Samsung Ace සිංහල දැමුවෙමි ( Sinhala On Android )

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අනං මනං පෝස්ට් ටිකකට පස්සේ ආයෙත් ටෙකියක් උස්සගෙන ආවා
අලුතින් ජොබක් සෙට් උනු නිසාත් ලියන්න ටිකක් කම්මැලි හිතුන නිසත් බ්ලොගිය පාලුවට ගිහින් :D
සිංහල දැම්මට ඒක ලියන්න ඕනේ නෑ කියලා හිතාගෙන හිටියට දෙන්නෙක්ගෙ ලැබුනු ඉල්ලීම් වලට අනුව ඔන්න ඔහෙ ලියලා දානවා කියලම හිතුනා.


මගේ ෆෝන් එක ගන්න කලින් කාලිංග අයියගේ සිංහල දාන හැටි පෝස්ට් එක කියවලා තිබ්බත් ඔය කෝඩ් එක්ක සෙල්ලම් හුරු නැති නිසා සහ රූට් කලොත් වැඩේ වඩේ වෙයි කියන බයත් එක්ක රූට් නොකර සෙට් බ්‍රව්සර් එක දාගෙන හිටියා, අහම්බෙන් දැක්ක ලිපියක් ෆොන්ට් මාරු කිරීම ගැන , ඒකත් එක්ක ට්‍රයි කරලා බැලුවම වැඩේ ගොඩ :D, හැබැයි ඉතින් රෙන්ඩරින් නම් පොඩ්ඩක් විතර අල  :P




අවවාදයයි :- රූට් කිරීම මගින් ඔබගේ දුරකතනයේ වගකීම අහෝසි විය හැක


හරි මෙන්න ලිපිය

මුලින්ම ඕනේ කරන ටික මෙන්න


SuperOneClick  :- රූට් කිරීම සදහා
Root Explorer :- ෆොන්ට් එක කොපි කිරීම සදහා
DroidSansFallback :- ෆොන්ට් එක



 දැන් SuperOneClick.zip ෆයිල් එක Extract කරගන්න ඊට පස්සේ ඕපන් කරගන්න "SuperOneClick.exe" එක, එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි එන්නේ



ඔය තියෙන්නේ ඔතන ලොකුවට "Root" කියලා බටන් එකක් අන්න ඒක ඔබන්න දැන්, දැන් විස්තර ටිකක් එන්න පටන් ගනී,

 ( මේ අතරේ එක පාරට වයිරස් ගාඩ් එකකින් බැරි වෙලා හරි බ්ලොක් කලොත් ඒක ඩිසබල් කරන්න, ඒක වයිරස් එකක් නෙමෙයි, වෙන ප්‍රෝගෑම් එකක ප්‍රොසේස් එකට ඇක්සස් කරන්න හදන නිසයි එහෙම එන්නේ )




Running a SU test...
Success!

මේ විදිහට අන්තිමට "Success!" කියලා ආවොත් හරි, එහෙම නැතුව එරර් එකක් ආවොත් කිසි අව්ලක් නැතුව ෆෝන් එක රූට් ඇක්සස් එනබල් වෙලා

ඒත් එක්කම මෙන්න මෙහෙම වින්ඩෝ එකක් ඇවිල්ලා අහයි රූට් කරපු එක සක්සස්ද කියලා බලන්න චෙක් කරන්නද කියල, චෙක් කරන්න ඕනේම නම් ඉතින් "Yes" කරන්නකෝ


ඊට පස්සේ සුපර් යූසර් කමාන්ඩ් එක ෆෝන් එකට යවනවයි කියලා කියයි , ඒක ෆෝන් එකෙන් ඇලෝ කරන්නයි කියලත් කියයි :P


ඊටත් පස්සේ ඉතින් මෙන්න මෙහෙම හරි කියයි, ඩොනේට් කරන්න පුලුවන්ද කියලත් අහයි ( පුලුවන් නම් කැමති කෙනෙක් ඉන්නවා නම් ඩොනේට් කරන්න, මොකද ඔබ දෙන ඒ මුදල එයාලට ප්‍රයෝජනවත් වෙන නිසා )



හරි දැන් ඔන්න රූට් කරලා ඉවරයි දැන් තියෙන්නේ ෆොන්ට් එක දාගන්න වැඩේ

__________________________________________________________________________________

ඒකට මුලින්ම Root Explorer 2.12.3.apk  කියන ෆයිල් එක සහ DroidSansFallback.ttf කියලා දීලා තියෙන ෆොන්ට් එක  ඔයාගෙ SD Card එකට කොපි කරගන්න, දැන් Root Explorer එක ඉන්ස්ටෝල් කරගන්න ( ෆයිල් ගත්තේ නෑ කියන්න එපා උඩ ලින්ක් ටික දීලා තියෙන්නේ ඒකට තමයි :P )

හරි දැන් ෆෝන් එකේ මෙනු එකට ගියාම පේන්න තියෙනවා "Superuser" කියලා ඇප් එකක්,



( මේ ඇප් එකෙන් තමයි ඔයාගේ ෆෝන් එකේ රූට් එක එක්ස්ප්ලෝර් කරන්න අවසර ගන්න තියෙන්නේ, ඒ වගේම සුපර් යූසර් පාවිච්චි කරපු ලොග්ස් පවා සටහන් වෙනවා , ඒ නිසා අපිට මේ ඇප් එකේ සටහන් වෙන ලොග් වලින් බලන්න පුලුවන් අපිට හොරෙන් වෙන ඇප් එකකින් උනත් සුපර් යූසර් ප්‍රිවිලේජ් අරගෙනද කියලා )

ඒත් එක්කම බලන්න තියෙනවා නේද කියලා "Root Explorer" කියන එකත් ( ඉන්ස්ටෝල් කරා නම් )



හරි දැන් ඒක ඕපන් කරන්න , එතකොට මේ වගේ සුපර් යූසර් ගේ පහසුකම් ඉල්ලයි ඒකත් "Allow" කරන්න



හරි දැන් ඔන්න ඇප් එක ඕපන් වෙයි සුපර් යූසර් හම්බුනා කියලා , දැන් ඊට පස්සේ ඔය මම මාක් කරලා තියෙනව වගේ "Mount R/W" කියන එක ටච් කරලා ඒක Read & Write මූඩ් එකට දා ගන්න



දැන් ඊලගට යන්න ඔයාගේ ෆෝන් එකේ ෆොන්ට් එක කොපි කරගත්තු තැනට
ඒ කියන්නේ ( ඇප් එක ඕපන් කලාම යටම තියෙන්නේ "sdcard" කියලා අන්න ඒක )

/sdcard



ඊට පස්සේ ෆොන්ට් ෆයිල් එක හොයාගෙන ඒක ටැප් කරන්න, දැන් එන මෙනු එකෙන් "Copy" කමාන්ඩ් එක තෝරන්න

දැන් ආයෙත් බැක් කරලා රූට් එකෙන් යන්න මෙන්න මේ පාත් එක දිගේ

/system/fonts

දැන් කෙලින්ම පේස්ට් කරලා ඕවර්රයිට් කරන්නත් පුලුවන්

නමුත් කෝකටත් කියලා "DroidSansFallback.ttf" කියන ෆෝන් එකේ ඩිෆෝල්ට් තියෙන ෆොන්ට් එක රී නේම් කරගන්න ( බැකප් එකක් විදිහට )

දැන් පේස්ට් කරන්න, ඔන්න එහෙනම් දැන් වැඩේ හරි, දැන් ෆෝන් එක එහෙම රීස්ටර්ට් කරලා, සිංහල තියෙන පිටුවකට ගිහින් බලන්නකෝ, වැඩද කියලා

Click Here For English Version From Tutebox

ඔබගේ අතින් සිදුවන වැරදි වලට මා වහකියනු නොලැබේ :P

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

13 Responses to Samsung Ace සිංහල දැමුවෙමි ( Sinhala On Android )

  1. මගෙ වෙලාව හොදකමටද කොහෙද ඇන්ඩ්‍රොයිඩ් එකක් නෑ :D :D :ඪ්
    ගත්තොත් අනිවා :)

    ReplyDelete
  2. තෑන්ක්ස් මචන්... රොම්බ තෑන්ක්ස්... අද රෑ වැඩ ගොඩායි!!! :D

    ReplyDelete
  3. සාටරේ - හික්ස්, පොඩ්ඩක් හිටු අරක ගොඩ දාගෙන,

    හසී - එහෙනන් මගුලකුත් කරගත්තා නේ??? රෑට වැඩලුනෙ :D ;)

    ඉශාර - ඇපල් වලට දාගන්න විදියක් කියපන් බං, මගේ එකේ "ඇ" ඩිස්ප්ලේ වෙන්නෑ. මගේ වගේ කමන්ට් පාස් කරා ඕන් ;)

    ReplyDelete
  4. @සාටර්
    උබට ඉතින් ඇපල් පිස්සුවනේ :D

    @Crazy Hasi
    වෙල්කම් වේවා
    දාගෙන අපිටත් ස්ක්‍රීන් ශොට් එකක් එවන්නකෝ :D

    @මලියා
    ඒක තමයි බන් මටත් මේ කමෙන්ට් එක කියවද්දි ටියුබ්ලයිට් උනා වගේ :P
    උබේ එකටත් දාන්න විදිහක් නම් තිබ්බා වගේ මතකයි, හම්බුනොත් දෙන්නම් :P

    @Sanjaya
    ස්තූතී :)

    ReplyDelete
  5. Samsung Ace Brand new තියෙනවා 29k(no warranty) කට ලාබයිද?

    ReplyDelete
  6. මගේ 2.2.1 තියෙන්නෙ.. මේ ක්‍රමෙට කරන්න බැරි උනා..!

    තව මේවා ඔක්කොම කරන්න කලින්

    Settings > Applications > Development > USB Debugging කියන එක Enable කරන්න ඔනි..

    ReplyDelete
  7. @චමිත්

    හ්ම්ම්, 29කට නම් ලාබයි, හැබැයි නෝ වොරන්ටි කියන එක තමයි ප්‍රශ්නේ :\

    @බනී
    ශික් එච්චර ගානක් ගියේ නෑ, ඩිෆෝල්ට් එන්නේ එන්බල් නිසා :\

    ReplyDelete
  8. මම galaxy tab එකක් ගත්තා... බයයි අප්පා සෙල්ලම් දාන්න....

    ReplyDelete
  9. root කරන්න කලින් sd card එක ගලවන්න ඔනද?

    ReplyDelete
  10. @troshantha

    මටත් ඉස්සෙල්ලා නම් බය තිබ්බා, හැබැයි ඉතින් බය පැත්තකින් තියන්න වෙනවා මේව කරද්දි නම් :P

    @චමිත්
    නෑ නෑ SD Card එක ගලවන්න ඕනේ නෑ

    ReplyDelete
  11. තැන්ක්ස්.....................

    ReplyDelete
  12. තැන්ක්ස් මචන්

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.