මාර්ක් සකබර්ග්ට ලියුමක් [ Letter To Mark Zuckerberg ]





ඩියර්
මාර්ක් සකබර්ග්,

අලුත් කරන ලද ගෲප් සම්බන්දව


මගෙන් සහ තවත් බහුතරයකගෙන් අහගැනීමට ප්‍රථමව නවීකරනය කර්න ලද ගෲප් සදහාද රික්වෙස්ට් ක්‍රමය යෙදීම සුදුසු යැයි මා යෝජනා කරමි. ඒ කිමද කිවතොත් හතර වටේ ඉන්නා හැම එකාම බල්ලෙක් මැරුනත් ගෲප් එකක් සාදා එයට ඇඩ් කරයි, දවසකට මෙවැනි කෙහෙම්මලවල් ආසන්න වශයෙන් හතරකට වත් ඇඩ් කරනු ලබයි, ඒ ඇඩ් කරානම් ඇතිය තව ඇඩ් කරපු ගමන් චැඩ් කොරන්නට ගනී ( චැට් නම් ක්‍රීයා විරහිත කල හැක ), නමුත් එතනින් නොනැවතී දිගින් දිගටම පොස්ට් දැමීම සහ කොමෙන්ට් කිරීම නිසා මගේ නොටිෆිකේශන් ලිස්ට් එක පිරීම හේතුවෙන් දාන අයගේත් ඔබගේත් නෑදැයන් මතක් කිරීමට සිදූවේ.  පෙර සේම ගෲප් වලට ඉන්වයිට් ක්‍රම තිබුනානම් කිසි කරදරයක් නැතුව අපහට උවමනා එකට බැදී අනවශ්‍ය ඒවායින් මිදීමට හැකිය.

උදාහරනයක් ලෙස ගත්කල මේ මොහොතේද 54 group invitations අනුමත කිරීමේ ලැයිස්තුවේ පවතී. ඒ අනුව මට ඒවාට බැඳීමට අවශ්‍ය නැත්නම් ඒවා ලැයිස්තුවේ පවතී


පබ්ලික් චැට් වෙනම කොටසක් ලෙසටත් ඒවා ගෲප් වලට ගාව නොගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි !!


මීට,                
විස්වාසී,           
 DarKneT ඉෂාර



ඔන්න ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ ලියුම් ලිවීමේ හැකියාව අන්තිමයි කියලා.
කාට හරි කාව හරි ඔය අලුත් ගෲප් එකකට එකතු කරන්න ඕනේ නම් එයාගෙ කැමැත්තත් බලලා කරන්න කරන වැඩක්.

( පී.එස් මේක ලියන ලද්දේ ආවේගය අඩු කර ගැනීම පිනිසය )


( පී.එස් x 2 - පෝස්ට් එක දැමීමෙන් අනතුරුව වගකිවයුත්තා මාව ගෲපයෙන් ඉවත් කර ඇත, ඇති යන්තන් බබාට තේරුනා )

Posted in . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to මාර්ක් සකබර්ග්ට ලියුමක් [ Letter To Mark Zuckerberg ]

  1. ගෲප් විතරක් නෙමෙයි ෆොටෝ ටැගින්නුත් වාතයක්

    ReplyDelete
  2. අපොයි ඔව් , වැලන් ටයින් දවස් වල අර චොකලට් කිය කිය ටැග් කරනවා, සිරාවටම චොකලට් එකක් අරන් දෙන්න කිව්වානම් එහෙම හොයගන්නවත් හම්බුවෙන්නේ නෑ :D

    ReplyDelete
  3. අමූලික ඇත්ත මචන්... මටත් මේක එපා වෙලා තියෙන්නේ... මලේ මල....

    ReplyDelete
  4. ලොල්ය... ලොලේ ලොල්ය. ගෲප් 14ක ඇඩ්මින් කෙනෙක් මි. ඔහොම බනින්න එපා බොල ප්‍රසිද්දියේ... :/ දැන් මේ ගෲප් හදපු අපිටත් මේක වදයක් වෙලා තියෙන්නෙ...

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.