Archive for March 2011

තව දින.............


ඔන්න ඉතින් නිකමට වගේ මතක් උනා බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද කියලා

කියන්න නම් වැඩි දෙයක් නෑ , බ්ලොග් එකේ දාලා තියෙන සයිබර් සැණකෙළියේ පින්තූරේ දැක්කාම හිතෙනවා මෙච්චර ඉක්මනට කාලෙ ගෙවුනද කියලා

ඒත් එක්කම ඉතින් දැන් කට්ටිය සැණකෙළියට යද්දි හරි , ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් එකේ ( එහෙම තියෙනවා කියලා නම් කිව්වා :D )
ඔය කට්ටිය මුහුනුපොතේ ස්ටේටස් එහෙම දැම්මොත් පොඩි වෙනසකටත් එක්ක මෙන්න මේක හරහා දාන්න. එතකොට පේන්නේ මෙන්න මේ වගේ :D


ඔන්න ඉතින් කට්ටියට ආරාධනා කරනවා පොඩි වෙනසකුත් එක්ක ස්ටේටස් එක දාමු කියලා :D

එතනට යන්න මෙතන ක්ලික් කරන්න
ඔයාලගේ දුරකතනයෙන් වගේ යනවා නම් http://on.fb.me/cyberfestival  ටයිප් කරලා යන්න :)

( මුහුනු පොතට ලොග් වෙලා මේකට යන්න කියලා කියන්න ඕනේ නෑනේ :P )

Posted in , , | 6 Comments

සිංහල විකිපීඩියා සෙවුම් ගැජටය

කලින් මම දැම්මානේ සස්රූත වලට හදපු සෙවුම් ගැජටය මේ තියෙන්නේ සිංහල විකිපීඩියා වලට හදපු සෙවුම් ගැජටය, මේ දෙකෙන්ම කරන්නේ කිසි කරදරයක් නැතුව අපේ ඩෙස්ක්ටොප් එකේ ඉදලාම සර්ච් කරන එක :D

මේක ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ, වැඩි විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා









Posted in , | Leave a comment

සස්රුත සිංහල සෙවුම් ගැජටය

ටික දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති නිසාත්, මේකත් කලින් එක වගේම එපා වෙයි කියලා හිතුන නිසාත් මට හිතුනා මම හදපු එකක් ආයෙත් දානවා කියලා :D

මේක Windows 7 වලට තියෙන ගැජට් එකක් , දන්නවා නේ ලන්කාවේ සින්හල සර්ච් එන්ජින් එක සස්රූත කියලා ඒකට තමයි මේක තියෙන්නේ ( මේක විස්ටා වලටත් වැඩ කරනවා )

මේක දා ගත්තාම අපිට , සස්රූත පිටුවට යන්නේ නැතුවම Desktop එකේ ඉදලාම සර්ච් කරන්න පුලුවන්

තේරුනේ නෑ වගේ නම් මේ පින්තූර ටිකත් බලන්නකෝ






ඔන්න ඕක තමයි කතන්දරේ ,  එහෙනම් ඉතින් මේක ගැන හිතෙන දේවල් පොඩ්ඩක් කියලම යන්න කො

ජනෙල් 7 කට්ටිය බාගෙන එහෙම හොදයිද නියන්නකෝ

මෙන්න ලින්ක් එක


P.S මේක ඉස්සෙල්ලාම ලිව්වෙ Trix Hunter බ්ලොග් එකේ

Posted in , | 3 Comments

මාර්ක් සකබර්ග්ට ලියුමක් [ Letter To Mark Zuckerberg ]





ඩියර්
මාර්ක් සකබර්ග්,

අලුත් කරන ලද ගෲප් සම්බන්දව


මගෙන් සහ තවත් බහුතරයකගෙන් අහගැනීමට ප්‍රථමව නවීකරනය කර්න ලද ගෲප් සදහාද රික්වෙස්ට් ක්‍රමය යෙදීම සුදුසු යැයි මා යෝජනා කරමි. ඒ කිමද කිවතොත් හතර වටේ ඉන්නා හැම එකාම බල්ලෙක් මැරුනත් ගෲප් එකක් සාදා එයට ඇඩ් කරයි, දවසකට මෙවැනි කෙහෙම්මලවල් ආසන්න වශයෙන් හතරකට වත් ඇඩ් කරනු ලබයි, ඒ ඇඩ් කරානම් ඇතිය තව ඇඩ් කරපු ගමන් චැඩ් කොරන්නට ගනී ( චැට් නම් ක්‍රීයා විරහිත කල හැක ), නමුත් එතනින් නොනැවතී දිගින් දිගටම පොස්ට් දැමීම සහ කොමෙන්ට් කිරීම නිසා මගේ නොටිෆිකේශන් ලිස්ට් එක පිරීම හේතුවෙන් දාන අයගේත් ඔබගේත් නෑදැයන් මතක් කිරීමට සිදූවේ.  පෙර සේම ගෲප් වලට ඉන්වයිට් ක්‍රම තිබුනානම් කිසි කරදරයක් නැතුව අපහට උවමනා එකට බැදී අනවශ්‍ය ඒවායින් මිදීමට හැකිය.

උදාහරනයක් ලෙස ගත්කල මේ මොහොතේද 54 group invitations අනුමත කිරීමේ ලැයිස්තුවේ පවතී. ඒ අනුව මට ඒවාට බැඳීමට අවශ්‍ය නැත්නම් ඒවා ලැයිස්තුවේ පවතී


පබ්ලික් චැට් වෙනම කොටසක් ලෙසටත් ඒවා ගෲප් වලට ගාව නොගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි !!


මීට,                
විස්වාසී,           
 DarKneT ඉෂාර



ඔන්න ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ ලියුම් ලිවීමේ හැකියාව අන්තිමයි කියලා.
කාට හරි කාව හරි ඔය අලුත් ගෲප් එකකට එකතු කරන්න ඕනේ නම් එයාගෙ කැමැත්තත් බලලා කරන්න කරන වැඩක්.

( පී.එස් මේක ලියන ලද්දේ ආවේගය අඩු කර ගැනීම පිනිසය )


( පී.එස් x 2 - පෝස්ට් එක දැමීමෙන් අනතුරුව වගකිවයුත්තා මාව ගෲපයෙන් ඉවත් කර ඇත, ඇති යන්තන් බබාට තේරුනා )

Posted in | 5 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.