අද නම් පොඩි උපදේශයක්
ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව
බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි
හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි
ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ඩොන්ගලෙන් අදින කෙනා කියල 8GB අදින්නේ බොහොම අමාරුවෙන්
හැබැයි මේ සමහර අයගේ බ්ලොග් ලෝඩ් වෙන්න ගියාම මම නම් හිතන්නේ මෙගාබයිට් 10ක් වත් යනවා :D ( ඔහොම බලන්න එපා බොලව්, මම කුනෙක් නෙමෙයි )
නමුත් මේ බ්ලොග් ලියන ගොඩක් අය කරන පොඩි වැරැද්දක් තියෙනවා ඒ තමයි බ්ලොග් එකට ලෝකේ වටේම තියෙන අරවයි මේවයි ඔක්කොම ඔබන එක , ( ඔව් ඒක තමන්ගේ කැමැත්ත තමයි හැබැයි කියවන්න වෙන්නේ අපිට නේ ඉතින් අපිට මොකක්ද මොකක්ද වගේ )
උදාහරනයක් විදිහට ගත්තොත්, සමහර අයගේ බ්ලොග් වල ( මේක සයිට් වලටත් අයිතී )
ඔරලෝසු
මව්ස් එකට බ්ලොග් එකේ නම දාපු වලිග
සෝශල් සවිස් වලට ශෙයාර් කරන්න තියෙන කෑලි 2ක් 3ක්
මාලු ටැoකි ( ගෝල්ඩ් ෆිශ්ගේ බ්ලොග් ටැoකියට නම් අව්ලක් නෑ :P )
තරුවැල්
කඩා වැටෙන තරු
ඔය සයිඩ් බාර් එකට ඔබන එක එක ගැජට් කෑලි
අලි පත සයිස් බැක්ග්‍රව්න්ඩ් එක ( ටුවිටරේ ප්‍රොෆයිල් එකක් වගේ )
ඔය එක එක ඇඩ් එබීම්
මේ වගේ දේවල් නිසා සමහර අයගේ සයිට් ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩියක්වත් යනවා, සමහර අයගේ ඒවා ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නෑ බ්‍රව්සරේ රව්ම තාම කැරකෙනවා
මේක බලන්න මේතන ශෙයාර් කරන්න තුන් විදිහටක තියෙනවා, ඉතින් මේ තුනෙන්ම වෙන්නේ එකම දේ නේ අපි උනත් වැඩිම උනොත් ටුවීට් කරයි, බස් ශෙයා කරයි නැත්නම් පොතට ශෙයා කරයි, ඉතින් මෙච්චර ගොඩක් තියෙද්දි ටිකක් අව්ල් අව්ල් වගේනේ
මේ වගේ තව සෑහෙන්න තියෙනවා, ඉතින් පොඩ්ඩක් මොනවා හරි යොදද්දී ඒක තැනට ඔබින විදිහට දාන්න මතක තියාගන්න
ඔරලෝසුව දාලා තියෙන එක ගමු,
ඉතින් අපේ ගෙදරත් ඔරලෝසුවක් තියෙනවා නම් කොම්පීතරෙත් මොන ඔපරේටින් සිස්ටම් එක උනත් වෙලාව තියෙනවානේ, ඉතින් එහෙව් එකේ ඇයි ඔරලෝසුවක්
මේ ලගදි ගෑනු ලමයෙක්ගේ බ්ලොග් එකක දැක්කා තරු කඩා හැලෙනවා, මව්ස් එක එහාට මෙහාට යන්නේ පැන පැන :D
ඉතින් මේ වගේ දේවල් තියෙද්දි අපිට කමෙන්ට් කරන්න තියා ලෝඩ් වෙනකන්වත් ඉන්න පුලුවන් කමක් නෑ
ඔය ශෙයාර් බටන් තුන තියෙන කෙනා මේක බැලුවොත් පොඩ්ඩක් සමාව බාජනය කරන්න ඒකම ගත්තාට
මම නම් කියන්නේ පුලුවන් තරම් බ්ලොග් එකේ දාලා තියෙන ගැජට් කෑලි අඩු කරන්න, අවශ්‍යම දේවල් විතරක් තියන්න
එහෙනම් අද පාඩම ඉවරයි :P