ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...



කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි

ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම්

ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක

මේ ලින්කුවෙන් ඒක ගන්න

ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක්

හරි ඊට පස්සේ ඔයාගේ කුකීඑක තියෙන සයිට් එකට ( ඒ කියන්නේ කුකී එක අදාල සයිට් එක, උදා Hotfile, Fileserve, Filesonic ඔය වගේ ) යන්න

ඊට පස්සේ ඒ සයිට් එකේ ඉදිද්දි Cookie Injector එකේ අයිකන් එක උඩ කොටන්න
එතකොට මෙන්න මේ වගේ පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් එක්ක කොටසක් විවෲත වෙයි

අපැහැදිලී නම් පින්තූරය උඩ කොටන්න

ඊට පස්සේ ඔය ඔයා ලග තියෙන කුකී එක ඔය ටෙක්ස්ට් බොක්ස් එකට දාලා "Inject Cookie" කරන්න
එතකොට සයිට් එක ඔටෝම රී ෆ්‍රෙශ් වෙයි, ඔයා එකව්න්ට් එකකට ලොග් වෙලා තියෙයි

( කවුරු හරි මේවගේ ප්‍රීමියම් එකව්න්ට් ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න, එහෙම උනොත් අපිට ඒවා ලබා දෙන්න පුලුවන් )

Posted in , , , , , , , | 5 Comments

( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....

අද නම් පොඩි උපදේශයක්

ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව

බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි

හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි

ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ඩොන්ගලෙන් අදින කෙනා කියල 8GB අදින්නේ බොහොම අමාරුවෙන්

හැබැයි මේ සමහර අයගේ බ්ලොග් ලෝඩ් වෙන්න ගියාම මම නම් හිතන්නේ මෙගාබයිට් 10ක් වත් යනවා :D (  ඔහොම බලන්න එපා බොලව්, මම කුනෙක් නෙමෙයි )

නමුත් මේ බ්ලොග් ලියන ගොඩක් අය කරන පොඩි වැරැද්දක් තියෙනවා ඒ තමයි බ්ලොග් එකට ලෝකේ වටේම තියෙන අරවයි මේවයි ඔක්කොම ඔබන එක , ( ඔව් ඒක තමන්ගේ කැමැත්ත තමයි හැබැයි කියවන්න වෙන්නේ අපිට නේ ඉතින් අපිට මොකක්ද මොකක්ද වගේ )

උදාහරනයක් විදිහට ගත්තොත්, සමහර අයගේ බ්ලොග් වල ( මේක සයිට් වලටත් අයිතී )

ඔරලෝසු
මව්ස් එකට බ්ලොග් එකේ නම දාපු වලිග
සෝශල් සවිස් වලට ශෙයාර් කරන්න තියෙන කෑලි 2ක් 3ක්
මාලු ටැoකි ( ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් ටැoකියට නම් අව්ලක් නෑ :P )
තරුවැල්
කඩා වැටෙන තරු
ඔය සයිඩ් බාර් එකට ඔබන එක එක ගැජට් කෑලි
අලි පත සයිස් බැක්ග්‍රව්න්ඩ් එක ( ටුවිටරේ ප්‍රොෆයිල් එකක් වගේ )
ඔය එක එක ඇඩ් එබීම්

මේ වගේ දේවල් නිසා සමහර අයගේ සයිට් ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩියක්වත් යනවා, සමහර අයගේ ඒවා ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ බ්‍රව්සරේ රව්ම තාම කැරකෙනවා




මේක බලන්න මේතන ශෙයාර් කරන්න තුන් විදිහටක තියෙනවා, ඉතින් මේ තුනෙන්ම වෙන්නේ එකම දේ නේ අපි උනත් වැඩිම උනොත් ටුවීට් කරයි, බස් ශෙයා කරයි නැත්නම් පොතට ශෙයා කරයි, ඉතින් මෙච්චර ගොඩක් තියෙද්දි ටිකක් අව්ල් අව්ල් වගේනේ

මේ වගේ තව සෑහෙන්න තියෙනවා, ඉතින් පොඩ්ඩක් මොනවා හරි යොදද්දී ඒක තැනට ඔබින විදිහට දාන්න මතක තියාගන්න

ඔරලෝසුව දාලා තියෙන එක ගමු, 

ඉතින් අපේ ගෙදරත් ඔරලෝසුවක් තියෙනවා නම් කොම්පීතරෙත් මොන ඔපරේටින් සිස්ටම් එක උනත් වෙලාව තියෙනවානේ, ඉතින් එහෙව් එකේ ඇයි ඔරලෝසුවක්

මේ ලගදි ගෑනු ලමයෙක්ගේ බ්ලොග් එකක දැක්කා තරු කඩා හැලෙනවා, මව්ස් එක එහාට මෙහාට යන්නේ පැන පැන :D

ඉතින් මේ වගේ දේවල් තියෙද්දි අපිට කමෙන්ට් කරන්න තියා ලෝඩ් වෙනකන්වත් ඉන්න පුලුවන් කමක් නෑ

ඔය ශෙයාර් බටන් තුන තියෙන කෙනා මේක බැලුවොත් පොඩ්ඩක් සමාව බාජනය කරන්න ඒකම ගත්තාට

මම නම් කියන්නේ පුලුවන් තරම් බ්ලොග් එකේ දාලා තියෙන ගැජට් කෑලි අඩු කරන්න, අවශ්‍යම දේවල් විතරක් තියන්න


එහෙනම් අද පාඩම ඉවරයි :P

Posted in , , | 22 Comments

බස් පැදීමට නැවතත් [ Back To Buzz ]



මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ

මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ

ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන්

ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන එක හරි ගිහින්ද කියලා

යටින් තිබ්බා ආයේ එකව්න්ට් එක රික්වෙස්ට් කරන එක ඒක කලත් හරි ගියේ නෑ

දවස් තුනකින් පස්සේ බැලුවත් හරි ගිහින් තිබ්බේ නැති නිසා නිකමට කියවලා බැලුවා මොනවා හින්දාද මේක සස්පෙන්ඩ් කොරලා තියෙන්නෙ කියලා, හෙන දිග හෑල්ලක් තියෙනවා එකක් ප්‍රොෆයිල් පික් එකලු, අනිත් එක මම දීලා තියෙන තොරතුරු බොරු එව්වාලු :D

මොන කෙහෙල්ගහක්ද කියලා ගත්තා ප්‍රොෆයිල් එක එඩිට් කලා ප්‍රොෆයිල් එක, තිබ්බ තොරතුරු ඔක්කොම අයින් කරලා දැම්මා, පින්තූරෙත් අයින් කලා, එහෙම කරලා ආයේ ඉල්ලුම් කලා ප්‍රොෆයිල් එකට, බුහ් හහ් හා

පැය 3ක් ඇතුලත එකව්න්ට් එක ආයේ වැඩ :D

මම මේක ලිව්වේ බැරි වෙලා හරි ආයේ කාගේ හරි එකව්න්ට් එකට මෙහෙම උනොත්, මේ විඩිහට කරලා බලන්න ගොඩක් දුරට හරියන්න පුලුවන් :)

Posted in , | 4 Comments

මොකාද මේ *** ?



ඔන්න තවත් එක දිනක් ( 11/05/04 ) සුපුරුදු පරිදි බස් පදින්න කියලා මේල් එක එහෙම ( රිකවර් කරගෙන ) ලොග් වෙලා ඔන්න ගියා බස් පැත්තේ ම්හු,

 වැඩ කරන්නේ නෑ කමෙන්ට් කරන්න බෑ, හිටපු ෆලෝවර්ස්ලා නෑ, බස් ප්‍රොෆයිල් එකට ගියාම එහෙම ප්‍රොෆයිල් එකක් නෑ ලූ ( හැබැයි බස් බලන්න පුලුවන් )

ගූගල් ප්‍රොෆයිල් එකට ගියාම දඩාර එරර් පොල්ලක් තියෙනවා, අරකයි මේකයි කියලා

පිලිවෙලට කියවලා බලද්දි කියලා තියෙනවා මොකෙක් හරි එකෙක් මාව රිපෝට් කරලා කියලා. ඒකත් වෙන්න පුලුවන් මොකද මේ මාස 5 ඇතුලත මගේ මේල් එකේ පාස්වර්ඩ් එක 4 පාරක් ගෙස්ට් කරන්න හදලා තියෙනවා

පසුව සොයා බලන විට සෝරෝටද මෙවැනි දෙයක් වී ඇත 

Posted in | 3 Comments

SLPL ගැන අදහසක්...


මුලින්ම කියන්න ඕනේ මේක විචාරයක් නම් නෙමෙයිමට විචාර ලියන්න බෑ :D
 ළගට කියන්න ඕනේ මේක වෙන්න කලින් මෙහෙම දෙයක් කළොත් කියලා මේ අදහස මට කිව්වේ තාත්තා
මේ පාර අව්රුද්ධට ගමේ ගියානේ ,  දවස් වල IPL එහෙමත් තිබ්බානේ , ඉතින් අපි ගමේ ගියා කියලා ගෙදරට වෙලා ඉන්නවයි,හැබැයි තාත්තාට නම් මැච් එකක් කිව්වොත් ආයේ මුකුත් ඕනේ නෑ :D
දැන් මෙහෙත් අලුතෙන්ම පටන් ගන්නනේ යන්නේ SLPL කියලා එකක් , මේ තියෙන්නේ වැඩි විස්තර මෙතන
ඉතින් එක දවසක් තාත්තා මැච් එක බලද්දි මමත් එතනින් වාඩි වෙලා පොඩ්ඩක් බලන්න ගත්තා
දැන් මැච් එක බලන අතරේ තාත්තා මැච් එක ගැන කියනවා ( මේ තියෙන්නේ  කියපු දේවල් මමත් පොඩ්ඩක් එකතු කරලා )
ඇත්තට මමත් හිතන විදිහට IPL එක කියන්නේ ඇත්තටම ගත්තොත් බිස්නස් එකක්
ඉන්න සල්ලි කාරයෝ ටික සල්ලි ආයෝජනය කරලා ක්‍රීඩකයන් ගන්නවා ඊට පස්සේ පුළුවන් තරම් ඇඩ් ඔබලා ඒවගේ දෙතුන් ගුණයකසල්ලියක් හොයනවා
මේ තියෙන්නේ තාත්තාගේ අදහස

IPL 
ඉන්දියාව වගේ රටක තිබ්බාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ , මොකද ඉන්දීයාවේ ජනගහණයත් එක්ක බලපුවාම ඔය ඇඩ් දානවා වගේමඒවා විකීණීමට තියෙන ප්‍රතිශතයත් වැඩීනමුත් ලන්කාවේ ඔය වැඩේ කරන්න ගියොත් ලන්කාවේ ඉන්න ජනගහනය හා දැන් තියෙනදැන්වීම් ක්‍රමත් එක්ක බලපුවාම මැච් එක නම් හරියට ගහ ගනීහැබැයි මුදල් ආයෝජනය කරන අයට ප්‍රශ්නයක් එනවා මොකද එක ක්‍රීඩකයෙක්ව ගන්න සෑහෙන මුදලක් යනවා විශේෂයෙන්ම වෙනත් රට වල ටීම් වල කට්ටියව
අන්තිමට ගිය වියදම වත් කවර් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා
ඇත්තටම මට මේක එදා එච්චර මීටර් උණේ නෑහැබැයි මෙහෙත් තියන්න යනවා කිව්වාම තමා මතක් වෙලා ලියන්න හිතුවෙ






ජයවේවා

Posted in | 4 Comments

පින්තූරයේ අයිති කරු හොයමු !! [ Find Owner Of Facebook Photo ]



ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D
මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා

කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :-

, ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ කෙලින්ම ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඩිරෙක්ට් ලින්ක් එක අරන් දෙනවා, නැත්නම් කාගෙ හරි ඇල්බම් එකෙකින් උස්සලා දෙනවා :P , ඉතින් අපි හිතමු ඒ ෆෝටෝ එකේ අයිති කාරයාව අපිට හොයාගන්න ඕනේ කියලා ( ඔය නිලි බට්ටො එහෙම ඉන්න ඒවා :P ) , අර දීපු කෙනාගෙන අහනත් පුලුවන් එයා කිව්වේ නැත්නම් :\



වැඩේ කරන්නේ මෙහෙමෙයි

පැහැදිලි නැත්නම් පින්තූර උඩ කොටන්න

ඔයාට අයිතිකාරයා හොයන්න ඕනේ ෆෝටෝ එකේ ඩිරෙක්ට් ලින්ක් එකට යන්න ( මෙන්න මේ වගේ අන්තිමට .jpg )



ඊට පස්සේ අන්තිම ඉදලා ඉස්සරහට බලද්දි මෙන්න මේ විදිහට _ වලින් කොටස් කීපයකට වෙන කරලා තියෙනවා නේද , එතනින් පිටිපස්සේ ඉදලා තුන් වෙනි කොටස ( මේතන නම් රතු පාටින් සලකුනු කරලා තියෙන කොටස )

පැහැදිලි නැත්නම් පින්තූර උඩ කොටන්න


දැන් අන්න ඒ කොටස කොපි කරගෙන ( මේ පින්තූරෙ නම් 1300866994 ) ඔය පහල තියෙන ඇඩ්‍රස් එකේ රතු තරු ටික වෙනුවට කොපි කර ගත්තු අර ඉලක්කම් ටික දාලා ඒ එන ඇඩ්‍රස් එකට යන්න , ඔන්න ඔය තියෙන්නේ ඔය පින්තූරේ අයිති කාරයාගේ ප්‍රොෆයිල් එක

https://www.facebook.com/profile.php?id=*********



මේ වෙලාවෙ එහෙම ටෙස්ට් කරලා බලන්න පින්තූරයක් නැත්නම් ඔය මම උඩින්ම දාලා තියෙන පින්තූරේ අරන් ට්‍රයි කරන්න , ඊට පස්සේ ඔයාගෙම ෆොටෝ එකකටත් ට්‍රයි කරන්න 

එහෙනම් ජය වේවා 

Posted in , , , | 18 Comments

ෆේස්බුකියේ සින්ඩියක් ?? [ Facebook Blog Reader ]

 

මාතෲකාව දැක්කාම හොල්මන් වගේනේ, ඔව් ඒක ඇත්ත

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆේස්බුක් එකේ දවසෙන් බාගයක් විතර ඉන්න අයටයි මම වගේ HSDPA පාවිච්චි කරන අයටයි

මම දන්න විදිහට ගොඩක් අය කොහෙටවත් යන්නේ නෑ ඕවට යන්න කම්මැලී කියලා, හැබැයි ෆේස්බුක් ශෙයාර් එකක් තිබුනොත් නම් ගිහින් බලනවා, අනිත් එක දවසකට ඔය පොතේ පිටූ කීයක් නම් පෙරලනවාද , ඒකට තව එකක් දෙකක් වැඩි උනාට මුකුත් වෙන්නේ නෑ  :P

මේකෙන් සිද්ද වෙන කාරනය පැහැදිලි කලොත්,

                         1. මේ පිටුවට "Like" කරලා තියෙන අයට විතරයි මේ පහසුකම ලබාගන්න පුලුවන්.
                         2. මෙයට ඇතුලු කර තිබෙන බ්ලොගයක නව ලිපියක් පෝස්ට් කර විනාඩි 10 ඇතුලත ඔබගේ "News Feeds" තුල එය පෙන්වනු ලබයි, ( එය ඔබට මග හැරුනහොත් එම පිටුවේ වෝලය මත එය දැක ගත හැකිවේ ), නිකන් කවුරුහරි පෝස්ට් එක ශෙයා කලා වගේ


ඉතින් එහෙනම් ඔයාත් මේක හරහා කියවන්න හෝ මේකට බ්ලොග් එක ඇතුලත් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ පිටුවට ගිහිල්ලා ලයික් කරන්න, බ්ලොග් එක ඇතුලත් කරන්න නම් එතන්ටම වම් පැත්තෙන් තියෙනවා ඔබේ අඩවියත් ඇතුලු කරන්න කියලා එතනින් ඒ ෆෝම් එක පුරවලා එවන්න


Edit - අවසාන වශයෙන් කියන්න ඕනේ මට මේකට උදව් කරපු හැමදෙනාටම ගොඩක් ස්තූති වන්ත වෙනවා :)

Posted in , , | 11 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.