( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....

අද නම් පොඩි උපදේශයක්

ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව

බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි

හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි

ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ඩොන්ගලෙන් අදින කෙනා කියල 8GB අදින්නේ බොහොම අමාරුවෙන්

හැබැයි මේ සමහර අයගේ බ්ලොග් ලෝඩ් වෙන්න ගියාම මම නම් හිතන්නේ මෙගාබයිට් 10ක් වත් යනවා :D (  ඔහොම බලන්න එපා බොලව්, මම කුනෙක් නෙමෙයි )

නමුත් මේ බ්ලොග් ලියන ගොඩක් අය කරන පොඩි වැරැද්දක් තියෙනවා ඒ තමයි බ්ලොග් එකට ලෝකේ වටේම තියෙන අරවයි මේවයි ඔක්කොම ඔබන එක , ( ඔව් ඒක තමන්ගේ කැමැත්ත තමයි හැබැයි කියවන්න වෙන්නේ අපිට නේ ඉතින් අපිට මොකක්ද මොකක්ද වගේ )

උදාහරනයක් විදිහට ගත්තොත්, සමහර අයගේ බ්ලොග් වල ( මේක සයිට් වලටත් අයිතී )

ඔරලෝසු
මව්ස් එකට බ්ලොග් එකේ නම දාපු වලිග
සෝශල් සවිස් වලට ශෙයාර් කරන්න තියෙන කෑලි 2ක් 3ක්
මාලු ටැoකි ( ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් ටැoකියට නම් අව්ලක් නෑ :P )
තරුවැල්
කඩා වැටෙන තරු
ඔය සයිඩ් බාර් එකට ඔබන එක එක ගැජට් කෑලි
අලි පත සයිස් බැක්ග්‍රව්න්ඩ් එක ( ටුවිටරේ ප්‍රොෆයිල් එකක් වගේ )
ඔය එක එක ඇඩ් එබීම්

මේ වගේ දේවල් නිසා සමහර අයගේ සයිට් ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩියක්වත් යනවා, සමහර අයගේ ඒවා ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ බ්‍රව්සරේ රව්ම තාම කැරකෙනවා




මේක බලන්න මේතන ශෙයාර් කරන්න තුන් විදිහටක තියෙනවා, ඉතින් මේ තුනෙන්ම වෙන්නේ එකම දේ නේ අපි උනත් වැඩිම උනොත් ටුවීට් කරයි, බස් ශෙයා කරයි නැත්නම් පොතට ශෙයා කරයි, ඉතින් මෙච්චර ගොඩක් තියෙද්දි ටිකක් අව්ල් අව්ල් වගේනේ

මේ වගේ තව සෑහෙන්න තියෙනවා, ඉතින් පොඩ්ඩක් මොනවා හරි යොදද්දී ඒක තැනට ඔබින විදිහට දාන්න මතක තියාගන්න

ඔරලෝසුව දාලා තියෙන එක ගමු, 

ඉතින් අපේ ගෙදරත් ඔරලෝසුවක් තියෙනවා නම් කොම්පීතරෙත් මොන ඔපරේටින් සිස්ටම් එක උනත් වෙලාව තියෙනවානේ, ඉතින් එහෙව් එකේ ඇයි ඔරලෝසුවක්

මේ ලගදි ගෑනු ලමයෙක්ගේ බ්ලොග් එකක දැක්කා තරු කඩා හැලෙනවා, මව්ස් එක එහාට මෙහාට යන්නේ පැන පැන :D

ඉතින් මේ වගේ දේවල් තියෙද්දි අපිට කමෙන්ට් කරන්න තියා ලෝඩ් වෙනකන්වත් ඉන්න පුලුවන් කමක් නෑ

ඔය ශෙයාර් බටන් තුන තියෙන කෙනා මේක බැලුවොත් පොඩ්ඩක් සමාව බාජනය කරන්න ඒකම ගත්තාට

මම නම් කියන්නේ පුලුවන් තරම් බ්ලොග් එකේ දාලා තියෙන ගැජට් කෑලි අඩු කරන්න, අවශ්‍යම දේවල් විතරක් තියන්න


එහෙනම් අද පාඩම ඉවරයි :P

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

22 Responses to ( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....

  1. මගේ බ්ලොග් එකේ යන එන තැන් කියලා බ්ලොග් රෝල් එකේ දාල තියෙනවා ලොකු ලිස්ට් එකක්. ඒකත් මේ ලෝඩ් වෙන්න පරක්කු වෙන සීන් එකට හේතුවක් වෙනවද??

    ReplyDelete
  2. http://aiddami.blogspot.com/ බලහන් මේකේ අඩුපාඩු මන් අලුත් බන් blog ලියන්න

    ReplyDelete
  3. අලේ ගැජට් අඩු කරලා අඩු කරලා තවත් අඩු කරන්න මට බෑ........

    ලිපිය නම් වැදගත්. මොකද ඔයා 8ජීබීයකින් බලද්දි. මං 1 ජීබීයකින් යන්නේ........

    ReplyDelete
  4. @දුකා අයියා

    දුකා අයියගේ බ්ලොග් එක එහෙම බරක් නෑ

    එහෙම දිග ලිස්ට් එකක් දැම්මට අව්ලක් නෑ, අව්ලක් ආවොත් එන්නේ ඒ පෝස්ට් වල පින්තූරේ තම්බ්නේල් එක ලෝඩ් වෙද්දි තමයි

    @aiddami

    බ්ලොග් එක හොදයි හැබැයි තව මොනවා මොනව හරි ලෝඩ් වෙනවා වගේ දැනෙනවා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔන්න හොදම හොද ලිපියක්..ඇත්තටම මම දැන් කාලෙක ඉඳලා කියන දෙයක් ඔය..විශේෂයෙන්ම ගෑනු ළමයින්ටනං පෞද්ගලිකවම කතා කරලා කියනවා අනේ චුට්ටක් අපි ගැන හිතලා ඔය ගැජමැටික්ස් අහක් කරන්න බලන්න කියලා..අපි සල්ලි කාරයෝ නෙවෙයිනේ බං..කොහොම හරි 3GB කනෙක්ෂන් එහෙකින් මේකේ ඉන්නේ ඔරලෝසුයි තරු වැල් කඩා වැටෙනවා බලන්නයි නෙවෙයිනේ..ඒවා තව කොහෙන් හරි බලන්න බැරියෑ...

    ඉතිං එහෙම පොඩ්ඩක්වත් නම්‍යශීලී වෙන්නේ නැතිව තව තවත් කෑලි එල්ලන බ්ලොග් වලටනං මං දැන් යන්නේම නැති තරං...

    අනික් දේ තමයි එහෙම කෑලි වැඩි බ්ලොග් වල කියවන්න දේවළුත් හරි අඩුයි.. එහෙම නැති බ්ලොග් තියෙන්නේ බොහෝම අල්පයයි..ලියන කෙනා බ්ලොග් එක තොරණක් කරන්න යනවා අඩුයි. බ්ලොග් එක ලස්සන කරන්න ඕන ලියන දෙයින් මිස සැරසිලි වලින් නෙවෙයි. මේ මගේ පෞද්ගලික මතය..මීට විරුද්ධ මත තියෙන්න පුළුවන්..ඒත් ඉතිං අපි වගේ දුප්පත් එව්වෝ ගැනත් කස්ටිය හිතනවනං ලොකු දෙයක්...

    ReplyDelete
  7. සටිපිකෙට් ට්රු, සමහර ඒවා නොකියවම යන්න යන්නෙ ඔය ලෝර්ඩ් වෙන්න යන වෙලාවනිසා. අනිත් මගුල තමා මොන්ටිසෝරි ටීචර් කෙනෙක් එනවා කොමෙන්ට් දාන්න ගියාම ඉංග්‍රීසි හෝඩිය වැල් අකුරෙන් ලිව්වම අපිට අඳුනන්න පුලුවන්ද බලන්න (වර්ඩ් වෙරිෆිකේෂන්)

    ReplyDelete
  8. @හා පැටික්කී

    1ජීබී වලින් කොහොමද අප්පා මාසයක් දුවන්නේ :O


    @මාරයාගේ හෝරාව

    එකෙන්ම මාරයියේ
    මම මේ පෝස්ට් එක සෑහෙන කාලෙක ඉදලා දාන්නම් කියලා හිතන් හිටියට කට්ටියගෙන් හොදට අහගන්න වෙයි කියල දැම්මේ නෑ
    ඇත්තටම බ්ලොග් එකක වැදගත් වෙන්නේ තියෙන ලිපි මිසක් ඔය සැරසිලි නෙමෙයිනේ

    ReplyDelete
  9. @Observer

    හික් හික්, මම නම් මොන්ටිසෝරි ටීචර්ට යන්න කියලා දඩ බල්ලෙක්ව දාලා තියෙන්නේ ( කමෙන්ට් මොඩරේශන් :P )

    ReplyDelete
  10. ඒකනේ කියන්නේ......
    දස්සතාව. 2ජීබී පනින්නැ වැඩි උනත් කවදාවත්. බස් පැදලා බ්ලොග් කියවලා. හැබැයි ඔය ගැජමැටිස් තියන බ්ලොග් මට අහුවෙලා තියනවනම් අඩුයි. අනික පළවෙනිපාර ගියාමම එතන්ට ආයේ යන්නැති තරමයි.

    ReplyDelete
  11. මගේ බ්ලොග් මම ඔය ගැන සැලකිලි මත් වෙනවා මොකද සමහර වෙලවට net slow උනාම මටවත් යන්න බැනේ එක නිසා. එත් ඔය ගැජට් ගැන මම ලියනවා දාගන්න එක දාගන්න උන්ගේ වැඩක් නැත්තම් ම‍ට ලියන්න දෙයක් නැනේ.

    ReplyDelete
  12. හොද ලිපියක් මටත් මේ ප්‍රශ්නෙ තිබුන ඉස්සර.. දැං මම ADSL. ඒකෙනං ඉතිං අවුලක් නෑනෙ.
    මගේ බ්ලොගයෙත් වැඩි ලෝඩ් වෙනවනම් කියන්න.. :)
    ස්තූතියි ලිපියට..

    http://himakumari.blogspot.com/

    ReplyDelete
  13. මේකත් අව්ලක් නෑ හිම කුමාරි

    ReplyDelete
  14. ඒ මචං උදියෝ මගේ බ්ලොගේ එහෙම අවුල් තිබුනෙ නෑ නේද බන් ටිකක් බලපන් http://anything4every1.blogspot.com ... මේ මචං මටනං පේන්නෙ aiddamiගෙ බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලාව යන්නෙ අර ෆොටෝස් ටික නිසා ද කොහෙ ටිකක් බලපන් පේජ් එකකට පෝස්ට් 7ක් ෆොටොස් ගොඩක් තියන නිසා පොඩ්ඩක් කේස් ඕක පේජ් එකකට පෝස්ට් 5ක් නැත්තං 4ක් විතර කරානං හරි යයි මම හිතන්නේ බලපන්.... වෙන අවුලක් නං පේන්න නෑ...

    ReplyDelete
  15. වැදගත්.
    මං නං කතන්දරේට පින්තූරයක් දැම්මත් ලෝ-රෙසලූෂන් කරලා තමයි දාන්නේ.

    ReplyDelete
  16. ane udiya mage ekath poddak balapanko

    http://dileepas.blogspot.com/

    ReplyDelete
  17. හික්ස්ස් මම නම් ඔය ගැජට් කෑලි ගැන දන්නේ නැති නිසා හොඳයි.. බ්ලොගර් 1න් හදලා දුන්න විදියට බ්ලොගය එහෙමම තීයෙනවා.. මොනවා වුනත් මේව දැනන් ඉන්න 1 හොඳයි නේ

    ReplyDelete
  18. මගේ බ්ලොග් එකේ තිබ්බ කෑලි කෑලිත් අඩු කරලා සරල තීම් එකක් දැම්මා ඊයේ පෙරේදාවක.. දැන් ලෝඩ් වෙනවා සෝයි එකට.. :D

    ReplyDelete
  19. වදන් නැහැ කියන්න ........
    සෑහෙන්න වැදගත් .........

    ReplyDelete
  20. @කිඩෝ
    පොඩ්ඩක් බැක්ග්‍රව්න්ට් ඉමේජ් එක හදන්න වෙයි මචන් :)

    @කතන්දර
    ඔව් ඒකෙනුත් පෝස්ට් එකේ බර අඩු කරගන්න පුලුවන්

    @දිලීප
    තාම නම් අව්ලක් නෑ :P

    @රවීන්
    ඔව් දැනගන්න ඕනේ හැබැයි ඔක්කොම ටික දාල පුරවන්න හොද නෑ

    @ලමයා
    අනේ වාසනාවන් :D

    @කල්හාර දිසානායක
    තෑන්කූ

    ReplyDelete
  21. හලේ මතාන් මගේ සයිට් එකත් පොඩ්ඩක් බලහන් ලෝඩ් වෙන්න ඔය වගේ වෙලාව යනවද කියල ? මොකද මොබිටෙල් කනෙක්ෂන් යුස් කරන යට බ්ලොග් එක ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩි 2 ක් වත් යනවලු :(
    http://dayariya.dcreation.info/

    ReplyDelete
  22. @Dar[K]

    මමත් මොබිටෙල් නම් තමයි මචන් හැබැයි මගේ නම් ඉක්මනට ලෝඩ් වෙනවා තත්පර ගානයි යන්නේ

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.