TV සීරියස් බැලිල්ල...


මම සාමන්‍යෙන් ෆිල්ම් බැලුවට TV  සීරියස් බලන්නේ නෑ හැබැයි මීට ටික කාලෙකට කලින් පිස්සා පලාමල්ලට ඔබපු පෝස්ට් එකකින් ඒ දවස් වල ගිය ටීවී සීරියස් ගැන කතා කරලා තිබ්බා

මම සාමාන්‍යයෙන් ටීවී සීරියස් මෙහෙම  බලන්නේ නැති උනාට ඉස්සර ඉස්කෝලේ යද්දී මේක තියෙන දවස් වලට මට විතරක් ක්ලාස් නෑ :P 

සමහර කතා බලලා තිබ්බාට ඒවගේ නම් වත් මතක නෑ ( පොඩි කාලේ බලපුවානේ :P )
කොහොම හරි ඉතින් මට මතක මතක විදිහට ඒ ලිපියේ කමෙන්ට් කලා මෙහෙම එකක් මතකද කියලා කොහොම හරි එතනින් හරී - පිණිපළස , naya, Sheshanie   සහ  pissi යන කට්ටියට සහ පිස්සාට පිo සිද්ද වෙන්න අමතක වෙලා තිබ්බ කතා වල නම් හොයා ගත්තා ඒ තමයි

පරිගණක දඟයෝ - Crash Zone (TV Series 1999–2001)
The Zack File's
Woof!

මෙතනින් The Zack File's කියන එක එදාම යූටියුබ් එකේ තිබිලා පටන් ගනිද්දි ඇහෙන සද්දෙට ආයෙත් පොඩි කාලෙට ගියා වගේ හිතුනා :D

ඊට පස්සෙ හොයලා බලද්දි Woof! එකේ කොටස් කීපයක් නම් Youtube එකේ තියෙනවා, Zack එකත් තියෙනවා Crash Zone එක තාම හොයන්න බැරි උනා :P

Zack File's හොයාගෙන යද්දි මගේ බුකියේ ඉන්න යාලුවෙක් කිව්වා මිනිහා ලග සීසන් 2 එක තියෙනවා කියලා, උන්න හැටියට මලා මදැයි කියලා ඒක අරන් ආව, මේ පෝස්ට් එක ලියන්නෙත් ඒක බලන ගමන් :P

දැන් ඊලගට ගන්න තියෙන්නේ පිස්සාගෙන් මායා බන්ධන එකයි, ඔය Crash Zone එකයි :D

ප.ලි The Zack File's එකේ සීසන් 2 එක කාට හරි ඕනේ නම් කියන්න :)

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

7 Responses to TV සීරියස් බැලිල්ල...

  1. The Zack File's පොඩිම පොඩි කාලෙ (දැන් ලොකුයි කියනව නෙමෙයි) බලපු ආසම කරපු එකක්. සීසන් 2 එකක් තියනව කියල දැනගෙන හිටියෙ නෑ. ඒක බලන්න තියෙනවනම් ලොකු දෙයක්.

    ReplyDelete
  2. @isuru71

    ඔව් මම නම් තාමත් මේකට මාරම ආසයි,සීසන් 02 එකේ ඉන්නේ සැක් ටිකක් ලොකු දවස් වල, ඒකත් පට්ට :D

    ReplyDelete
  3. මටත් ඔය TV Series බැලිල්ල නම් තදේටම තියෙනවා.Zack's Files Download කරගන්න තැනක් නැද්ද. අහ් කවුරු හරි බබාලන්තයටයි,කව්ද බොයිටයි තියෙන English Names දන්නවනම් කියන්නකෝ

    ReplyDelete
  4. @෴උදියා෴

    Zack File's වලට නම් මචන් එකම ටොරන්ට් එකයි මට හම්බුනේ

    http://www.demonoid.me/files/details/2554907/0014914945038/?rel=1303754814

    සීඩ්ස් නම් එකක්වත් නෑ, මට සැක් ෆයිල් දුන්න යාලුවත් ඕකෙන්ම තම්යි අරන් තියෙන්නේ ( දෙවෙනි එපීසෝඩ් එකට විතරක් සති දෙකයි දවසක් ගිහිල්ලා තියෙනවා )

    උබ මේක ගන්නවා නම් මටත් පලවෙනි එපීසෝඩ් එක දියන් :D

    බබාලන්තයට නම් දන්නේ නෑ, කව්ද බෝය් එකට නම් කියන්නෙ "lucky luke " :)

    ReplyDelete
  5. zackfiles torrent එකේ සීඩ්ස් නෑනෙ

    කාටහරි සීඩ් කරන්න හරි ඩවුන්ලෝඩ් ලිංක් එකක් දෙන්න හරි හැකිනම් ලොකු පිනක්!

    ReplyDelete
  6. @GKD

    ඔව් ඒකේ සීඩ්ස් නම් නෑ තමයි, ටොරිෆික් එකට දාලාවත් ගන්න බැරි උනා මට

    ඕනේ නම් මට Zack File's එකේ සීසන් 02 එක නම් දෙන්න පුලුවන්

    ReplyDelete
  7. matath zack file balanna ona. kohomada mata balanna puluvan.

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.