හොදම වයිරස් ගාඩ් එක [ Best Virus Guard ]

ගොඩක් දෙනෙක්ට තියෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි හොදම වයිරස් ගාඩ් එක මොකක්ද ? කියන එක

මේ වගේ ප්‍රශ්නයක් ෆෝරම් එකක හරි ගෲප් එකක හරි අහලා උත්තර දෙන්න ගියොත් අනිවා මරනයක් :D, ඇයි ඉතින් එකෙක් කියයි කැස්පර්ස්කයි කියලා තව එකෙක් අවාස්ට් කියයි තව අවීරා, බිට් ඩිෆෙන්ඩර්, MSSE ලෝකේ නැති එව්වා කෝටියක් කියයි

මම හිතන දන්න විදිහට ඔය හැමෝම කියන්නේ තමන් පාවිච්චි කරලා හොදම එක මිසක් රේටින් වලින්වත්, ආරක්ශාවෙන්වත් නෙමෙයි

ඉතින් මගේ පුද්ගලික මතය නම් ඔයාට හොදයි කියලා හිතන ඒවා ගන්න, අරගෙන එක එක දාලා පාවිච්චි කරලා බලන්න,

මමත් ඔහොම කරලා කරලා, දැනට අවාස්ට් + ට්‍රීට් ෆයර් වලින් නැවතිලා ඉන්නේ


මෙන්න මම පාවිච්චි කරපුවා සහ ඒවා ගැන හිතන දේ

McAfee - ඉස්සෙල්ලාම දැම්මේ වර්ශන් 6ද කොහෙද පලවෙනි කොම්පීටරේට, ඒච්චරයි ඒක ඉවරයි මැශින් එකට බර වැඩී :P


AVG - මෙලෝ රහක් නෑ මැශිමට බර විතරයි, අවීරා වල ප්‍රොටෙක්ශන් එක ඊට වඩා හොදයි


Avira - හොදයි හැබැයි එක පාරක් හරි වයිරස් එකක් ඇවිල්ල ඇලෝ කරොත් ජනෙල් කුඩු කරනකම්ම කිසි කතාවක් නෑ


ESET Nod 32 - දාපු වෙලාවේ සිට රීස්ටාට් වීමක් සිදු උනි


Bit Defender -  ඉන්ස්ටෝලරයේ අව්ලක් නිසා නොසලකා හරිද ලදි


Kaspersky -  මට සෙට් වෙන්නෙත් නැත මගේ පීසී එකට සෙට් වෙන්නෙත් නැත, 75% මෲදුකාංග අව්ල් යන ලදි


Symantec - දැනට පාවිච්චි කරපු ගොඩක්ම හොද වයිරස් ගාඩ් එකක්.


MSSE -  මයික්‍රෝසොෆ්ට් සමාගමින් නොමිලේ ලබාදේ, මෙයත් ඉතා හොදයි, වින්ඩොව්ස්ට් විස්ටා සහ 7 පමනි, එක් වරක් අප්ඩේට් කිරීමක් අතර මගදී විදුලි විසංදි වීමක් නිසා මේ වන විට පීසී එකෙහි ක්‍රියා නොකරයි


Avast - නොමිලේ දෙන වර්ශනය මේ වන විටත් පාවිච්චි කරමින් පවතී, අප්ඩේට් වීමෙන්ද ආරක්ශාවෙන්ද ඉතාමත් හොදයි


ThreatFire - සම්පූර්ණ ඇන්ටිවයිරසයක් නොවුනත් දැනට දමා ඇති ඇන්ටිවයිරස මෲදුකාංග වලට සප් එකක් විදිහට ක්‍රියා කරයි ( අප විසින් විවෲත කරන මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් වෙනත් මෲදුකාංගයකට ඇතුල් වීමට උත්සාහ කරයි නම් එය වහාම පෙන්වයි, එම කාර්ය ඇතැම් වයිරස් ගාඩ් වලින් සිදු කලද ඇතැම් වයිරස් ගාඩ් වලට එය කල නොහැක, එම නිසා ඕනෑම ගාර්ඩ් එකක් සදහා ට්‍රීට් ෆයර් තිබීම යෙහෙකි )

Posted in , , | 17 Comments

කියන්නේ නම් කස්ටමර් කෙයා කියලා.....




අද නම් ශ්‍රී ලංකා ටෙලිකොම් එපාම උනා, ඒකට හේතුව උනේ ඒකේ කස්ටමර් කෙයා කියලා හදුන්වන එක,

හේතුව උනේ යාලුවෙක් ජන්ජාල කැෆේ එකක් දානවා කියලා එතන රව්ටර් එකයි නෙට්වර්ක් එකයි හදන්න කියලා මට කතා කලා, ඉතින් මමත් ගියා ගිහිල්ලා වැඩේ පටන් ගත්තා උදේ 10ට විතර

පටන් ගත්තු ගමන් වැඩේ අව්ල්, රව්ටර් එක කනෙක්ට් කරන්න දෙන්නේ නෑ යූසර් නේම් එක හරි පාස්වර්ඩ් එක හරි වැරදී කියලා, ඔහොම දෙතුන් පාරක් චෙක් කලත් එකම අව්ල තියෙන්නේ

මොනවා කරන්නද කියලා ගත්තා මේ සම්බන්ධව අහන්න තියෙන නම්බර් එකට ( 1243 ) පැයක් තිස්සේ ට්‍රයි කරලත් ගන්න බැරි උනා කෝල් එක, හැම තිස්සේම වගේ රින්ග්ස් ගිහිල්ලා බීඊඊඊඊඊඊඊඊඊඊඊඊප් ගාලා කන කැඩෙන්න වගේ සද්දයක් එනවා, 

බැරිම තැන කට්ටිය වැඩි ඇති කියලා හිතාගෙන ඉවසන් ඉදලා ආයෙත් ගත්තා, පරන විදිහටමයි
බැරිම තැන ඒ ප්‍රදේශයට අදාල ප්‍රදේශයේ ටෙලිකොම් එකට කතා කළා, 

( කටහඩ ) ලස්සන ගෑනු ලමෙක් ඉදගෙන මට බනක් කියන්න පටන් ගත්තා :D, ඒකත් බොහොම අමාරුවෙන් අහන් ඉදලා ඇහුවා මට මේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුලුවන්ද කියලා, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ අහපු එක පැත්තකින් තියලා විනාඩි තුනකින් විතර කියනවා "අපිට මෙහෙන් කරන්න බෑ ඒක 1243 ට කෝල් එකක් අරන් කියන්නලු, ( ඇයි දෙයියනේ 1243 වැඩ නම් උන්ට කෝල් ගන්නවැයි )

ඒකත් තියලා දැන් ආයෙත් 1243ට ගන්න ට්‍රයි කරනවා, කොහොම හරි දවසෙන් බාගයක්ම ට්‍රයි කළත් කෝල් එකක් ගන්න බැරි උනා, ඊට ටිකකට පස්සේ යාලුවගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ඇතුලේ ඉන්න කෙනෙක්ගෙ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් දීලා තමයි වැඩේ කරගත්තේ,

මම අහන්නේ මේ හදිස්සියකට කෝල් එකක් ගන්න බැරි කස්ටර්මර් කෙයාර් මොකටද කියලා :\

Posted in | 10 Comments

හිට්ස් වලින් සල්ලි හොයමු [ Making Money With Web Hitz ]


ඔන්න වෙනදා වගේම තවත් ටෙකියක් උස්සන් ආවා,ටෙකි නොබලන්නෝ මාරුවෙන්න :(


 සමහරු දැකලා ඇති ඔය ජොබ්ස් සයිට් වල තියෙනවා මගේ වෙබ් සයිට් එකට මෙච්චර හිට්ස් ගානක් අරන් දුන්නොත් මෙච්චරක් ගෙවනවා, මගේ බටේ වීඩීයෝ එකට මෙච්චරක් වීව්ස් දුන්නොත් මෙච්චරක් ගෙවනවා කියලා, ඒ වෙලාවට මේ වගේ දෙයක් කරලා ඒ වැඩේ ගොඩ දාගන්න පුලුවන්

ඉතින් ඔය වැඩේ කරන්න පොඩි පොඩි සොෆ්ට්වෙයා එහෙමත් තියෙනවා ඒවා ඉතින් නිකන් දෙන්නෙත් නෑ, ක්‍රැක් ගැන ශුවර් කරන්නත් බෑ, එච්චර දගලන්නේ නැතුව සරලවම කරන්න තමයි දැන් කියලා දෙන්නේ

ඉතින් අපිට ඔය කියන වැඩෙ සරලවම වෙබ් බ්‍රව්සර් එකකින් කරන්න පුලුවන් ඒ තමයි ඔපෙරා බ්‍රව්සරය
ඕනේ නම් ඉතින් අරන් ඉන්ස්ටෝල් කරගන්න Opera.com/download

කරන තියෙන වැඩේ සරලයි

ඉස්සෙල්ලාම හිට්ස් උවමනා කරන ලින්ක් එකට නෝමල් විදිහට යන්න ( තමන්ගෙම වීඩියෝ එකක් නම් ප්‍රතිඵල ඉක්මනටම බලාගන්න පුලුවන් )

ඊට පස්සේ ඒ පිටුව උඩ රයිට් ක්ලික් කරලා

Reload Every > ඒ පිටුව රීෆ්‍රෙශ් වෙන්න ඕනේ කාලය දෙන්න



ඔයාගෙම වීඩියෝ එකකට මේ වැඩේ කරලා බලන්න, එතකොට මයි වීඩියෝස් වල ඉක්මනටම පෙන්නනවා

මේක මම බ්ලොගේටත් කරලා බැලුවා වැඩේ සාර්ථකයි 

යන වෙලාවත් එක්ක වැටෙන හිට්ස් ගාන බැලුවොත්

තත්පර 5 = 1 Hit
මිනිත්තුවකට = හිට්ස් 12 යි
පැයකට = හිට්ස් 720යි

හිට්ස් 1000ක් වගේ ඕනේ නම් පැය 1 1/2 වගේ :D

අවවාදයයි = HSDPA කට්ටිය පරිස්සමින් මොකද හිට් එකක් කියලා වැටුනට අපි ඇත්තටම ඒ පිටුව බ්‍රව්ස් කිරීමක් වෙන්නේ

Posted in , , | 7 Comments

ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...



කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි

ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම්

ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක

මේ ලින්කුවෙන් ඒක ගන්න

ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක්

හරි ඊට පස්සේ ඔයාගේ කුකීඑක තියෙන සයිට් එකට ( ඒ කියන්නේ කුකී එක අදාල සයිට් එක, උදා Hotfile, Fileserve, Filesonic ඔය වගේ ) යන්න

ඊට පස්සේ ඒ සයිට් එකේ ඉදිද්දි Cookie Injector එකේ අයිකන් එක උඩ කොටන්න
එතකොට මෙන්න මේ වගේ පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් එක්ක කොටසක් විවෲත වෙයි

අපැහැදිලී නම් පින්තූරය උඩ කොටන්න

ඊට පස්සේ ඔය ඔයා ලග තියෙන කුකී එක ඔය ටෙක්ස්ට් බොක්ස් එකට දාලා "Inject Cookie" කරන්න
එතකොට සයිට් එක ඔටෝම රී ෆ්‍රෙශ් වෙයි, ඔයා එකව්න්ට් එකකට ලොග් වෙලා තියෙයි

( කවුරු හරි මේවගේ ප්‍රීමියම් එකව්න්ට් ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න, එහෙම උනොත් අපිට ඒවා ලබා දෙන්න පුලුවන් )

Posted in , , , , , , , | 5 Comments

( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....

අද නම් පොඩි උපදේශයක්

ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව

බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි

හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි

ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ඩොන්ගලෙන් අදින කෙනා කියල 8GB අදින්නේ බොහොම අමාරුවෙන්

හැබැයි මේ සමහර අයගේ බ්ලොග් ලෝඩ් වෙන්න ගියාම මම නම් හිතන්නේ මෙගාබයිට් 10ක් වත් යනවා :D (  ඔහොම බලන්න එපා බොලව්, මම කුනෙක් නෙමෙයි )

නමුත් මේ බ්ලොග් ලියන ගොඩක් අය කරන පොඩි වැරැද්දක් තියෙනවා ඒ තමයි බ්ලොග් එකට ලෝකේ වටේම තියෙන අරවයි මේවයි ඔක්කොම ඔබන එක , ( ඔව් ඒක තමන්ගේ කැමැත්ත තමයි හැබැයි කියවන්න වෙන්නේ අපිට නේ ඉතින් අපිට මොකක්ද මොකක්ද වගේ )

උදාහරනයක් විදිහට ගත්තොත්, සමහර අයගේ බ්ලොග් වල ( මේක සයිට් වලටත් අයිතී )

ඔරලෝසු
මව්ස් එකට බ්ලොග් එකේ නම දාපු වලිග
සෝශල් සවිස් වලට ශෙයාර් කරන්න තියෙන කෑලි 2ක් 3ක්
මාලු ටැoකි ( ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් ටැoකියට නම් අව්ලක් නෑ :P )
තරුවැල්
කඩා වැටෙන තරු
ඔය සයිඩ් බාර් එකට ඔබන එක එක ගැජට් කෑලි
අලි පත සයිස් බැක්ග්‍රව්න්ඩ් එක ( ටුවිටරේ ප්‍රොෆයිල් එකක් වගේ )
ඔය එක එක ඇඩ් එබීම්

මේ වගේ දේවල් නිසා සමහර අයගේ සයිට් ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩියක්වත් යනවා, සමහර අයගේ ඒවා ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ බ්‍රව්සරේ රව්ම තාම කැරකෙනවා




මේක බලන්න මේතන ශෙයාර් කරන්න තුන් විදිහටක තියෙනවා, ඉතින් මේ තුනෙන්ම වෙන්නේ එකම දේ නේ අපි උනත් වැඩිම උනොත් ටුවීට් කරයි, බස් ශෙයා කරයි නැත්නම් පොතට ශෙයා කරයි, ඉතින් මෙච්චර ගොඩක් තියෙද්දි ටිකක් අව්ල් අව්ල් වගේනේ

මේ වගේ තව සෑහෙන්න තියෙනවා, ඉතින් පොඩ්ඩක් මොනවා හරි යොදද්දී ඒක තැනට ඔබින විදිහට දාන්න මතක තියාගන්න

ඔරලෝසුව දාලා තියෙන එක ගමු, 

ඉතින් අපේ ගෙදරත් ඔරලෝසුවක් තියෙනවා නම් කොම්පීතරෙත් මොන ඔපරේටින් සිස්ටම් එක උනත් වෙලාව තියෙනවානේ, ඉතින් එහෙව් එකේ ඇයි ඔරලෝසුවක්

මේ ලගදි ගෑනු ලමයෙක්ගේ බ්ලොග් එකක දැක්කා තරු කඩා හැලෙනවා, මව්ස් එක එහාට මෙහාට යන්නේ පැන පැන :D

ඉතින් මේ වගේ දේවල් තියෙද්දි අපිට කමෙන්ට් කරන්න තියා ලෝඩ් වෙනකන්වත් ඉන්න පුලුවන් කමක් නෑ

ඔය ශෙයාර් බටන් තුන තියෙන කෙනා මේක බැලුවොත් පොඩ්ඩක් සමාව බාජනය කරන්න ඒකම ගත්තාට

මම නම් කියන්නේ පුලුවන් තරම් බ්ලොග් එකේ දාලා තියෙන ගැජට් කෑලි අඩු කරන්න, අවශ්‍යම දේවල් විතරක් තියන්න


එහෙනම් අද පාඩම ඉවරයි :P

Posted in , , | 22 Comments

බස් පැදීමට නැවතත් [ Back To Buzz ]



මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ

මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ

ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන්

ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන එක හරි ගිහින්ද කියලා

යටින් තිබ්බා ආයේ එකව්න්ට් එක රික්වෙස්ට් කරන එක ඒක කලත් හරි ගියේ නෑ

දවස් තුනකින් පස්සේ බැලුවත් හරි ගිහින් තිබ්බේ නැති නිසා නිකමට කියවලා බැලුවා මොනවා හින්දාද මේක සස්පෙන්ඩ් කොරලා තියෙන්නෙ කියලා, හෙන දිග හෑල්ලක් තියෙනවා එකක් ප්‍රොෆයිල් පික් එකලු, අනිත් එක මම දීලා තියෙන තොරතුරු බොරු එව්වාලු :D

මොන කෙහෙල්ගහක්ද කියලා ගත්තා ප්‍රොෆයිල් එක එඩිට් කලා ප්‍රොෆයිල් එක, තිබ්බ තොරතුරු ඔක්කොම අයින් කරලා දැම්මා, පින්තූරෙත් අයින් කලා, එහෙම කරලා ආයේ ඉල්ලුම් කලා ප්‍රොෆයිල් එකට, බුහ් හහ් හා

පැය 3ක් ඇතුලත එකව්න්ට් එක ආයේ වැඩ :D

මම මේක ලිව්වේ බැරි වෙලා හරි ආයේ කාගේ හරි එකව්න්ට් එකට මෙහෙම උනොත්, මේ විඩිහට කරලා බලන්න ගොඩක් දුරට හරියන්න පුලුවන් :)

Posted in , | 4 Comments

මොකාද මේ *** ?



ඔන්න තවත් එක දිනක් ( 11/05/04 ) සුපුරුදු පරිදි බස් පදින්න කියලා මේල් එක එහෙම ( රිකවර් කරගෙන ) ලොග් වෙලා ඔන්න ගියා බස් පැත්තේ ම්හු,

 වැඩ කරන්නේ නෑ කමෙන්ට් කරන්න බෑ, හිටපු ෆලෝවර්ස්ලා නෑ, බස් ප්‍රොෆයිල් එකට ගියාම එහෙම ප්‍රොෆයිල් එකක් නෑ ලූ ( හැබැයි බස් බලන්න පුලුවන් )

ගූගල් ප්‍රොෆයිල් එකට ගියාම දඩාර එරර් පොල්ලක් තියෙනවා, අරකයි මේකයි කියලා

පිලිවෙලට කියවලා බලද්දි කියලා තියෙනවා මොකෙක් හරි එකෙක් මාව රිපෝට් කරලා කියලා. ඒකත් වෙන්න පුලුවන් මොකද මේ මාස 5 ඇතුලත මගේ මේල් එකේ පාස්වර්ඩ් එක 4 පාරක් ගෙස්ට් කරන්න හදලා තියෙනවා

පසුව සොයා බලන විට සෝරෝටද මෙවැනි දෙයක් වී ඇත 

Posted in | 3 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.