හොදම වයිරස් ගාඩ් එක [ Best Virus Guard ]

ගොඩක් දෙනෙක්ට තියෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි හොදම වයිරස් ගාඩ් එක මොකක්ද ? කියන එක

මේ වගේ ප්‍රශ්නයක් ෆෝරම් එකක හරි ගෲප් එකක හරි අහලා උත්තර දෙන්න ගියොත් අනිවා මරනයක් :D, ඇයි ඉතින් එකෙක් කියයි කැස්පර්ස්කයි කියලා තව එකෙක් අවාස්ට් කියයි තව අවීරා, බිට් ඩිෆෙන්ඩර්, MSSE ලෝකේ නැති එව්වා කෝටියක් කියයි

මම හිතන දන්න විදිහට ඔය හැමෝම කියන්නේ තමන් පාවිච්චි කරලා හොදම එක මිසක් රේටින් වලින්වත්, ආරක්ශාවෙන්වත් නෙමෙයි

ඉතින් මගේ පුද්ගලික මතය නම් ඔයාට හොදයි කියලා හිතන ඒවා ගන්න, අරගෙන එක එක දාලා පාවිච්චි කරලා බලන්න,

මමත් ඔහොම කරලා කරලා, දැනට අවාස්ට් + ට්‍රීට් ෆයර් වලින් නැවතිලා ඉන්නේ


මෙන්න මම පාවිච්චි කරපුවා සහ ඒවා ගැන හිතන දේ

McAfee - ඉස්සෙල්ලාම දැම්මේ වර්ශන් 6ද කොහෙද පලවෙනි කොම්පීටරේට, ඒච්චරයි ඒක ඉවරයි මැශින් එකට බර වැඩී :P


AVG - මෙලෝ රහක් නෑ මැශිමට බර විතරයි, අවීරා වල ප්‍රොටෙක්ශන් එක ඊට වඩා හොදයි


Avira - හොදයි හැබැයි එක පාරක් හරි වයිරස් එකක් ඇවිල්ල ඇලෝ කරොත් ජනෙල් කුඩු කරනකම්ම කිසි කතාවක් නෑ


ESET Nod 32 - දාපු වෙලාවේ සිට රීස්ටාට් වීමක් සිදු උනි


Bit Defender -  ඉන්ස්ටෝලරයේ අව්ලක් නිසා නොසලකා හරිද ලදි


Kaspersky -  මට සෙට් වෙන්නෙත් නැත මගේ පීසී එකට සෙට් වෙන්නෙත් නැත, 75% මෲදුකාංග අව්ල් යන ලදි


Symantec - දැනට පාවිච්චි කරපු ගොඩක්ම හොද වයිරස් ගාඩ් එකක්.


MSSE -  මයික්‍රෝසොෆ්ට් සමාගමින් නොමිලේ ලබාදේ, මෙයත් ඉතා හොදයි, වින්ඩොව්ස්ට් විස්ටා සහ 7 පමනි, එක් වරක් අප්ඩේට් කිරීමක් අතර මගදී විදුලි විසංදි වීමක් නිසා මේ වන විට පීසී එකෙහි ක්‍රියා නොකරයි


Avast - නොමිලේ දෙන වර්ශනය මේ වන විටත් පාවිච්චි කරමින් පවතී, අප්ඩේට් වීමෙන්ද ආරක්ශාවෙන්ද ඉතාමත් හොදයි


ThreatFire - සම්පූර්ණ ඇන්ටිවයිරසයක් නොවුනත් දැනට දමා ඇති ඇන්ටිවයිරස මෲදුකාංග වලට සප් එකක් විදිහට ක්‍රියා කරයි ( අප විසින් විවෲත කරන මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් වෙනත් මෲදුකාංගයකට ඇතුල් වීමට උත්සාහ කරයි නම් එය වහාම පෙන්වයි, එම කාර්ය ඇතැම් වයිරස් ගාඩ් වලින් සිදු කලද ඇතැම් වයිරස් ගාඩ් වලට එය කල නොහැක, එම නිසා ඕනෑම ගාර්ඩ් එකක් සදහා ට්‍රීට් ෆයර් තිබීම යෙහෙකි )

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

17 Responses to හොදම වයිරස් ගාඩ් එක [ Best Virus Guard ]

  1. McAfee,Avira,Kaspersky,e_scan තුළ කටු කා සිටින මගේ ගේ compiගේ දැනට ආරක්ෂකයා ඔහුය.ඉතින් මගේ පළමු මනාපය ඔබ සේම ඔහුටය අනේ මගේ පණ Symantec... :P

    ReplyDelete
  2. මම නම අවාස්ට් තමා දිගටම.. ආරක්ෂාව සුවර්.. දැන් අවුරුද්දක ‍ෆ්‍රී ලයිසන් එකකුත් දෙනවා නොවැ

    ReplyDelete
  3. මම මුළින්ම පාවිච්චි කලේ Symantec. ඉන්පසු Kaspersky කාලයක් භාවිතා කලා. දැන් අවුරුද්දක වෙලේ සිට Avira භාවිතා කරමි. ඒ ඒ කාලයට ඒ ඒ ප්‍රතිවෛරස මෘදුකාංගය හොඳවුනා. මම නම් හිතන්නේ දැනට හොඳම එක Bit Defender තමයි.

    ReplyDelete
  4. මං මේ නිකමට වගේ බැලුවා මගේ මොකක්ද කියලා.. එහෙම එකක් නැහැනේ :D

    ReplyDelete
  5. හික් හික්....මම නම් පාවිච්චි කරන්නේ ඩෙටෝල් සබන්....

    ReplyDelete
  6. AVAST හොදායි :D එල ගාඩ් එක

    ReplyDelete
  7. @චතුමිතු

    මටත් හම්බෙච්ච හොදම ගාඩ් එකක් :)

    @චතූ
    ඔව් මමත් ෆ්‍රී වර්ශන් එක අරගෙන රෙජිස්ටර් කරලා තියෙන්නේ

    @චතුරංග පෙරේරා
    Bit Defender එක හොදයි කියලා නම් කියනවා, නමුත් මට සෙට් උනේ නෑ ඒක හරියට :\

    @බනී
    ෆෙඩෝරානේ :D

    @රත්තා
    වැඩක් නෑ අප්ඩේට්ස් නෑනේ :P

    ReplyDelete
  8. මගේ තේරීම IObit Malware Fighter ... http://iobit.com/
    දැනට නම් එල

    ReplyDelete
  9. අඩේ බනියා උඹ පාවිච්චි කරන වරිගෙම තමා මාත්...

    ReplyDelete
  10. @අත්වැල

    හ්ම්ම්, මීට කලින් නම් අහලා නෑ, බලමු කවදා හරි ට්‍රයි කරන්නම්කෝ

    @මාරයියා

    :O , මාරයියත් ෆෙඩෝරාද ?

    ReplyDelete
  11. hey me mathana kauruwath AVG aka gana mukuth kiyanne nane? ai a?hoda nathi nisada?

    ReplyDelete
  12. @Good බබා

    AVG ගැනත් කියන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ දැනුයි ඒකත් මතක උනේ:\

    මගේ අදහස - මෙලෝ රහක් නෑ මැශිමට බර විතරයි, අවීරා වල ප්‍රොටෙක්ශන් එක ඊට වඩා හොදයි

    ReplyDelete
  13. මමත් 2004-2011 ඒ කියන්නේ මේ දක්වාම AVG ම තමා.. කිසි අවුලක් තාම නම් නෑ...

    ReplyDelete
  14. mamath 2004 indan 2011 dakwama AVG thama dagena inne.. kisi aulak na

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.