දකුනු ලකේ ගෙට් එක ! [Updated විත් බොඩි ලෝශන් ෆේශල්]



ඔන්න ඉතින් අද ( 7/01/2012 ) ගාල්ලේ තිබුන සුහද හමුවට මමත් ගියාලු

ගීයාට ඉතින් යන්න කලින් මග දිගට රස කතා ගොඩකි

කතාව පටන් ගන්නේ කොට්ටාවෙන්, වෙලාවට හරියටම මම ගිහින් ඔන්න එතන හිටපු කට්ටිය සෙට් උනා, ඊට පස්සේ ටිකකින් බස් එකේ නැගලා බලන් ඉන්නවා ගාල්ලට යනකම්, ටික වෙලාවකින් බැලුවා ම්හු ඒත් එතනමයි, බැලුවාම තව දෙන්නෙක් එන්න ඉන්නවාලු :S

හරි ඉක්මනට එයිනේ කියලා හිටියා....
කොට්ටාවට එන්න තිබ්බේ උදේ 7ට සහ ගාල්ලේ ඉන්න තිබ්බේ උදේ 8ට, ඉතින් මේ පරක්කු උන දෙන්න කොට්ටාවේ බස් එක ලගට ආව උදේ 10.30 වෙද්දී  ( යකාගේ ඔරලෝසුවක් )



ඉතින් මේ දෙන්න එනකම් ඉන්න බැරි අපේ සුලගිල්ලා සහ දීලීපයා කඩවල් වලට ගිහින් තියෙනවා විටමින් කූරු ටිකක් ගේන්න කියලා,

කඩවල් දෙකකින්ම අහලා මුදලාලිලා බඩු නෑ කියලා , කින්ඩි නිව්ස් වලට අනුව නම් දිලීයාට මුදලාලි නෑ කියද්දිම වෙන කෙනෙක් ඇවිල්ලා අරන් ගිහිල්ලා :D  ( ID ඉල්ලුවා නම් මුන් වාශ්ප වෙයි )

ඔය චාටර් එක කාලා ඇවිල්ලා දිලීප සහ කින්ඩියා ආපු වෙලේ ඉදන් හොයපු කෙනෙක් ඉන්නවා ඒ තමයි  "පවනි" කියලා කෙනෙක්, මුන්ගේ වැඩේම ආපු වෙලේ ඉදන් හොයනවා, කින්ඩියා නම් නම් ලිස්ට් එක පවා චෙක් කලා,
ඉතින් ඔය කතා යන අතරේ එක පාරටම එකෙක් අහපි, මේ කවුද බන් අර "පවනි" කියන්නේ කියලා :D , ඒ වෙලාවෙ පවනිත් ලග, පවනි කියන්නේ කොල්ලෙක් කියලා දැනගත්තා විතරයි කින්ඩියා, රෝසා ඩබලගේ මූනූ කර උන රෝස් පාන් එක වගේ උනා :D


මේ කට ඇරගෙන ඉන්නේ "පවනි තරංගා" හෙවත් තීක්ෂනයා :D 


ඒ වගේම රෝසා නොහොත් දිලීප කියනවා, "අඩෝ දන්නවාද දැන් කැන්ඩි වල ඉදලා නුවරට ට්‍රේන් එකක් දාලාලු"  , දෙයියෝ දනී අපි නොදනී

තව සෑහෙන්න තියෙනවා, ඒ ටික අනිත් අයට ඉතුරු කරන්න ඕනේ :D 

අන්තිමේ 10.30ට පරක්කු ඩබල ආවා, මේ දෙන්නා පොරොන්දු වෙලා තියෙනවා කිරි ටොෆී ගේන්න කට්ටියටම, අපි පරක්කු උන එකත් ඉවසන් හිටියා කිරි ටොෆි කන්න, මදැයි කොලා, තුන් පාරක් කිරිටොෆී හදලා ඒ ඔක්කොම බුල්ටෝ වෙලාලු , ඒක හින්දා ගෙනාවේ නෑ කියලා ශේප් උනා :S ( බලන් හිටියටත් පාඩුයි )

ඊට පස්සේ ඉතින් සුබ මොහොතින් දෙයියනේ කියලා පිටත් උනා, ගමන ආරම්භ කලා හයිවේ එකේ

ටික දුරක් යද්දි බස් එකේ වයිබ්‍රේට් මෝටරේ ඕෆ් කරන්න අමතක වෙලා බස් එකම වයිබ්‍රේට් වෙන්න ගත්තා, ඉන් පසුව ජයග්‍රාහී ලෙස කිලෝ මීටර් 46න් විතර බස් එකේ ඇන්ජිම සිගරට් එකක් ගහලාද කොහෙද දුමක් දාලා ඉදිරි ගමන ප්‍රතික්ශේප කලා

හයිවේ එකේ තේ බොන්න නවත්තපු බස් එක



මේ තියෙන්නේ ඒ වෙලාවෙ ගාල්ලේ යන්න බැරි උනොත් රූමස්සල කියලා හිත හදාගන්න ගත්තු කදු ගැටයක් :D 


කරන්න දෙයකුත් නැති එකේ අපි පොඩ්ඩක් වට පිට සිරි බලන්න එලියට වෙලා හිටිය, කොහොමින් කොහොම හරි එතනත් පැය දෙකකට ආසන්න වෙලාවක් චාටර් කාලා, මගින් කලින් සෙට් එක ගිය බස් එකේ නැගලා සැපැත් උනා ගාලු පුරවරයට,

ඔය අතර මගදි අර කිරි ටොෆී ගේනවා කියපු ඇන්ටිට සහ එයාගෙ අක්කට අපේ අය කිරි ටොෆී වලට පොලු තිබ්බ නිසා, චතු මිතූගේ බොඩි ලෝශන් එකකින් සංග්‍රහ කරන්න අමතක කලේ නෑ, එක්කෙනෙක් නම් නිදාගෙන ඉදිද්දි පහර දීමට ලක්වුන අතර අනිත් කෙනා නම් හුලං වදිනවාට අර කලු කන්නාඩි දෙකක් දාගෙන ඉදිද්දි පහර දීමට ලක්වුනා :D



මේ ඉන්නේ කිරි ටොෆි පොලු නොහොත් වර්නා 

මේකේ තියෙන්නේ බොඩි ලෝශන් පමනයි !!!!! :P


අවසානයේ ඉතින් අපි ගිහින් බැස්සා රූමස්සල කන්ද මුදුනෙන්ම :D

කැලයක් මැදින් බැහැලා ගියා, ගිය ගමන්ම මම නම් බනියාගෙන් බත් එකක් ඉල්ලගෙන කෑවා ( යකෙක් කන බඩගින්නක හිටියෙ :D ) , ඔය බනියා කලින් දෙනවා කියලා පොරොන්දු වෙන ඒවා එහෙම මලාට දෙන එකෙක් නෙමෙයි ඕන් :P

කාලා ඉවර වෙලා කට්ටියව අදුර ගත්තා, මේ පාරත් දන්න අයට වඩා නොදන්න අය වැඩියී :S
අවසානයේ කාලා, නාලා, සිංදු එහෙමත් කිව්වා

ඒ අතරේ පොඩි මෑන් මන්තරකාරිගෙන් සමාව ගන්න මොහොත උදා උනා,
ඊට පස්සේ නම් ඉතින් උන දේවල් කට්ට කුජීතයි උත්කෘශ්ටයි විලි ලැජ්ජයි  අමු සුන්දරයි තව පොඩ්ඩෙන් පොඩ්ඩාව වාශ්ප කරනවා මන්තරයකින් :D

අමුම අමු කර උනු චාටර් එකක් කාලා කොහොම හරි පැය දෙකක විතර කාලයකින් අවසානයේ අපි සතුටින්  වාශ්ප උනා :D


අවසාන වශයෙන්, මේක සංවිධානය කරපු පොඩි මෑන්, කිඩෝ සහ වල් හාවා ට සහ කොලබ පැත්තේ කට්ටිය එක්කන් යන්න මුල් උනු, රාජ් සහ අභීත අයියාට ස්තූති කරන්න ඕනේ



Posted in . Bookmark the permalink. RSS feed for this post.

32 Responses to දකුනු ලකේ ගෙට් එක ! [Updated විත් බොඩි ලෝශන් ෆේශල්]

  1. me anthima poto eke meda hariye inna kela maaars lassanai neda ....

    ReplyDelete
  2. ලෙසය ..ඒත් මඩ මදි මදි වගේය...
    පොටෝ ටික දමාපිය ඉක්මණින් මලේ.
    ආයෙ එන්නම් ඒවා බලන්නත්..

    ReplyDelete
  3. අම්මපා කන්න දීපු අත හපා කාලානෙ.. මොනාද ඩෝ වෙන දෙනවා කිවේ මම් :D

    ReplyDelete
  4. @Anonymous
    ඔව් ඔව් අර මම කරට අතදාගෙන ඉන්නේ එයාගෙනේ :D

    @නාකියා
    මදි තමයි බන්, මට ඉතිරි ටික ලියන්න කම්මැලී, අපිට තියෙන්නේ බස් එකේ යන ඒවා සහ එන ඒවා විතරයිනේ ගිහින් මඩ එකතු කරන්න කාලයක් සෙට් උනේ නෑනේ :D

    ReplyDelete
  5. @බනියා

    ඇයි බන් මම අර ආපු ගමන් ඉල්ලුවෙ කෙනෙක් ඉල්ලං එන්න කිව්වා කියල, ආන්න ඒවා ටික :P

    ReplyDelete
  6. hehhehe ow ow eya thamai set ekatama hitiya lassanama kella hithaa ediiiila gitya mageeeeeeeeeeeee...................

    ReplyDelete
  7. මඩ මදි වගේ ඉශාර.හෙහෙ.සිහින උලෙලෙදි හම්බ වෙමුකො ආයිම

    ReplyDelete
  8. @Anonymous
    අනේ ඇත්තද, එයාම තමයි නේද අර කන්නාඩි දෙක දාගෙන බොඩි ලෝශන් නෑවෙත් :D

    @හිම හංසි
    මදි නේන්නම් :\ , ඔයාටත් දෙන්නම්කෝ මඩ ඊලග පාර :D

    ReplyDelete
  9. හික් හික්... හොද හොද දේවල් වෙලානෙ බොලේ....අපරාදෙ වර්ණා ගෙ කිලි ටොපි ටික..:(

    ඊලඟ සිහින සැනකෙළියෙදිවත් හම්බවෙන්න ඕනි කට්ටියව...

    ReplyDelete
  10. කට්ටියම හමුවීම ලොකු සතුටක් මල්ලී..

    ReplyDelete
  11. මළ සේක.... වරකා ගසක් මුල අල හෑරීමට සිදු වූ වගයි...

    හැබැයි බස් එකේ මීට වැඩිය මඩ නම් තිබුන ඕන්.....

    ReplyDelete
  12. ලෙසටම ලියා ඇත..
    කීවත් වගේ මඩ නම් මදිය..
    නැවත හමුවෙමු සුපිරි ෆන් එකකට.. :D

    ReplyDelete
  13. පට්ටය පට පටය.. ලොල්ය.. ලොලේම ලොල්ය.. කිව්වත් වගේ බස් එක ඇතුලනම් මුතුරාජවෙල වහුරු බිම වගේනේ බොලෑ..

    ReplyDelete
  14. ඔය තියෙන්නෙ අපි නොදන්න ස්ටෝරි ! ඉතින් තව තව මොනවද වුනේ ඔය බස් එකේ ! සිදුවුන අන්පේක්ෂිත සිදුවීමත් එක්ක මේ බස් එකේ හිටිය අයව හොඳටම අඳුරා ගන්න නම් බැරි වුනා..කමක් නෑ.. දැන් ඉතින් අඳුනා ගනිමු, අවුරුදු උත්සවය එනකම් !

    ReplyDelete
  15. හරි සොක්...ශෝක් නොවේ සොක්..ය..

    ReplyDelete
  16. කස්ටිය පට්ට ෆන් එකක් අරන් වගේ . . එල එල . . නියමයි . . .

    ReplyDelete
  17. මැක්සා මචෝ ... ඉක්මනට පොටෝ දාපන්. අන්න පවනිගේ කටේ මැස්සෙක්

    ReplyDelete
  18. හිතුවක්කාරි : කිරි ටොෆී නෙමෙයි ඒවා බුල්ටෝ :D

    Janaranga : සේම් හිය(ර්)

    පවනි : කෑවානම් විදෝපන් කිව්වාලු, ඔක්කොම දාන්න බෑ බන්, ඉතිරිවා උබලාම දාපල්ලාකෝ :D

    යසයා : ජය වේවා

    සුළඟිල්ල : ඌරෝනේ බන් හිටියෙ

    Weni : ඔව්, ඇවිල්ලා පැය දෙකකින් වගේ යන්න උනානේ :\

    amila : කොයි වගේ සොක් ද බන් :D

    දුකා : :D

    රෙප් : එල එල හම්බුන ගමන් දානවා, මේ ඉන්න හැටියට මැස්සෙක් විතරක් ගියොත් තමයි බන් පුදුම :D

    ReplyDelete
  19. නියමයි මල්ලී කතන්දරේ

    ReplyDelete
  20. අහ්හ් බෝල මම කිරිටෝපි ගෙනාවා කියුවැයි හිකිස්‌..

    ReplyDelete
  21. තෑන්ක්ස් මචං පවනි අක්කගෙ මූණ දැම්මට......

    ReplyDelete
  22. DarKneT | ඉෂාර - පහතින් දක්වා ඇති කොමෙටුවකින් තවත් රෙද්දක් ගැළවී ඇති බවක් පෙනේ. තාරක Dilsh@n කොල්ල උඹට ඉස්තූති කොරල තියෙන හේතුව මට නම් ඉවෙන් මෙන් හැඟේ... ලොල් ය!!

    ReplyDelete
  23. Raj : එලzzz :D

    වර්ණා : බෝල නෙමෙයි ගේනවා කිව්වේ කෑලි :D

    තාරක Dilsh@n : අහ් එලකිරි මචං ( උබත් හොය හොය ඉදලා වගේ :P )

    අනූ : හූල්ලන්න එපා :D , ඊලග එකටවත් යමුකෝ

    පවනි : මටත් පේන්නේ ඒ වගේ මොකක් හරි සීන් එකක් වෙලා තියෙනව වගේ තමයි :D

    ReplyDelete
  24. මම බ්ලොග් බලන එකත් නවත්තව යකෝ...

    ඈ බන් මම ඔය එක ඇල්බම් එකකවත් උබව දැක්කෙ නෑනේ.

    පවනි තරංග කියල දාගෙන මොකද බන් අරූ අර

    ReplyDelete
  25. හප්පේ....... වර්ණා අක්ක එන්න එච්චර පරක්කු වුනාද? අපරාදේ...... කොළඹට 7 ට එනවා නම් නුවරින් පාන්දර 4 ට වත් එන්න වෙන නිසයි අවේ නැත්තේ.. බලාගෙන ගියාම එදා උදේ 7 ට මෙහෙන් ආවත් කොළඹට එන්න තිබුන නේ.. හික්..

    ReplyDelete
  26. පිස්සා : ඔව් බන් මම නැතුව ඇති, මොකද අපි ගියෙ පරක්කු වෙලා ඉතින් ගිහින් ඉන්න හම්බුනේ පැය දෙකක් විතර, ඒකෙත් ගිය වෙලේ ඉදන් නෑවා, ඇත්තේ ගෘප් ෆොටෝ එකේ පිටිපස්සෙම විතරයි :D

    අනේ මන්දා බන් ඒක නම් උගෙන්ම තමයි අහන්න ඕනේ

    Ice : දන්නවා නම් ඒ වෙලාවෙ කියනව එන්න කියලා :P

    ReplyDelete
  27. මම හෙව්වේ නෑ බන්...
    ෆොටෝ එක දැක්කහම නිකන් දැකල පුරුදුයි වගේ...
    පස්සේ මතක් උනේ ඒකට හිටපු එකෙක්නේ කියලා...
    පවනි කියන්නේ ඌ ද කියල අහපුවහමත් නෑලු... ලින්ක් එක දුන්නට පස්සේ "හරි මචං හරිලු"

    පිස්සා : අනේ මන්ද බන්, මූ ඉස්සරනම් හොඳට හිටියා. ලඟදි මොකක් හරි වෙලා වගේ.. :P
    යකෝ බුකියේ රික්වෙස්ට් එකක් එවල ඇති ඒක මෙව්වා කරහන්....

    ReplyDelete
  28. ජීවිතේටම අමතක නොවන ගොඩක්ම ලස්සන දවසක්....... අලේ අයියෝ මං ගොහින් වර්ණා නොහොත් කිරිටොපි අක්කවයි ෂානි අක්කවයි ගෙනාවෙ නැත්නම් කට්ටියම තාමත් කොට්ටාවෙ :p

    ReplyDelete
  29. පිස්සා පලාමල්ල - හිකිස්... වරක ගහක් මුල අල හාරන්ට වෙලා වගෙයි..!!!!
    :ඩී

    ReplyDelete
  30. කිව්වත් වගේ කටිටිය කැන්ඩි වල ඉදලා නුවරට යන ට්‍රේන් එකක ඉස්සරහම දොරින් නැගලා පි‍ටුපස දොරින් බැහැලා යන්න අදහසක් තියනවා කියලා කව්දෝ කිව්වා ඇහුණා.. මොකාද මන්දා ඒ.. :D සතු‍ටුයි මඩ මග හලලා ඇවිල්ලා..:D

    ReplyDelete
  31. මඩ මදි ,.. ඩොට් දෙකයි පී... ඒ වුනාට ගත්ත ජොලිය නම් නියමයි,.. :D

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.