කොලඹ සෙට් එක කුලක වීම..

ඔන්න ඉතින් බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ඔය චැට් කරන උන්දැලැ ටිකක් සෙට් වෙන්න මෙව්වා එකක් තිබ්බානේ අද ඔන්න ඉතින් මමත් නිකමට වගේ එන්නම් කියලා කිව්වා

ගෝල් ෆේස් එකට යන්න කලින් වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෑ නගා නොහොත් ශිරෝශිමා නාගසාකිගේ ගෙවල් තියෙන්නේ දැන් බත්තරමුල්ලේ උනාට හිතන් ඉන්නේ බත්තරමුල්ල තියෙන්නේ බොරැල්ලේ කියලා :D

ඔන්න එයාවත් එක්කගෙන කොටුවේ ස්ටේශන් එක ලගට ගියා චාටර් කොල්ලාව හොයාගන්න, හෆ්ෆා මූ චාටර් කිව්වට කට ගෙදර තියලද කොහෙද ඇවිල්ලා තිබ්බේ, වැඩි කතා බහක් නෑ, හැබැයි චැට් එකේ නම් අම්මේ කට :P

දැන් බස් එකේ ඇවිල්ලා ගෝල්ෆේස් එක ලග හෝල්ට් එකට කලින් හෝල්ට් එකෙන් අපිට එහා පැත්තේ හිටිය කපල් එකක් බැස්සා කොන්දොස්තර ඉස්සරහා හිටිය නිසා චාටර් කොල්ලගේ අතට රුපියල් 20 දීලා මල්ලි මේක කොන්දොස්තරට දෙන්න කියලා ( ටිකට් වලට ) බැහැලා ගියා, එතකොටම කොන්දා කෑ ගහනවා ගෝල්ෆේස් බහින්න කියල ඉතින් අපිටත් මොකෝ අර රුපියල් 20ට තව 16 දීලා අපිට ටිකට් අරගෙන අපි මාරු උනා :D

කොහොමින් හරි නගාව ඔන්න හෝගාන පොකුන ( මුහුද ) ලගට එක්කගෙන ගියා ගිය වෙලාවේ ඉදලා නිකන් මුහුද දිහා කන්න වගේ  බලං ඉන්නවා, හොයලා බැලුවම කතාව හරි, තිස්සමහාරාමේ ඉතින් තියෙන පොකුනු හෝ ගානවැයි :P, කවදා දැකපුවද ඉතින් කියලා අපිත් පාඩුවෙ හිටියා

අපි කශ්ටිය පොඩියට කතාවක් දාගෙන ඉදිද්දි මලියා කෝල් කරලා මාව පේන්නේ නෑ කියලා අර මැද තියෙන කොඩි කනුවට නැග්ගුවා ඒක වෙනම කතාවක් ඉතින් :D
හැබැයි මොනව උනත් පුතන්ඩියගේ හැටි දන්න හින්දම අම්මා මට කෝල් කරලා ඇහුවා මොකක්ද තියෙන්නේ කොහෙද කින්ද මන්දා කියලා :D

ඊට ටික වෙලාවකට පස්සේ "ADK කොලුව" ත් වයිපරේ එක්ක සැපත් උනා අපි හිටපු තැනට ඒ වෙලාවේ පහුගිය දවසක පෝස්ට් එකේ දැක්කනේ ඩිගිරියක් අරගෙන කියලා ඒක එහෙම අහලා ඉවර වෙලා කතා කරකර හිටියා මෙන්න එක පාරටම දිලීපය විදිනවා හෝ ගාලා

1. දැනටමත් ADK කොලුවා බැඳලයි කියලා
2. කඩවත ඉන්න පවියා ගාල්ලේ ඉන්නවා කියලා

 ඊට පස්සේ ඉතින් කට්ටියගෙ පොඩි හදුන්වා දීමක් එහෙම තියලා කශ්ටිය හදුනා ගත්තා, ඊට පස්සේ කට්ටිය එක එක කතා නගා නම් ඉතින් අර කොහේදෝ නැති ඕප දූප ටිකක් අල්ලගෙන අර අක්කාව සුද්ද කලා :P

එහෙ ගිහිල්ලත් මල් නෙලනවා 

ඊට පස්සේ නම් ඉතින් කට්ටියට එක තැන ඉදලා ඇති වෙලා වෙරල පැත්තට ගියා ඒ යද්දි එක පාරටම මොකක් හරි ගියා වගේ දැනිලා බලද්දි පවිත්‍රයා හුලගේ ගහගෙන ගිහිල්ලා :D

කොහොමින් කොහොම හරි කට්ටියම වෙරල පැත්තට ගිහින් සිරි නැරබූවා :D , දිලීපයා නම් ඉතින් ( ඇන්ටිද අක්කාද මන්දා ) කෙනෙක්ගෙ ලගට වෙලාම හිටියා මොකක්දෝ එකක් දැකලා :D

ඒ අතරේ ADK කොලුවාගෙන් අපිට එයා ගානේ කකුලුවෝ, ඉස්සෝ, කොකා කෝලා පාටියක් දුන්නා :D
( එකෙක් කේක් ගේනවා කියලා ගෙනාවේ නෑ ) ඒ හැම දෙයකටම ADK කොලුවට තෑන්ක්ස් ලොට් කියලා කියන්න ඕනේ :D

කෑම කාලා ඉවර උනා විතරයි :D


නගා :- අම්මෝ අක්කේ මේ පොකුන කවුද දන්නේ නෑ හැදුවේ

කාලා බීලා එහෙම ඉවර වෙලා අත පිහදාන්න උනේ පවියගේ කෝකටත් තයිලය ලේන්සුවෙන් ( ගෝනි රෙද්දකින්ද මන්දා මහලා තිබ්බේ )

මේ තියෙන්නේ ඒ ලේන්සුව අල්ලගෙන ඉන්නේ පවියා

කොහොමින් කොහොම හරි බවලත් ඩබල රැල්ල පාගන්න ගිහින් ආවට පස්සේ දිලිපයව බොහොම අමාරුවෙන් අර ඇන්ටිලාගෙන් බේරගෙන ඇවිල්ලා කශ්ටිය ඔය පොඩි ෆොටෝ එකක් එහෙම ගහලා එහෙම සතුටින් විසිර ගියා




පින්තුරය නගා විසින් ගන්නා ලදී.
පින්තූරය ADK කොලුවාගේ බ්ලොගයෙන් උස්සන ලදි 



P.S :- පවියට බෑග් හොයන්න සහ දිලීපයට මියුසික් බඩු හොයන්න නම් ජීවිතේට යන්න එපා :P
නගා වෙත :- අපිට කලින් ගිහින් අපිට මඩ ගහන්න ප්ලෑන් කොරල තිබ්බ හින්දා මෙන්න නගාට ස්පෙශල් මඩක් අපි ගානේ

Posted in . Bookmark the permalink. RSS feed for this post.

13 Responses to කොලඹ සෙට් එක කුලක වීම..

  1. පෑන්ට් ඉශාර හෙවත් රෝස පෑන්ටියා

    ReplyDelete
  2. හික් හික් බඩු බනිස් කිවුවලු :D

    ReplyDelete
  3. එළකිරි! අර ලේන්සුව තමයි ලේන්සුව. රාවණ රජ්ජුරුවන්ගෙන්ද ඉල්ල ගත්තෙ?

    ReplyDelete
  4. @rathgamaya mokadda ban e kathawa??? "panti ishara hewath rosa pantiya"

    O.o

    mu panti ussala mattuda??

    ReplyDelete
  5. @බ්ලොග් ගඩොල්

    හික්ස්ය :D , හෆෝ ඒක නම් ඉතින් උගෙන්ම තමයි අහන්න වෙන්නේ

    @දිලියා

    නෑ බන් ඌට මාවයි උබවයි පැටලිලා :D

    ReplyDelete
  6. mokakda me udith aiyata iru aiya kiyala tiyenne eka nam hoyala balanna watinawa

    ReplyDelete
  7. එල එල... ඔය එන්නේ මද පොඩ්ඩ පොඩ්ඩ එලියට, ඔහොම යමුකෝ....

    ReplyDelete
  8. ආවේ නැති උනාට මාත් ඔතන හිටියා ලු ඉතින... :)

    ReplyDelete
  9. අඩේ මයේ ලේන්සුව වගේ එක... බොලැ ඉතින් කින්ඩියට ගත්තට ඔයික නැත්නම් ඉස්ස්කො ලෑලි පිහිදන්ට වෙන්නේ මෙව්ව එකේ... ඉහික්...

    ReplyDelete
  10. පුදුමයි... මූ අර දැක්ක පාට පාට ෙද්වල් ගැක මුකුත්ම කියලා නැහැ.. රළස්....එළස්....

    ReplyDelete
  11. @කඩේ හාමිනේ

    හෝව් හෝව් මේ මාවනම් ඕවට අල්ල ගන්න එපා, ඔය රත්ගවයා මට ඉරිසියාවට කියන කතා ඔය, ඔන්න දිලියටවත් කිව්ව නම් කමක් නෑ :P

    @ADK කොලුවා

    අපි නම් අහිංසකයි ඔන්න :D

    @චතුමිතු

    :O ඒ කොහොමද ?

    @සුලා

    නොදකින්ය ඈක්කාය අපි අත පිහිදැම්මේ උබ ඩෙස් පිහිදන එකකින්ද ?

    @බස්සා
    ඒ මම උබව දැක්කේ නෑනේ බන් ඇවිල්ල ඉන්නව, දැක්ක දේවල් නම් ඉතින් මොනවද

    නිල් අහසයි මූදයි
    සුදු කිට් එක ගහගත්තු ස්කෝලේ ලමයි ටිකකුයි
    ආදරෙන් වෙලිච්ච කපල් ටිකකුයි
    තව ඉතින් අක්කා කෙනෙක් එතන පොඩි ශෝ එකක් තිබ්බ ( රතුයි සුදුයි :P )
    තව etc etc :P

    ReplyDelete
  12. උබලා හැමෝම කියනවනේ මම අහින්සකයා කිටලා..මම මේ ටිකේ හොදොටෝම බිසී...හිටහල්ලකෝ මම සුට්ටක් ෆ්‍රී වෙනකන් දානකන් පෝස්ට් එකක්(මඩ බාල්දියක් :) )

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.