Facebook පිටු සහ Timeline




මීට ටික කාලෙකට කලින් නෝමල් ප්‍රොෆයිල් වලට ටයිම්ලයින් එකක් කියලා එකක් දුන්නා මතක ඇතිනේ, කවුරු මොනවා කිව්වාත් ඒක ප්‍රොෆයිල් වලට නම් හොදයි
ඊට පස්සේ ගෘප් වලත් අර තරම්ම නැති උනත් බැනර් එකක් එක්ක පොඩි අප්ඩේට් ටිකක් ආවා ඒකත් හරි අව්ලක් නෑ
නමුත් මෙන්න මාර්තු 30 වෙනිදා ඉදලා තියෙන හැම පිටුවකටම ටයිම්ලයින් දෙන්න යනවාලු
අපිට කැමති නම් දැම්ම උනත් ඇක්ටිව් කරගන්න පුලුවන්, පේජ් එකට ගියාම උඩින් එන රිමයින්ඩර් එකෙන්



මම මේ කියන්න හදන්නේ පිටුවලට ටයිම්ලයින් දැමීමෙන් අලුතෙන් එක්වෙන පහසුකම් සහ නැති වෙන පහසුකම්, මේ ටික පැහැදිලි වෙන්න කියවලා යටම තියෙන පිංතූරෙත් බලන්න ඕනේ නම් :D

1.Default Landing Tab ඉවත් වේ

මේ කියන පහසුකමෙන් සිද්ද උනේ,
කෙනෙක් අපේ පිටුවට එද්දි කෙලින්ම පිටුවේ බිත්තියට ( Wall ) නොයා අපි විසින් සකස් කරපු පිටුවකට යැවීම
මේක ගොඩක්ම පාවිච්චි උනේ මාකටින් කරන අයට, කම්පැනි වලට, වගේ අයටයි
මේක ඉවත් වීම නම් ගොඩක්ම ලොකු පාඩුවක් !
 ++ අලුත් ටැබ් වල පලල පිකස්ල් 760ක් දක්වා වැඩි කරලා තියෙනවා, ( ටැබ් නෙමෙයි එතකොට නම් පේජ් වගේ :D )

2. Photos, Likes, Apps පිටුව උඩින්

කලින් වම් සයිඩ් එකෙන් තිබ්බ ටැබ් ලින්ක් මේ නිසා පිටුව උඩට මාරු වෙනවා
පලවෙනි කොටුව වෙන් වෙන්නේ ෆොටෝස් වලට, සම්පූර්නයෙන් ටැබ් 12ක් දක්වා ඇඩ් කරන්න හැකියාව තියෙනවා

3. ඔබගේ කැමතිම පෝස්ට් එක උඩින් පින් කිරීම

මොකක් හරි නිවේදනයක් වගේ දෙයක්, ඇඩ් එකක්, කැමතිම පෝස්ට් එකක් පිටුව උඩින්ම පින් කරන්න පුලුවන්, එතකොට අනිත් පෝස්ට් දැම්මට ඒ පෝස්ට් එක යටට යන්නේ නෑ

4. අලුත් වැඩිදියුනු උනු ඇඩ්මින් පුවරුවක්

කලින් insights වලින් ලැබුනට වඩා පහසුකම් සහිත ඇඩ්මින් පුවරුවක් එකතු වෙනවා

5. පේජ් එකේ සාමාජිකයන්ට මැසේජ් කිරීමේ හැකියාව

මේකත් අලුත් දෙයක්, කලින් නම් අපි අපේ එකවුන්ට් එකෙන් මැසේජ් කරන්න ඕනේනේ සාමාන්‍ය විදිහට නමුත් දැන් අපිට පිටුව හරහාම පිටුවේ පරිශීලකයෙක්ට පනිවිඩයක් යවන්න පුලුවන්

6.Cover Photo

ප්‍රොෆයිල් වල ටයිම්ලයින් එක වගේම කවර්ෆොටෝ එකක් දාන්න පුලුවන්, එහි ප්‍රමානය 850 pixels පලල සහ 315 pixels උස වීම ප්‍රමානවත් වේ
නමුත් මෙන්න මේ විදිහේ දේවල් කවර් ෆොටෝ එකට දාන්න එපා කියලා තියෙනවා

~මුදල් මුල් කරගෙන විකුනන දේවල් ( යම් කිසි දෙයක ප්‍රයිස් එක, එහෙම නැත්නම් යම් කිසි වට්ටමක් ( 40% Off ) ගැන, තව අපේ වෙබ් අඩවියෙන් මෙය බාගත ( Download ) කරගන්න කියන දේවල්
~පිටුවේ "About Us" කියන තැන දාන දේවල්, එහෙමත් නැත්නම් ඊමේල් ඇඩ්‍රස්, වෙබ්සයිට් වල ඇඩ්‍රස්, දුරකතන අංක
~ලයික් කරන්න, ශෙයා කරන්න හෝ ඊට සමාන දේවල්
~පෙලබවීම් "දැන්ම ලබා ගන්න" , "ඔයාගෙ යාලුවොන්ටත් කියන්න"

7.පිටුවේ නම වෙනස් කිරීම

නම් වෙනස් කිරීමට පහසුකමක් ලබා දෙනවා, නමුත් ඒක  අපිට කරගන්න පුලුවන් විදිහට නෙමෙයි, මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අපි අයදුම් පත්‍රයක් යවන්න ඕනේ,
( මේ පහසුකම තියෙන්නේ අත්වැරදීමකින් නමේ ස්පෙලින්, වැරදුනු, නමේ කෑලි දාපු, වගේ වැරදි හදාගන්න, ඉතින් ඒක අපිට ඕනේ ඕනේ විදිහට පාවිච්චි කරන්න නම් බැරිවෙයි )

http://www.facebook.com/help/contact_us.php?id=262629790471076



දැන් එහෙනම් ඉතින් කැමති නම් තමන්ගේ පිටුත් අප්ඩේට් කරගන්න දැන්මම, එහෙම නැත්නම් ඉතින් බලෙන් අප්ඩේට් කරනකම් ඉන්න :D


Posted in , . Bookmark the permalink. RSS feed for this post.

9 Responses to Facebook පිටු සහ Timeline

  1. :-D හොඳයි හොඳයි... ලිපිය එල..

    ReplyDelete
  2. already done
    https://www.facebook.com/darkznotebook

    ReplyDelete
  3. හොඳ ලිපියක් මචං. දැනුවත් කිරීම ගැන මාගේ බලවත් ස්තූතිය...:පී

    ReplyDelete
  4. මට පරණ එකම ඕනේ..... x-(

    ReplyDelete
  5. 6 වැනි එකෙ, දාන්න එපා කියලා තියෙනන ඒවා එපා කියන්න හේතුවක් තියෙද ?

    ReplyDelete
  6. අඩේ ඉසාරයා... තෝත් බ්ලොග් ලියනවද :D :D :D :D

    ReplyDelete
  7. @Bunny

    ඔව්, ඒක එයාලගෙ අර තියෙන නීති රෙගුලාසි වලට පටහැනීලුනේ
    ලයික් ලබාගැනීම සදහා ඔය එක එක තියන ඒවා පවා හරිනම් තහනම්, ඒත් ඉතින් ඕනේ තරම් තියනවා :D


    @ChAnDiKa

    නෑ බන් මම මේ වෙන එකෙක්ගේ එකකට පෝස්ට් එක දැම්මේ :P

    ReplyDelete
  8. මමත් දාගත්තා ටයිම් ලයින්

    ReplyDelete
  9. දැනුවත් කිරීම ගැන මාගේ බලවත් ස්තූතිය :D

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.