අනවශ්‍ය සයිට් සොෆ්ට්වෙයාර් නැතුව බ්ලොක් කරමු

ලොක්කා වගෙ බ්ලොග් එකක් පටන් ගත්තා, පෝස්ට් දෙක තුනයි දැම්මෙත් , බලන කට්ටිය මුකුත් කියන්නේ නැතුව යද්දි මහන්සිය අපරාදේ කියල හිතෙනවා ඒක හින්දා ලියන්න හිතුනේ නෑ, ඊයෙ දැක්කා පූසෝ සෙට් එක මේ බ්ලොග් එක රොල් එකට දාලා තියෙනවා, ඒක හින්ද පොඩි කික් එකක් ආව ඔන්න ආයෙත් ලියනවා


මේ කියන්න හදන්නේ කිසිම මෘදුකාoගයක් භාවිතා කරන්නේ නැතුව වින්ඩෝස් වල ඔබට අනවශ්‍ය වෙබ් අඩවියකට යන එක වලක්වන හැටි.


මේක කරන්න තියෙන්නෙ Hosts කියන ෆයිල් එක එඩිට් කරලා

කරන්න ඉස්සෙල්ල Hosts කියන File එකේ බැකප් කොපි එකක් තියාගන්න

XP නම් මෙහෙම කරන්න.


Start > Run > මේ කෝඩ් එක ඇතුලු කරලා එන්ටර් කරන්න
notepad %windir%\system32\drivers\etc\hosts
[අපහැදිනම් පින්තූරය මත කොටන්න]
එතකොට මෙහෙම එකක් Open වේ අන්තිම Line එක ඉවර වෙන තැනට බ්ලොක් කරන්න ඕනේ වෙබ් සයිට් ටික ඇඩ් කරන්න මෙන්න මේ විදිහට එක සයිට් එකක් එක පේලියකට එන විදිහට


[අපහැදිනම් පින්තූරය මත කොටන්න]
උදා:-

127.0.0.1 facebook.com
127.0.0.1 youtube.com
127.0.0.1 twitter.com

අවවාදයයි - 127.0.0.1 කියන IP එක කිසි විටෙකත් වෙනස් නොකරන්න

ඊට පස්සේ ඉතින් Save කරලා බලන්න ඔය කියන සයිට් වලට යන්න පුලුවන්ද කියලා


Windows 7 use කරන අයට මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා.


මුලින්ම notepad එකේ Shortcut එකක් අරන් ඒක Right Click කරලා Run as Administrator click කරන්න.ඊට පස්සෙ Winkey + R ඔබලා Run box එක ගන්න.



%windir%\system32\drivers\etc\

මේ පාත් එක දාල එන්ටර් කරන්න. Open වෙන Folder එකේ hosts කියන File එක open උන Notepad එකට Drag කරලා දාන්න.ඊට පස්සෙ ‍xp වලට කරන්න තියෙන විදිහටම කරලා save කරන්න.

ආයෙත් ඒ සයිට් වලට යන්න ඕනේ නම් ඒ සයිට් එකට අදාල පේලිය මකලා දාන්න

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ට් එකකින් කියන්න !!!

Posted in , , , . Bookmark the permalink. RSS feed for this post.

9 Responses to අනවශ්‍ය සයිට් සොෆ්ට්වෙයාර් නැතුව බ්ලොක් කරමු

  1. එළ එළ මේක නං මාර විදිහට වටිනවා...
    කොම්පීතරේ බේරගන්ඩ..

    ReplyDelete
  2. නියම පෝස්ට් එක. අනේ ඉතින් මටනම් බ්ලොක් කරන්න දෙයක් නෑනේ :D මම විතරයිනේ පාවිච්චි කරන්නෙ. බ්ලොක් කරොත් එහෙම ඒවාට යන්න බැරිවෙනවනේ :D

    ReplyDelete
  3. @තරිඳු

    ඔව් අනිවා කරදර කාරයන්ගෙන් බේරගන්න

    @ප්‍රමෝද්

    මතක තියාගන්න,කවද හරි ඕනේ වෙනවා

    ReplyDelete
  4. අමතක උනා :පී - ප්‍රතිචාර වලට ස්තූතී

    ReplyDelete
  5. ඔය තියෙන්නේ හොදට...වැදගත් ලිපියක් :) නවත්තන් නැතුව දිගටම ලියන්න...කොමෙන්ට් බලාපොරොත්තුවෙන්ම නෙමේ..ඔයාට දවසක ආත්මික තෘප්තියකුත් දැනේයි..

    ජය..

    ReplyDelete
  6. එළ මචෝ........................

    ReplyDelete
  7. නිම්ශා , චින්තන
    බොහොම ස්තූතී අදහස් වලට

    @නිම්ශා

    ඔව් කවුරු හරි මේක බලලා මොකක් හරි ඉගෙන වත් ගනීනේ, ඔන්න ඔහෙ ලියනවා

    ReplyDelete
  8. අම්මෝ අමාරුවෙන් හොයාගත්තේ ! කොමෙන්ට් එයි වල නොකැඩී ඔහොම යනකොට.. මං වගේ අගක් මුලක් නොදන්නා උන්ට ලොකු උදවුවක් (ජය්යා)

    ReplyDelete
  9. @ජය්යා

    තෑන්ක්ස් මචන්, කාට හරි වැදගත් උනා නම් එච්චරයි :)

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.