මගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමා
** ෆේස්බුක් හැක් ** කරන්නේ කෝමද කියන එක .එක පුලුවන්ද කියල ගොඩක් දෙනා අහන නිසා තම මේක අද ලියන්න හිතුනේ.
ක්‍රම ගොඩක් තියනවා .
හැබැයි ෆේස්බුක් අඩවියට ගිහින් ඕක උස්සනවා කියන එකනම් හීනයක්. ලගදි කට්ටියක් නම් ඒකට සෙට් වෙලාලු .එත් ඒක සිරාවටම අමාරු වැඩක්.
ඒක ඒක සොෆ්ට්වෙයාර් වලට රැවටෙන්න ඕන නෑ . හැබැයි සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි. මොකුත් විශේෂ සොෆ්ට්වෙයාර් ඕන වෙන්නෙ නම් නෑ
මේක ඉතින් රු 3000 /= ක් 4000 ක් වියදම් වෙන වැඩක් . සමහර විට ඊටත් වැඩි වෙයි. එත් ඉතින් දැනගන්න ඕන දේ දැන ගන්නම ඕනනේ . මුලින්ම කියන්නේ මේක සම්බන්දව එන කිසිම ගැටලුවකට මම වග කියන්නේ නෑ.
ඒ හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.
ඒ වගේම නීතිමය ගැටලුත් මට අදාල වෙන්නේ නෑ .
මම මේක කියන්නේ අධ්‍යාපන අරමුණෙන් විතරයි.
ඒක හොදට මතක තියා ගන්න.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.
ඉස්සරලා මේක හරියට කියවල ඉන්න හදිසි නැතුව.
පස්සේ පිලිවලට වැඩේ පටන් ගන්න.
ෆේස්බුක් එකේ පාස්වර්ඩ් ඒක උස්සනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ . ලේසි උනානම් හැමෝම කරනවනේ.
මුලින්ම වෙනම ෆේස්බුක් අකවුන්ට් එකක් හදා ගන්නවනම් ගොඩක් හොදයි කියල හිතෙනවා . ඒක ඔයාලගේ කැමැත්ත .
දැන් අර හැක් කරන්න ඕන කෙනාව යාලුවෙක් කර ගන්න ඕන. රික්වෙස්ට් එකක් දැම්මොත් අක්සේප්ට් නොකර ඉන්නේ නැනේ සාමාන්යෙන්.
හරි දැන් මූලික වැඩ කොටස ඉවරයි.
ඊලගට එයත් එක්ක චැට් එකට යන්න ඕන. එයාට සැකයක් නොහිතෙන විදියට.
දැන් එයත් එක්ක හොදට යාලු කම ඇති කරගන්න එක ඔයාට බාරයි.
ඔයාගේ හොද යාලුවෙක්න්ම් මෙතෙන්ට එනකම් ඔයාට කරන්න වැඩි දෙයක් නෑ .
මේක මගේ පුද්ගලික ඉල්ලීමක්.
මේක හැමෝටම කරන්න යන්න එපා.
පේස්බුක් ඉවර වෙනවා සහතිකයි . ඒකට අපි කව්රුත් කැමති නැනේ.
ඒ වගේම අනුන්ගේ ප්ර්යිවසි ඒක ගැනත් හොදට හිතල බලලම මේ වැඩේට බහින්න.
ඒ වගේම මේකට පෝය දවසක් යොදා ගන්නත් එපා. ඔයාටම තේරෙයි හේතුව......
හරි හරි දැන් අපි වැඩේට බහිමුකෝ.
දැන් යාලුවෝ සෙට් එකකට පොඩි පාටි එකක් දෙන්න සෙට් කරන්න .
අර යාලුවටත් ඉන්වයිට් කරන්න.
හොද සැර බීම නම් මදි නොකියන්න ඕන වෙනවා. සෙල්ලම් වැඩක් නෙවේනේ.
මොනවාද කියන්න දන්නවනේ :ඩී
කට්ටියට හොදට ට්‍රීට් එක දෙන්න .විසේසයෙන් යාලුවට.
හැබැයි වෙනද වගේ කට්ටියට කලින් ඔයා පටන් ගන්න එපා.
මතක තියාගන්න ඌ හොද සිහියෙන් හිටියොත් මේ ට්‍රික් එක දාන්න බෑ .
ඒ වගේම ඔයත් හොද සිහියෙන් ඉන්න ඕන.
දැන් කොම්පියුටරේ ලග තියන් ඉන්න එක හොදයි.
ස්පෙසල් සොෆ්ට්වෙයාර් මොකුත් ඕනි නෑ .
යාලුවට හොදට වෙරි උනාම ඌ දැන් වැටිලා හොදට නින්ද යන්න ඔන්න මෙන්න.
දැන් පොර ගාවට හිමීට කිට්ටු කරලා මේ ටික කියන්න.
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ෆේස්බුක් ඩොට් කොම්.
ඔබ මේ පැමිණ සිටින්නේ ෆේස්බුක් වෙබ් අඩවිය වෙතටයි.
කරුණාකර ඉදිරියට යාමට ඔබේ ඊ මේල් ලිපිනය කියන්න .
ඌ කියනවා ෂුවර් .
ටක ගාල ඒක එන්ටර් කොර ගන්න.
දැන් මෙහෙම කියන්න
ස්ථිර කිරීමට ඔබේ මුර පදය කියන්න.
ඌට හොදට ට්‍රීට් එක දුන්නනම් ඌ කියනවා ෂුවර් .
හැබැයි ලෝබකමට හරියට ට්‍රීට් නොදී වැඩේ කොරගන්න ගියොත් ඌ මුර පදේ වෙනුවට වෙන වෙන පද කියන්න ඉඩ තියනවා .
ඒ නිසා ප්‍රවේසමෙන්.
~~මේක මේ කාගෙ හරි නෝට් එකක්ද කොහෙද දැක්කේ බුකියේ, ඔය හැක් කරන්න අහන අයට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා :D ~~
අතුරු ප්‍රතිපල වලට වගකියනු නොලැබේ* :P
අපෝ ඔය කියලා තියෙන්නෙ කතාවක් සික්
ReplyDeleteගෑණු ලමයෙක්ට පොවන්න බෑ නෙ..
ReplyDelete:D
ReplyDeleteමේ ඕයි.. අයියා.. කෙල්ලෙක්ට මෙහෙම කරන්නෙ කොමද කියපිය.. :D
ReplyDeleteපට්ට ඕයි.... මේකනම් සිරා. ට්‍රයි කොරලා බලන්න ඕන. :D
ReplyDeleteමූ ලීව්ව වගේ කොපි පේස්ට් කරල තියන අපූරුව :D
ReplyDeleteඑකනේ බං මුන් නිකමටවත් ගත්ත තැනක් කියලා නෑනේ.........
Deleteඅපිත් ලේ මස් ඇට නහර වලින් හැදුනු හැගීම් දැනීම් තියන මිනිස්සු.........
maru wede math karala balanna one :) :)
ReplyDeletemacho etha kota kellek ge account ekak hack karanne komada?
මේහ්, කෙල්ලෙක්ගෙ පාස්වර්ඩ් එක උස්සන්නත් ඔය ක්‍රමය වලන්ගුයිද බන් ඉසාරයො?
ReplyDelete@ශානු
ReplyDelete:D
@නිසුපා , බනී , bckurera , සාටර්
ඔය කොච්චර නෑ කිව්වත් මම දන්න විදිහට නම් බහුතරයක් කෙල්ලෝ හොරෙන් හරි පොඩ්ඩක් හරි බොනවා, එහෙමත් බොන්නේ නැත්නම් ඉතින් වෙන මොකක් හරි කරලා බලන්න වෙනවා ඒක ඉතින් ගෑනු ලමයගෙන් ගෑනු ලමයට වෙනස් වෙනවා :P
@Anonymous
අනේ ඇනෝ මේ අන්තිම හරියට එද්දි අකුරු කියවන්න අමතක උනාද ?
"~~මේක මේ කාගෙ හරි නෝට් එකක්ද කොහෙද දැක්කේ බුකියේ, ඔය හැක් කරන්න අහන අයට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා :D ~~"
නියම අයිඩී එකෙන් ආවට මම මුකුත් කියන්නේ නෑ :D
මචං වෙන රටක ඉන්න කෙනෙක්වත් මේ විදියට හැක් කරන්න පුලුවන්ද
ReplyDeleteමචං මගේ ෆේස් බුක් එකවුන්ට් එකත් ඔය ක්‍රමේට හැක් කරපන්කෝ! :D
ReplyDelete@රුචා
ReplyDeleteඔන්ලයින් පොවන්න බෑනේ බන්, ඒක හින්දා යන්නම වෙනවා :D
@පූසා
පූසොන්ට ඕවා පොවන්න හොද නෑ, අර වීඩියෝ තියෙන්නේ පුසො වෙරි උනාම දෙන ආතල් :D ලොල්ස් :D
ade meka nam sira.
ReplyDeleteමමත් කරල බලන්න ඕන වැඩක් :D
පට්ට කතාව ම්ච්ං.. කොහෙන් ඉස්සුවත් ආතල් නේහ්. .. ඔන්න මාත් උස්සනවා. එපා වගේ නම් කියහන් අයින් කොරල දාන්නම් :)
ReplyDelete