්

අයිරින් මහත්මිය - මට වචන නෑ ඔබට ස්තුති කරන්න

වොට්සන් - අනේ ඕක සුලුදෙයක් ... මීට වඩා ලොකු දෙයක් උනත් ඕනෙ වෙලාවක කියන්න

අයිරින් මහත්මිය - හ්ම්ම්..... (හොරැහින් බලමින්)

හෝම්ස් - ඔබ වැනි ලඳකට උදව් කිරීම සතුටක් අයිරින්. හෙට හෝටලයේදී හමුවෙමු මම හිතන්නේ ලෙස්ට්‍රේඩ් අපිට උදව් කරයි

ලෙස්ට්‍රඩ්-හදිසි රාජකාරි වගයක් තිබ්බා හෝම්ස්.ඒකයි පරක්කු උනේ

අයිරින් මහත්මිය - ස්තුතියි ඔබ දෙදෙනාටම අප ඉක්මනින් හමුවෙයි කියලා විස්වාස කරනවා

ලෙස්ට්‍රඩ්-ඇයි කාටහරි කරදරයක් වෙලාද?

වොට්සන් - ඔව් ඔව් අප දෙදෙනාත් එහෙම ප්‍රාර්ථනා කරනවා අයිරින් මහත්මිය

හෝම්ස් - ඔව් ලෙස්ට්‍රේඩ් අයිරින්ගේ මගුල් මුද්ද නැතිවෙලා අපිට හෝටලය පරික්ෂා කිරීමට ඔබේ උපකාර අවශ්‍යයි..

ලෙස්ට්‍රඩ් - ඔය මුද්ද ගත්ත එකා මට කවුද කියලා හිතාගන්න පුලුවන්

හෝම්ස් - හා හා ලෙස්ට්‍රේඩ් දැන්ම උපකල්පන වලට එලඹෙන්න එපා

 ( වොට්සන් අයිරින් මැතිනිය අල්වාගෙන හෙමින් පඩිපෙල බස්සවා අස්වකරත්තයට නග්ගයි )

බොතේජු - අඩෝ මාව දාල ගිහින්, ඔහේ හිටු මගාඩ් දෙන්නා..

හෝම්ට්  - දැන් තව ටිකකින් වොත්සන් එයි අපි ඔහු එනකම් ටිකක් ඉමු

ලෙස්ට්‍රඩ්  - මට නම් හිතෙන්නෙම ඕකට ගේම දුන්නේ සෝරෝවා.මිනිහගේ කල් ක්‍රියාව යහපත් නෑ.පෙර කළ වැරදි තියෙනවා හෝම්ස් මහත්මයා.

බොතේජු පාරට පැමිණ වෙනත් ටාට නැනෝ රථයක ගොඩ වෙයි - මේ මල්ලි මේකේ මීටරේට නේද ගාන කඩන්නේ

( වොට්සන් පට්ට ජොලියකින් පඩිපෙල නැග ශර්ලොක් දෙසට එයි )

හෝම්ස් - සෝරෝ කියන්නේ අර රූම් සර්විස් කරන කොළු ගැටයා නේද?

ලෙස්ට්‍රඩ් - ඔව් මහත්මයා.රෑම් සර්විස් කරන කොල්ලා තමයි.අද රංගගේ මගේ ලෝකය පෝස්ට් එකේ හිටිය බුලට් එක මතකයි නේ :D :D

හෝම්ස් - එහෙනම් ලෙස්ට්‍රේ පරීක්ෂන බලපත්‍රයත් එක් ඔබ හෙට හෝටලයට එන්න අපි උදේ 9 වනවිට හෝටලයේ ඉන්නවා

ලෙස්ට්‍රඩ් - හරි.හෙට උදේ මම 8.59 වෙනකොට අදාල ස්ථානයට වාර්ථා කරන්නම්.සුභ ගමන් හෝම්ස් මහත්මයා

හෝම්ස් - සුබ සන්ධ්‍යාවක් ලෙස්ට්‍රේඩ්

වොට්සන් - එහෙනම් වෙලාවට ඉන්න ලෙස්ට්‍රේඩ්

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං තිරය වැසේ විරාමය....

__________________________________________________________________________________


කට්ටිය නිශ්ශබ්ද වන්න.........


෴෴෴තිරය විවෲත වේ෴෴෴


හෝම්ස් -  වොට්සන් ඔබ ලෑස්තිද තව විනාඩ් පහකින් අස්ව කරත්තය එනවා..

වොට්සන් - පොඩ්ඩක් ඉන්න ශර්ලොක් ඊයෙ බැරැන්ඩි බීල පොඩ්ඩක් බඩේ අමාරුව වගෙයි මම වැසිකිලියට ගිහින් එන්නම්

හෝම්ස් - වොට්සන් හරිද ඔබ... අස්ව කරත්තය පැමිණිලා...

වොට්සන් - ආහ් හරි ශර්ලොක් දැන් යමු මම ලෑස්තියි

(කරත්තය දක්කාගෙන වැපා පැමිණේ)

හෝම්ස් - අයිරින් වෙලාවට එතනට එන්න පුළුවන් අපි මේක දිහා මැදහත් විදිහට බලමු වොත්සන් දැන් අපිට ඉන්නවා ලෙස්ට්‍රේඩ් කියන විදිහට සැකකාරයෙක් සෝරෝ රූම් සර්විස් බෝයියා

( හෝම්ස්ට දුරකතන ඇමතුමක් )

( රිග්ස් යයි බිසී )

හෝම්ස් - අයිරින් කෝල් කරනවා වොත්සන් අපි මම හිතන්නේ වෙලාවට ආවා

වොට්සන් - ආ ඈ ද කෝල් කරන්නේ ( වොට්සන් හොරැහින් අංකය බලාගනී )

හෝම්ස් -  හලෝ අයිරින් අපි මේ අස්ව කරත්තෙන් බැසගත්තා විතරයි.. ඔයා කොහෙද ඉන්නේ

අයිරින් මහත්මිය - හලෝ මම මේ එනගමන් ටිකක් ඉන්න හෝම්ස් මහත්මයාණෙනි

හෝම්ස් - අයිරින් එනකම් අපි රූම් බෝයි සමග ටිකක් කතා කරමුද වොත්සන්

වොට්සන් - ඔව් ඒක හොදයි ශර්ලොක් .. මිනිහව තමයි මටත් හොදටම සැක ... මීට කලිනුත් මිනිහ කොච්චර දේවල් වලට අහුඋනාද

හෝම්ස් - නෑ වොත්සන් අපි නිරවුල්ව මේක දිහා බලන්න ඕනි.. එක පැත්තකින් බැලුවොත් අපිට වැඩේ වරදිනවා අපි දැනට හිතමු සෝරෝ නිවැරදියි කියලා

මයිකල් - හෙලෝ හෝම්ස් මහත්මයා, ලෙස්ට්‍රඩේට එන්න විදිහක් නෑ කිව්ව, ඒ වෙනුවම මම ආවා, කෝ දැන් අයරින් මෙනෙවිය

හෝම්ස් - කමක් නෑ මයිකල්.. අපට ලෙස්ට්‍රේඩ්ගෙන් අවශ්‍ය දේ කෙරුනා. ඔබ සෝරෝ අඳුනනවානම් ඔහුට කතා කරනවානම් ලොකු උදව්වක්.

සෝරෝ -  මහත්වරුනි ඔබලා මාව සෙව්වාද

මයිකල් - හෝම්ස් මහත්මයා මට පේන විදිහට සෝරෝව කවුරු හරි මත් ද්‍රව්‍ය වලින් මත් කරලා වගේ, අපි වෙන දවසක ප්‍රශ්න කිරීම් කලොත් හොදයි වගේ

වොට්සන් - මම කිව්වේ ශර්ලොක් .. මේ ‍සෝරෝ කොලුවා හරිම පිස්සු බූතයෙක් .. මේකා අදත් මොකක් හරි නරක බීමක් බීලා වගෙයි

හෝම්ස් -  නෑ ඒ ඔහුගේ හැටි.. ඔහුට පොඩි මානසික ගැටළුවක් තියෙනවා අපි ප්‍රවේසමෙන් ප්‍රශ්න කරමු.. වාඩිවෙන්න සෝරෝ..

(සෝරෝ පුටුවක් ලඟට ගෙන විමතියෙන් බලමින් වාඩි වෙයි)

හෝම්ස් - සෝරෝ පෙරේදා හවස 6ට විතර අළුත බැඳපු ජෝඩුවක් හිටියා ඔබට බාරවෙලා තිබුන කාමරයක් මතකද

සෝරෝ - ඔවු ඔවු හ​ට මතකයි....

                ඒ නෝනා ලස්සන නෝන කෙනෙක් නොවෑ.............. මට මතකයි මූනත්.....

( වොට්සන් සෝරෝ දෙස බලා ඔරවයි )

හෝම්ස් - නියමයි සෝරෝ.. ඇයගේ මංගල මුද්ද එදා නැතිවුනා ඔබට මතකද

සෝරෝ - ආ ඔවු ඔවු මට මතකයි ඒ නෝනගේ මුද්ද නැති වුනා කියලා කිවුවා...

හෝම්ස් - මහත්තයා බීලා හිටියා මතකයි නේද? මහත්තයා ඇතුලේ දාලා නෝනා දොර ලොක් කලා මතකද?

සෝරෝ - ඔවු ඔවු ඒ මහත්තයා කන පැලෙන්න බීලා හිටයේ මම තමයි බෝතලේ ගිහින් දුන්නෙත්

(දැන් අයිරින් මහත්මිය මෙම ඉස්තානයට පැමිණේ)

අයිරින් මහත්මිය -  හලෝ මහත්වරුනි

සෝරෝ -  ඒ නෝනා මුද්ද නෑ කියලා අඩ අඩ හිටියේ..... මාත් එක්ක කතා කර කර හිටියා ගොඩක් වෙලා....
මහත්තයට නම් සිහියක් තිබුනේ නෑ

හෝම්ස් - ආ එන්න අයිරින් අපි මේ සෝරෝ එක්ක ටිකක් කතා කර කර කර හිටියේ...

වොට්සන් - හලෝලෝ අයිරින් මහත්මිය ( වොට්සන්ද ඉදිරියට පැන අත සිපගනී )

අයිරින් මහත්මිය - හෝම්ස් මහත්මයාණෙනි ප්‍රගතියක්‌ තිබේද? (ලැජ්ජාවෙන් වොත්සන් දෙස බලමින්)

හෝම්ස් - සෝරෝ මේ නෝනා පහලට යනාකොට සෝරෝ කොහෙද හිටියේ..

මයිකල් - අයිරින් මහත්මිය මේ ශර්ලොක් මහත්මය ප්‍රශ්න කරමින් ඉන්නේ ,පරිස්සමින් මහත්මිය වොට්සන් දැන් ටිකකට කලින් නහය හෑරුවා :P

අයිරින් මහත්මිය - මොනවා ඉකේයියා

                            (වොත්සන් දෙස බලා ඔරවමින්)

හෝම්ස් - වෙන කවුරුත් එනවා දැක්කද සොරෝ ඹබ එනකොට කාමරේ දොර ඇරලද තිබුනේ

සෝරෝ - ඔවු ඔවු දොර ඇරලා තමා තිබුනේ.... මහත්තයට දෙහි එක පොවලා මම ගියා පහලට..

හෝම්ස් - හරි බොහොම ස්තූතියි සෝරෝ.. වොට්සන් අපි දැන් යමු කාමරේ බලන්න

බොතේජු -  අනේ අයිරින් මගේ පන... මොකෝ මෙතන වෙන්නේ.... මාත් ආවට කමක් නැද්ද

අයිරින් මහත්මිය - බොතේජු.. එන්න ස්වීට් හාට්...

බොතේජු -  එදා මං ඔබ තුමන්ලා දෙන්නට කරදර කලානම් සමා වෙන්න

වොට්සන් - අනේ නෑ බොතේජු මහත්මයා .... ඔබ දෙදෙනාත් අපි සමග ආවොත් හොදයි කාමරේ ලගට

 බොතේජු - කමක් නෑ... මං මෙහි සිටින්නම්... ඔබ අයිරින්ව රැගෙන යන්න...

( වොට්සන් සිතයි... ඒක හොදයි... උබ එලියෙ ඉදපන් )

අයිරින් මහත්මිය - යමු ස්වීට් හාට් අපි දෙන්නත් (බොතේජුගේ අතේ එල්ලී)

මයිකල් - එන්න හෝම්ස් මහත්මයා මම ඔබට කාමරේ පෙන්වන්නම්

බොතේජු - ඔයා යන්න අයිරින්.... (ගියායින් පස්සේ තව බෝතලයක් ඕඩර් කරන්න ඕනේ)

අයිරින් මහත්මිය -  බිලාම නැහෙනවා මේ මිනිහා.....(සිතමින්)

හෝම්ස් - රහසින් - වොට්සන් මෙතන බොතේජුත් කොනක ඉන්න පුළුවන් කියන එක මතක තියාගන්න. සිතේ තබාගන්න වොට්සන් සිද්ධියක් විසඳන්න පෙර කවුරුත් නිවැරදිත් නඍ වැරදිත් නෑ

වොට්සන් - රහසින් .... - ඒක හරි ශර්ලොක් .... මටත් මිනිහවඅල්ලන්නෙ නෑ ( මිනිහ කූඩු කලොත් මම ගොඩ ... හහ්හහ් හා )

මයිකල් - මහත්වරුනි අප දැන්වත් කාමරේ බලන්න යමු නේද

හෝම්ස් - කොතනද අයිරින් මුද්ද තිබුනේ

අයිරින් මහත්මිය -  අන්න අර කන්නාඩි මේසේ උඩ...

හෝම්ස් - එතකොට බොතේජු මහත්තයා හිටියේ ඇඳ උඩද නැත්නම් සෝපාව උඩද?

අයිරින් මහත්මිය - අනේ මගේ මුදුව ඉහි ඉහි ඉහි

                             සෝපාවේ හිටියේ

( සර්ලොක් කාමරය පුරා යමක් සොයමින් ඇවිදී)
(වොත්සන් අයිරින් සමග කතා බහක.................)

වොට්සන් -  මට ඔබ ගැන හරිම දුකයි අයිරින් මහත්මිය ... මම කිව්වෙ ඔබට උනු දේ ගැන

අයිරින් මහත්මිය - හ්ම්ම්ම්.. ඔබ කියන්නේ මුදුව ගැනද නැතිනම් මගේ ස්වාමියා ගැනද? (මුණ රතු කරගනිමින්)

වොට්සන් - ( දුක් මුසු ආදරනීය කාරුනික මුහුනින් )... මම කීවෙ ඒ දෙකම ගැන අයිරින් ... ඔබට කොහොම ඉන්න පුලුවන් කෙනෙක්ද .. මට හරිම දුකයි

අයිරින් මහත්මිය - මුදුව මට වටිනා වස්තුවක්..... එත් එක පලදවපු පුද්ගලයා ගැන ඔබටම පේනවනේ ඉහි ඉහි ඉහි

වොට්සන් - ඒකනේ මට දුක අයිරින් ( සෑඩ් මූඩ් )

අයිරින් මහත්මිය - මම මගේ ජීවිතේම නැති කරගත්තා බේබද්දෙක්ට රැවටිලා....... (අඩමින්)

 (මේ අතර බොතේජු VAT 69 වර්ගයේ මත්පැන් බෝතලයක් තොල ගායි)

මයිකල් - ශර්ලොක් ලොක්කා, වොට්සන් මහත්තයා එන පොට නම් හොද නෑ

වොට්සන් - අපි ඒකටත් මොනව හරි දෙයක් කරන්න බලමු අයිරින් මහත්මිය ( ශර්ලොක් පැමිනෙනු පෙනී වොට්සන් පසෙකට වේ )

අයිරින් මහත්මිය - මගේ මුදුවේ ප්‍රශ්නේ මදිවාට මම ඔබට වෙන දේවලුත් කියවනවා.. බොතේජු මොනවා කරනවාද දන්නේ නෑ

හෝම්ස් - අයිරින් කිසි දේකට බය වෙන්න එපා. දැන් වැඩේ විසඳුනා කියලා හිතාගන්න. වොත්සන් දැන් අපිට යන්න වෙලාව හරි.. යමු අයිරින් ඔබව අස්ස කරත්තෙකට ඇරලවන්න

වොට්සන් - ( අයිරින්ගේ කනට කර රහසින් ) බොතේජු මහත්මයා නම් පුදුම මිනිහෙක් නේද මහත්මිය ... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි පිට අය වෙච්ච අපි මෙච්චර මහන්සි වෙත්දි මේ මනුස්සයා බොනව ...

අයිරින් මහත්මිය -මිනිස්සුන්ගේ ගති අපිට වෙනස් කරන්න බෑනේ වොත්සන් මහත්මයා, මොනවා උනත් ඔහු මගේ සැමියා

හෝම්ස් - බොතේජු මහත්තයා ඔන්න ඔබගේ භාර්යාව රැගෙන ආවා දැන් අප යායුතුයි. ඔබලාට අස්ව කරත්තයක් සූදානම්ව ගේට්ටුව ලඟ නවතා තියෙනවා

අයිරින් මහත්මිය - එහෙනම් ඔබ මට ඉක්මනින් මුදුව සොයා දෙයි කියා මා සිතනවා

බොතේජු - මල්ලි මං පොඩ්ඩක් ඩා ගත්ත... පොඩ්ඩක් දෙන්නද.. මහන්සිත් ඇතිනේ...

අයරින් මෙහත්මිය - බොතේජු (කෝපයෙන් රවමින්)

වොට්සන් - පේනව නේද මහත්මිය ... මොහුත් එක්ක තව දුරටත් එකට ඉන්නවද කියල හොදට හිතල බලන්න ... (පැණි මූන)

බොතේජු -  අරි අරි...... ඉඳල හිටලා පොඩ්ඩක් ගත්තට මක වෙනවෙයි..... නේද මල්ලේ

අයරින් මෙහත්මිය - හොදයි මහත්මයා ඔබේ අදහස මම සලකා බලන්නම් (හොරැහින් බලමින්)

හෝම්ස් - එහෙනම් අයිරින් අපි සමුගන්නවා.. නොබෝ දිනකින් අපි හමුවේවි.. සුබ ආරංචියක් එක්කම...

අයිරින් මහත්මිය - ස්තුතියි හෝම්ස් මහත්මයා

වොට්සන් -  ( පට්ට හැපියෙන් ) එසේනම් අපි කොහොම හරි ඔබේ මුද්ද සොයා දෙන්නම් අයිරින් ...( ශර්ලොක්ට හොරෙන් ඉතා සෙමින් ) සොයා                           දෙන්න බැරි උනොත් අලුතින් එකක් හරි අරන් දෙන්නම් කෝ.... එසේනම් පසුව හමුවෙමු

මයිකල් - එහෙනම් මහත්වරුනි, අයිරින් මහත්මිය, මමත් නැවත පොලිසියට යන්නම්, ඔබලාට සුබ ගමන්

               (රහසින්) නෝනා වොට්සන් මහත්මයගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න, බොයිලර්නේ

අයිරින් මහත්මිය - ස්තුතියි මයිකල් මහත්මයා (මෙයා කිව්වේ ඇත්ත..)

( සියලු දෙනාම හෝටලයෙන් පිට වේ )

ට්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.............

(තිරය වැසේ)


Posted in . Bookmark the permalink. RSS feed for this post.

28 Responses to වෙස්සන්තර සහ මනමේ නාටකයේ අබිරහස් සොයා අතීතයට යන ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් Part 1

  1. අඩෝ ඉෂා නියමයි බොල වැඩේ.. මං හිතුවේ නෑ මේ තරම් උඹ සප් එක දෙයි කියල... එල එල... උඹ මරු බං..

    ReplyDelete
  2. හි හි නියම නාට්‍යය :)

    ReplyDelete
  3. ශා.හෙන ආතල් වැඩක් වගේ.මමත් එනවා අද මේක බලන්න. :D

    ReplyDelete
  4. @තිශ්

    හික් හික්, මේක එඩිට් කරලම එපා උනා බන් :P

    @හසී
    යා.....ස්

    @පාල
    උබ ඉතින් බැලුවේ වේදිකාව පිටිපස්සෙන් ඉදන්නේ :D

    ReplyDelete
  5. මාත් බැලුවා නොවැ ඔය නාට්‍ය පැත්තකට වෙලා රට කජු ගොට්ටක් කන ගමන්

    එලයෑ ..ඊලඟ කොටසින් හමු වෙමු

    ReplyDelete
  6. නියම නාට්‍යයක් නේ. ලස්සනයි.

    ReplyDelete
  7. @වැප්
    එලස්

    @මදුරංග
    තෑන්කු

    ReplyDelete
  8. අසිකිත වොට්සා....

    ReplyDelete
  9. මේ ටිකේ නෙමෙයි බං ජොලි කෑලි ටික... ප්‍රේක්ශකාගාර කෑලි ටික දැම්ම නම් මරු.. ඒටික නම් සිරාම සිරා :D

    ReplyDelete
  10. @සුලා
    ලොල් :D

    @සහෝ
    අම්මෝ ඒවාත් දැම්මා නම් මේ පෝස්ට් එක මේ වගේ පස් ගුනක් විතර දිග වෙනවා, :D, ඒකයි බස් වල ලින්ක් ටිකත් දැම්මේ අන්තිමට :P

    ReplyDelete
  11. හහා :D ජොලි :D මං බාගයක් කියෙව්වා. ඉතුරු ටික අනිද්දා කියවන්නම් කෝ :)

    ReplyDelete
  12. අඩේ ෆට්ටා ! මම මේ අමාරුවෙන් කපල කොටලා තවම ලියනවා පොස්ට් එක මගේ එකත් දාන්නම්කො තව පොඩ්ඩකින්

    ReplyDelete
  13. pattane ban.mama dan dakke meka.maru athal ne..

    ReplyDelete
  14. මේකෙන් ආයි බස් නැගලා යනවා, පහුගිය ටිකේ ටිකක් අඩු වෙලා වගේ තිබුනේ :-D

    ReplyDelete
  15. අම්මෝ ඊයේ මට හිනාවෙලා පන ගියා...සුපර් ආහ්..මතකයි නේද ප්‍රේකශකාගාරේ කතා තමා අහන් ඉන්න බැරි...හෙහේ...

    ReplyDelete
  16. නාට්ටිය සෝයි... කස්ටිය හොදට වැඩේ කරල තියේ...
    සුබ පැතුම් දිගටම කරමු.. :)

    ReplyDelete
  17. @ශේන්යා
    :P

    @Dar[K]
    ඔව් බන් මමත් මේක පැය 3ක් විතර හැදුවා, එපා උනත් ෆන් හින්දා කරලා දැම්මා :D

    @දිලීප
    ඇයි බන් ඒ වෙලාවේ මම කිව්වේ චැට් එකෙත්

    @ම
    ඔව් ඒක නම් ඇත්ත, ඊයේ දවසට විතරක් බස් කීයක් කැඩුනද කීයක් දිව්වද :D

    @නිම්ශා
    ඒකනේ අපි කිව්වේ ඔය බොක්ස් තියෙන පැත්තට යන්න එපා කියලා :P

    @හිම කුමාරි
    ඔය කශ්ටියත් ඉන්න ඕනේ දිගටම :D

    ReplyDelete
  18. කෝ බං අපි අමාරුවෙන් දාපු ප්‍රේක්ෂක ප්‍රතිචාර ටික :D

    ReplyDelete
  19. @පූසා
    ඒවා බස් එකේ බන්, ඒවා මෙතන දාන්න බෑ :P

    ReplyDelete
  20. බලපන් මට දිගටම බලන්න බැරි වුනානේ ඉහි ඉහි පාට් 3 යනකොට මටත් කතාකරපන්...

    ReplyDelete
  21. මංචිත් ඔය පැත්තෙ ඇවිත් සද්දෙ නැතුව බලාන හිටියා.. :D

    ReplyDelete
  22. @කිඩෝ
    උබට මේල් එක දුන්නේ ඒකනේ බොල දාපන් කියලා

    @මකුලු
    ඔව් ඔව් මටත් මතකයි හිටියා වගේ පුටුවක් අස්සේ :D

    ReplyDelete
  23. කට්ටියගෙ අයිඩියාස් නම් මරු..

    ඒත් මේ දැවැන්ත චරිත මේ වගේ හෑල්ලුවට ලක් කරපු එකට නම් මම කැමති නෑ.. ඒත් ඒක කරපු මුල්ම කට්ටිය ඔයාල නෙවෙයි කිලයත් මම දන්නවා..

    ReplyDelete
  24. @මාරියෝ

    අපි කිසිම චරිතයක් හෑල්ලුවට ලක්කරන අදහසින් කලේ නෑ, අපි ඒ විදිහට කතාව එක එක පැති වලට හැරෙව්වේ කතා පොතේ තියෙන ඒවගෙන් එහාට යන්න ඕනේ නිසයි, අනික කතා පොතේ තියෙන විදිහටම ගියා නම් ඒ බස් වල තියෙන ප්‍රේක්ශක ප්‍රතිචාර වලින් බාගෙයකට වඩා අඩු වෙන්න තිබුනා

    ReplyDelete
  25. මම එච්චර ලොකු වැරැද්දක් කිව්වේ නෑ.. පරණ එවා දාන එකටනම් මමත් කැමති නෑ.. මොකද ඒවා දන්න කතා නේ.. අනික ආතර් කොනන් ඩොයිල් මේ චරිත අනිත් අයටත් හසුරුවන්න නිදහස දීලනෙ තියෙන්නේ..

    ෂර්ලොක් කියලා ටී.වී. සිරීස් එකක් 2010 ආවා කට්ටිය ඒක බැලුවද? ෆිල්ම් එක නෙවෙයි.. අන්න ඒකෙ නම් මේ චරිත වර්ථමානයේ ජීවත් වන චරිත විදියටම හදලා තියනවා. වොට්සන් ලග N8 ෆෝන් එකක් තියෙන්නේ.. එයා කතා ලියන්නේ බ්ලොග් එකක.. ‍පොඩ්ඩක් ඒකත් බලන්න.. එකෙ නියමෙට නිරීක්ෂණ -> නිගමන තාර්කිකව තියනවා වර්ථමානයට හරියන විදියට..:D

    කට්යියගෙ නිර්මාණය මම අගය කරනවා.. අනිවා අද හවස 6.30 ට මම මේක අහනවා... මම මගේ අදහසයි දුන්නේ.. නැතුව අඩු පාඩු කිව්ව නෙවෙයි... :-)

    ReplyDelete
  26. @මාරියෝ

    අලේ මමත් මේ නිකන් ආතල් එකට වගේ කිව්වේ :P
    අපිටත් ඕනේ උනේ කට්ටියගෙ බස් පැදිල්ල ටිකක් නගාසිටුවලා ගන්න, නැත්නම් අර පරන විදිහටම දෙබල් ගියා නම්, වොට්සන් ඔහොම පැනි චරිතයක් නොකලා නම්, අර තියෙන ප්‍රේක්ශක ප්‍රතිචාර ඔක්කොම මිසින් නේ :D

    ඔව් මමත් ඒ ටීවී සීරියස් එක ගැන හොයලා බැලුවා, බලමු ඒකත් බාන්න අදහසක් තියෙනව :D

    ReplyDelete
  27. @මරියො! ටි වි සිරිස් එකෙ කතා එපිසොඩ් 3යි නෙ ආවෙ :/

    ReplyDelete
  28. යකෝ ගැලරියේ උන්නු අපි කෝ

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.