පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]

ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P

නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........

ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි

බොහෝ විට කොල පාට
විරූපී මුහුනක්
ලොකු ඇස්
( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක් නැත )
කටු ගැහිච්ච පැක් එකක් ( ඒ කිව්වේ ඇඟ ගැන :P )

මම හරි නම් මෙන්න මේ වගේ ඩයල් එකක් නේද හිතේ මැවුනේ ?


හරි එහෙනම් අපි ඊලගට බලමු මීට වඩා වෙනස් විදිහට ඒලියන්ලා කියලා කියන අයගේ රූප


මේ පෝස්ට් එක පින්තූර වලින් පුරවන්න බැරි නිසා මෙන්න ගූගල් එකේ Alien කියලා ගැහුවම දෙන පින්තූර ටික, පෝස්ට් එක තේරුම් ගන්නම නම් බලලා එන්නකෝ 


ඔතන වැඩියෙන්ම ඉන්නේ මම කියපු විදිහෙ අය තමයි, ඒ අතරේ ඒලියන් වෝස් ප්‍රඩේටර්ස් එකේ ඉන්න සතාත් ඉන්නවා, වැඩි වෙනසක් නෑ එකම තියරිය

හොදට බලන්න ඔය ඒලියන්ලා කියන අයගෙයි මිනිස්සුන්ගෙයි ඇගේ පිහිටීමේ වෙනසක් තියෙනවාද කියලා,

අපේ කකුල් තියෙන ආකාරයටමයි
අපේ අත් තියෙන විදිහටමයි
අපේ ඔලුව තියෙන තැන එහෙමමයි
ඇස්, කන්, කට, නාසය ඒවත් එහෙමමයි
ඇවිදින විදිහ, අපි වගේම කකුල් වලින්

ඉතින් මම කියන්න යන්නේ අපි එකම පරිනාමනයේ කියලා නම් නෙමෙයි :P


ඔය ඔක්කොම දේවල් මැවුනේ චිත්‍රපටි වලින්, මමත් ඔය කියන ඒලියන්ස්ලාව දැකලා තියෙන්නේ ගොඩක් ෆිල්ම් වලින් ( ඉතිරි ටික පොත් වලින් )

දැන් කෙනෙක් කියන්න පුලුවන් Area 51 වල ඉන්න ජීවීයෝ ගැන,
ඔව් මම ඔය කියන දේ ගැන අහලා තියෙනවා, පොඩි කාලෙ තියෙන ඒලියන් පිස්සුවට ඔය ගැන තිබ්බ පොත් පවා අරගත්තා, සීඩී එකකුත් දුන්නනේ :P, දැන් නම් සීඩී එක නෑ හැබැයි මට ඒකේ හිටපු සතාගෙම ෆොටෝස් ගූගල් දෙයියා දුන්නා මේ තියෙන්නේ


ඉතින් නිකමට හිතලා බලන්න මේ හැම කෙනෙක්ම ඒ කිව්වේ ඒලියන්ස්ලා අපි වගේම හදලා හෝ හැදීලා ( හැදිලා නම් ශුවර් නෑ ) කොහොමද කියලා, මොකද මම තාම ඒලියන් කෙනෙක් දැකලා නෑ, ඒලියන් පිස්සුව තිබ්බ කාලේ නම් හිතාගෙන හිටියා අනිවා මටත් එකෙක් හරි ඇවිල්ලා නිකං අමුතු පවර් එකක් දෙයි කියලා :P

ආයේ පාරක් නිකමට වගේ හිතලා බලන්න ඔක්කොම එහෙම උනේ අපිව අනු කරනය කරලා නම්.......

බැරි වෙලා හරි මිනිස්සු කියන අය අර හම්ෆ්‍රී ඩම්ෆ්‍රී වගේ බිත්තර වගේ උනා නම් හෝ, උරගයෝ වගේ උනා නම්....... , අද එහෙනම් අපි බලන ෆිල්ම් වල ඉන්න ඒලියන්ලත් ඒ වගේම වෙයි :D

ඔන්න ඕක කියන්න තමයි මෙච්චර වැල් වටාරම් ගෙතුවෙ ඔන්න :D

මම ඔය කියපු විදිහට වෙනස්ව ගිය, මිනිසාට සමාන නොවන ආකාරයට හදපු එකක් තමයි ඔය යටින් තියෙන්නේ ;)


පෝස්ට් එක තේරෙන්නේ නෑ වගේ නම් ඉතින් සොරි.ටීකේ :P, පොඩ්ඩක් දෙපාරක් විතර කියවලා බලන්න මීටර් වෙයිද කියලා

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

18 Responses to පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]

  1. මං නම් කියන්නෙ බං පිටසක්වල ජීවින් කියලා තාම කොඨාශයක් පරිණාමය වෙලා නැහැ. ඕක තව කාලයක් ගිහින්.. වදුරාගෙන් අපි පරිණාමය උනා වගේ.. මිනිස්සුන්ගෙන් ඒලියන්ලා බිහි වේවි :D

    ReplyDelete
  2. @සාටරයා
    ඇති යංතම් වෙලාවට :P

    @බනී
    :D ඒකත් වෙන්න පුලුවන්, එතකොට ඒලියන්ලත් ආසියා, ඇමරිකා, යුරෝපා කියලා ඉදී :P, පට්ටා :D

    ReplyDelete
  3. නෑ නෑ. එලටම තේරුනා. මම් ඔය කියන ඒලියන් ෆිල්ම් තුනමයි ඒලියන් වර්සස් ප්‍රෙඩියේටර් ෆිල්ම් එකයි බලලා තියෙනවා. නියමයි

    ReplyDelete
  4. ඔය පිස්සුව් මටත් තිබ්බා. උබ හිතුව විදිහටම මාත් හිතුවේ. ඔය මල යකෙක් ඇවිත් අමුතු පවර් එකක් දෙයි කියලා... හොද වෙලාවට කැම්පස් නොගියත් වෙන වැඩක් කරගන්න A/L පාස් උනේ....එල පොස්ට් එක බන් ජය වේවා...

    ReplyDelete
  5. මිනිසාගෙන් පරිනාමය වුන ඒලියන්ලනං ලංකාවෙත් ඉන්නවා නිකං පාරක ඇවිදිනකොට අනිවා දෙතුන්දෙනෙක් හම්බවෙනවා... :P

    ReplyDelete
  6. ඇත්ත සහෝ... ඒලියන් ලා මිනිස්සුවගේ වෙන්න ඕනේ කියලා අපේ ඔළුවට දදාලා තියෙන්නේ ෆිල්ම් වලින්... මම alien series එකේ පිටිසක්වල ජීවියාට කැමති ටිකක් අමුතු නිසා. ඊට වඩා විප්ලවීය ඒලියන් කෙනෙක් මම ෆිල්ම් එකක තාම දැකලා නෑ. තියේ නම් කියන්න. වෙනස් විදියට හිතනවාට සතුටුයි...!!!

    ReplyDelete
  7. අඩේ ඔය ආසාව නම් මටත් ‍පොඩි කාලේ ඉඳලාම තිබුනා :D උබ හිතපු එක නම් හැමෝටම හිතිච්ච දෙයක් මචං.. ඒලියන් කෙනෙක් ඇවිත් අපිට අමුතු පවර් එක්ක දේවි කියලා :D ඒත් පෘථිවියේ මිනිස්සු ඉන්නවා වගේම තව කොහේ හරි මොකකු හරි ඇති..

    ReplyDelete
  8. පිටසක්වල ජීවින් අපි වගේම වෙන්න නම් ඉතින් පෘථිවියේ පරිනාමයේදී වෙච්ච ඔක්කොම සිද්ධි ඒ විදියටම වෙලා, ඒ ඒ අවස්ථා වලදී තේරීමට ලක්වෙච්ච ය ඒ විදියටම තේරීමට ලක්වෙන්න ඕනේ. ඒ මදිවට ගුරුත්වය, ශක්ති ප්‍රභව , පරිසර තාත්තවත් එකම වගේ වෙන්න ඕනේ. ඔය ඔක්කොම ආසන්න වශයෙන් වත් එකම වගේ වෙන එකට සම්භාවිතාව ගොඩක් අඩුයි නේ. ඒක නිසා මේ කතාවත් එක්ක සම්පූර්ණයෙන් එකඟයි. ආතර් සී. ක්ලාර්ක් තුමා ලියපු ස්පේස් ඔඩිසි සිරිස් ඒක කියවල බලන්න. මට මතක විදියට නම් එකේ හිටිය ඒලියන්ස්ලා පොඩ්ඩක්වත් අපි වගේ නෙමේ ද කොහෙද :-)

    ReplyDelete
  9. ඔව් මචන්. අපි ගොඩක් දේවල් තේරුම් ගන්නේ අපිට එදා ඉදලා උගන්වලා තියෙන විදියට. අපිට රාමුවක් හදලා දීලා තියෙනවා ඒ රාමුව ඇතුලෙ ඉදපන් කියලා. අපි තාමත් ඒකේ ඇතුලෙ කොටු වෙලා බන්.

    ReplyDelete
  10. matat oya pissuwanam thiyenawa..ane manda..nasa karayo kiyana widihata api wage duppath ratawal walata un enne nane..un yannet USA wage ewatane..

    ReplyDelete
  11. @මධුරංග
    මම හිතුවෙ ටියුබ්ලයිට් වෙයි කියලා කට්ටියම :D
    මට නම් දැන් ඔය එකකවත් ස්ටෝරිය මතක නෑ :P

    @අත්වැල මමයි - වටිනාම දේ ඔබටයි
    ජය :)

    @කිඩෝ
    ඒ ලෝකල් ඒලියන්ලනේ බන් :D, මම කියන්නේ බ්‍රෑන්ඩඩ් ඒලියන්ස්ලා :P

    ReplyDelete
  12. @චතුරංග පෙරේරා
    සහතික ඇත්ත, ඒක අපේ ඔලුවල පොඩි කාලෙ ඉදන් එක එක විදිහට කොටලා තියෙන්නේ, මොනව වෙලාවක ඒලියන් කෙනෙක් හිතුනත් හිතේ මැවෙන්නේ අර වගේ පින්තූරයක් තමයි

    @Yohan Kanishka
    ඔව් මමත් පිලිගන්නවා කොහේ හරි ඇති කියලා නමුත් මම කියන්නේ ඔය අපි හිතන් ඉන්න විදිහෙ අය නම් නෙමෙයි ඉන්නේ කියලා,

    ReplyDelete
  13. @Shenya
    මම ඒක නම් කියවලා නැද්ද කොහෙද, බලමු හොයාගන්න

    @අනුරාධ
    ඇත්ත නමුත් ඒ රාමුවෙන් අපිට පනින්න ඕනේ තරම් පුලුවන් අවස්ථා තියෙනවා, උත්සාහ කිරීමයි වැදගත්

    @දිලීප
    ඔව් ඉතින් ස්ටීවල් ස්පීල් බර්ග් ඉන්නේ එහෙනේ බන් :D

    ReplyDelete
  14. ඔය ඔක්කොම ජෝන්ටෝ ඉන්නේ පිලුම් වල බං.. මටත් ඔය පිස්සුව තිබුන.. හැබැයි දැන්නම් මම කියන්නේ ඔයිං එකෙක් මට මිට උනේ නැත්නම් ඌකුන් නෑ කියල.. :P

    ReplyDelete
  15. කම්පියුටර් සොෆ්ට්වෙයා එකක් හදල තියෙන්නෙ කෝඩ් කරල. මේ ලෝකයේ ඉන්න හැම සතෙක්ම හැදිල තියෙන්නෙත් ඔය විදියට කෝඩ් කරල. ඒකට විද්්යාත්නයො කියන කස්ටිය කියන්නෙ ජෙනටික් කෝඩ් කියල. මම නම් හිතන්නෙ පිටසක්වල කියන්නෙ මේ වගේම ලෝකයක්. මිනිසාගේ වර්තමානයේ අනාගත පරිනාමයේ ස්වරූපයක් ඇති ජීවීන් එහෙ ඉන්නව ඇති. නමුත් විශ්වය තුල සැරිසන්නෙ ඒ අය ජෙනෙටික් කෝඩින්ග් වලින් කෝඩ් කරපු වෙනස් විදියෙ ජීවීන් කොට්ඨාසයක්. මානසික වශයෙනුත් දියුනු කරපු කොට්ඨාශයක්.. තව කියන්න ගොඩක් දේවල් තියෙනව ඒත් ටයිප් කරන එක වස කම්මැලියි..

    ReplyDelete
  16. ඇඩෝ මම නම් කියන්නේ අපි කියන්නේ මේමේ නෙවෙයි.. වෙන මොකක් හරි අපි නොදන්න ජෙනටික් කෝට් එකක් ඇති.. සමහර විට ඔක්සිජන් වෙනුවට වෙන මොකක් හරි වායුවක් ආෂ්වාස කරන.. සමහර විට කිසිම වායුවක් ආශ්වාස නොකරන.. වෙනම විදිහක එකක්.. පෘථිවය මත ඉන්න කිසිම ජීවියෙක් ගේ විදිහකට නැති එකක් ගැන.........

    මොකට බං ඔහෙම එකෙක් පරිනාමය උනානම් වෙන්නේ පොලොවට ආලේක වර්ෂ ගනනාවක් දුරින් තියෙන එකක වෙන්නත් පුලවන්.. එහෙම එකක තියෙන පරිසර තත්ව වලට අනුවයි ඒකා හැඩගැහෙන්නේ... ඒ නිසා අපි දැනට දැකලා තියෙන ජිවින් ගේ විදිහට අනුගත් කරගෙන පුර්ව නිගමන වලට එන එක වැරදියි..?

    ReplyDelete
  17. මේ විශ්වය ගැන හිතුවොත් ඉන්නෙ අපි විතරක් නෙමෙයි.එ මොකද විශ්වය අනන්තයි....එකෙ අපි පුංචි ඉලෙක්ට්‍රෝනයක් විතරයි.අපි වගේම පරිණාමය වුනු හෝ නොවුනු ජීවීන් ඉන්නවා.අවුල තමයි විශ්වය ගැන හොයන්න අපි තාමත් පුංචි වැඩියි.අපේ අැහැට තාම නොදැක්කාට හොඳටහිතුවොත් සාධාරණව එ බව තේරැම්ගන්න පුලුවන්...............

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.