Showing posts with label Tips and Trix. Show all posts

Facebook පිටු සහ Timeline




මීට ටික කාලෙකට කලින් නෝමල් ප්‍රොෆයිල් වලට ටයිම්ලයින් එකක් කියලා එකක් දුන්නා මතක ඇතිනේ, කවුරු මොනවා කිව්වාත් ඒක ප්‍රොෆයිල් වලට නම් හොදයි
ඊට පස්සේ ගෘප් වලත් අර තරම්ම නැති උනත් බැනර් එකක් එක්ක පොඩි අප්ඩේට් ටිකක් ආවා ඒකත් හරි අව්ලක් නෑ
නමුත් මෙන්න මාර්තු 30 වෙනිදා ඉදලා තියෙන හැම පිටුවකටම ටයිම්ලයින් දෙන්න යනවාලු
අපිට කැමති නම් දැම්ම උනත් ඇක්ටිව් කරගන්න පුලුවන්, පේජ් එකට ගියාම උඩින් එන රිමයින්ඩර් එකෙන්

Posted in , | 9 Comments

Web Font වෙන බ්‍රව්සර් වලින් බලන හැටි..



වෙබ් ෆොන්ට් කියන්නේ අපේ පරිගනකයේ ඒ ෆොන්ට් එක නැති උනත් ඒ පිටුවේ තියෙන ටෙක්ස්ට් කොටස පෙන්නන විදිහක්, මූලිකවම වෙන්නේ ඒ ෆොන්ට් එක තාවකාලිකව ටෙම්පරි වලට ඩව්න්ලෝඩ් වෙන එක

හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඔය කියන වෙබ් ෆොන්ට් බලන්න වෙන්නේ IE නොහොත් Internet Explorer එකෙන් වීම

මේකට කලින් පොඩ්ඩක් මෙන්න මේ ලිපියත් බලලා එන්න, මෙතනින් මේ කියන වෙබ් ෆොන්ට් සහ වෙන සිද්දිය ගැන අවබෝධයක් ගන්න පුලුවන්,

මේකට පිලියමක් හොයද්දි ගූගල් එකෙන් තමයි ඔය ලින්ක් එකත් හම්බුනේ, ඔතන කියනවා වගේ ෆොන්ට් එක කන්වර්ට් කරන්න විදිහක් බැලුවට හම්බුනේ නෑ ඊට පස්සේ තමයි IE Tab ගැන හිතුවේ.


ක්‍රෝම් එකට නම් මේ Extension එක දාගන්න, Firefox එකට නම් පොඩ්ඩක් IE Tab කියලා සර්ච් කරලා එකක් අරන් බලන්න.


"Firefox එකට මෙන්න මේ ඇඩ් ඕන් එක ඉන්ටෝල් කළාම හරි! :)"  ( පූසට තැන්කූ )


ක්‍රෝම් එකේ එක ඉන්ස්ටෝල් උනාට පස්සේ උඩ බාර් එකට එන පොඩි අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Option යන්න

එතනින්

Icon Behaviour:
Switch between IE and Chrome
Popup menu 





කියන එකෙන් Popup Menu කියන එක දාලා Apply කරගන්න දැන් සාමාන්‍ය විදිහට ඔයාලට බලන්න ඕනේ සයිට් එකට යන්න, උදාහරනයකට රිවිර ගමු


ඊට පස්සේ අර කලින් ගිය අයිකන් එකම ආයෙත් ( Left ) ක්ලික් කරන්න එතනින් Switch To IE Model කියන එක දෙන්න එතකොට පිටුව ආයෙත් ලෝඩ් වෙයි ( සාමාන්‍ය වෙලාවට වඩා ටිකක් වෙලාව වැඩියෙන් යයි ) දැන් සිංහල පේන්න ඕනේ




ප.ලි = පෝස්ට් එක ටිකක් හදිස්සියෙන් වගේ ලිව්වේ ඒක හින්දා අව්ල් තියෙන තැනක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.

Posted in , , | 12 Comments

හිට්ස් වලින් සල්ලි හොයමු [ Making Money With Web Hitz ]


ඔන්න වෙනදා වගේම තවත් ටෙකියක් උස්සන් ආවා,ටෙකි නොබලන්නෝ මාරුවෙන්න :(


 සමහරු දැකලා ඇති ඔය ජොබ්ස් සයිට් වල තියෙනවා මගේ වෙබ් සයිට් එකට මෙච්චර හිට්ස් ගානක් අරන් දුන්නොත් මෙච්චරක් ගෙවනවා, මගේ බටේ වීඩීයෝ එකට මෙච්චරක් වීව්ස් දුන්නොත් මෙච්චරක් ගෙවනවා කියලා, ඒ වෙලාවට මේ වගේ දෙයක් කරලා ඒ වැඩේ ගොඩ දාගන්න පුලුවන්

ඉතින් ඔය වැඩේ කරන්න පොඩි පොඩි සොෆ්ට්වෙයා එහෙමත් තියෙනවා ඒවා ඉතින් නිකන් දෙන්නෙත් නෑ, ක්‍රැක් ගැන ශුවර් කරන්නත් බෑ, එච්චර දගලන්නේ නැතුව සරලවම කරන්න තමයි දැන් කියලා දෙන්නේ

ඉතින් අපිට ඔය කියන වැඩෙ සරලවම වෙබ් බ්‍රව්සර් එකකින් කරන්න පුලුවන් ඒ තමයි ඔපෙරා බ්‍රව්සරය
ඕනේ නම් ඉතින් අරන් ඉන්ස්ටෝල් කරගන්න Opera.com/download

කරන තියෙන වැඩේ සරලයි

ඉස්සෙල්ලාම හිට්ස් උවමනා කරන ලින්ක් එකට නෝමල් විදිහට යන්න ( තමන්ගෙම වීඩියෝ එකක් නම් ප්‍රතිඵල ඉක්මනටම බලාගන්න පුලුවන් )

ඊට පස්සේ ඒ පිටුව උඩ රයිට් ක්ලික් කරලා

Reload Every > ඒ පිටුව රීෆ්‍රෙශ් වෙන්න ඕනේ කාලය දෙන්න



ඔයාගෙම වීඩියෝ එකකට මේ වැඩේ කරලා බලන්න, එතකොට මයි වීඩියෝස් වල ඉක්මනටම පෙන්නනවා

මේක මම බ්ලොගේටත් කරලා බැලුවා වැඩේ සාර්ථකයි 

යන වෙලාවත් එක්ක වැටෙන හිට්ස් ගාන බැලුවොත්

තත්පර 5 = 1 Hit
මිනිත්තුවකට = හිට්ස් 12 යි
පැයකට = හිට්ස් 720යි

හිට්ස් 1000ක් වගේ ඕනේ නම් පැය 1 1/2 වගේ :D

අවවාදයයි = HSDPA කට්ටිය පරිස්සමින් මොකද හිට් එකක් කියලා වැටුනට අපි ඇත්තටම ඒ පිටුව බ්‍රව්ස් කිරීමක් වෙන්නේ

Posted in , , | 7 Comments

ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...



කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි

ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම්

ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක

මේ ලින්කුවෙන් ඒක ගන්න

ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක්

හරි ඊට පස්සේ ඔයාගේ කුකීඑක තියෙන සයිට් එකට ( ඒ කියන්නේ කුකී එක අදාල සයිට් එක, උදා Hotfile, Fileserve, Filesonic ඔය වගේ ) යන්න

ඊට පස්සේ ඒ සයිට් එකේ ඉදිද්දි Cookie Injector එකේ අයිකන් එක උඩ කොටන්න
එතකොට මෙන්න මේ වගේ පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් එක්ක කොටසක් විවෲත වෙයි

අපැහැදිලී නම් පින්තූරය උඩ කොටන්න

ඊට පස්සේ ඔය ඔයා ලග තියෙන කුකී එක ඔය ටෙක්ස්ට් බොක්ස් එකට දාලා "Inject Cookie" කරන්න
එතකොට සයිට් එක ඔටෝම රී ෆ්‍රෙශ් වෙයි, ඔයා එකව්න්ට් එකකට ලොග් වෙලා තියෙයි

( කවුරු හරි මේවගේ ප්‍රීමියම් එකව්න්ට් ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න, එහෙම උනොත් අපිට ඒවා ලබා දෙන්න පුලුවන් )

Posted in , , , , , , , | 5 Comments

පින්තූරයේ අයිති කරු හොයමු !! [ Find Owner Of Facebook Photo ]



ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D
මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා

කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :-

, ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ කෙලින්ම ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඩිරෙක්ට් ලින්ක් එක අරන් දෙනවා, නැත්නම් කාගෙ හරි ඇල්බම් එකෙකින් උස්සලා දෙනවා :P , ඉතින් අපි හිතමු ඒ ෆෝටෝ එකේ අයිති කාරයාව අපිට හොයාගන්න ඕනේ කියලා ( ඔය නිලි බට්ටො එහෙම ඉන්න ඒවා :P ) , අර දීපු කෙනාගෙන අහනත් පුලුවන් එයා කිව්වේ නැත්නම් :\



වැඩේ කරන්නේ මෙහෙමෙයි

පැහැදිලි නැත්නම් පින්තූර උඩ කොටන්න

ඔයාට අයිතිකාරයා හොයන්න ඕනේ ෆෝටෝ එකේ ඩිරෙක්ට් ලින්ක් එකට යන්න ( මෙන්න මේ වගේ අන්තිමට .jpg )



ඊට පස්සේ අන්තිම ඉදලා ඉස්සරහට බලද්දි මෙන්න මේ විදිහට _ වලින් කොටස් කීපයකට වෙන කරලා තියෙනවා නේද , එතනින් පිටිපස්සේ ඉදලා තුන් වෙනි කොටස ( මේතන නම් රතු පාටින් සලකුනු කරලා තියෙන කොටස )

පැහැදිලි නැත්නම් පින්තූර උඩ කොටන්න


දැන් අන්න ඒ කොටස කොපි කරගෙන ( මේ පින්තූරෙ නම් 1300866994 ) ඔය පහල තියෙන ඇඩ්‍රස් එකේ රතු තරු ටික වෙනුවට කොපි කර ගත්තු අර ඉලක්කම් ටික දාලා ඒ එන ඇඩ්‍රස් එකට යන්න , ඔන්න ඔය තියෙන්නේ ඔය පින්තූරේ අයිති කාරයාගේ ප්‍රොෆයිල් එක

https://www.facebook.com/profile.php?id=*********



මේ වෙලාවෙ එහෙම ටෙස්ට් කරලා බලන්න පින්තූරයක් නැත්නම් ඔය මම උඩින්ම දාලා තියෙන පින්තූරේ අරන් ට්‍රයි කරන්න , ඊට පස්සේ ඔයාගෙම ෆොටෝ එකකටත් ට්‍රයි කරන්න 

එහෙනම් ජය වේවා 

Posted in , , , | 18 Comments

Iphone, Black Berry ඕනේ එකක් එක්ක මූනූපොතට...........


අද කියන්න යන්නේ පොඩී සයිට් එකක් ගැන ඒකේ නම තමයි Facebook Multi Via

මේ සයිට් එකෙන් කරන්නේ ඔයාලට එක එක විදිහට Facebook එකේ Status එක දාන්න පහසුකම සලසා දෙනවා

දැම්මට පස්සේ පේන්නේ මෙන්න මේ වගේ


මේ තියෙන්නේ ඒකේ Facebook පිටුව : ගෙදර යන ගමන් ලයික් එකක් දාගෙන යන්න :D 

මේ තියෙන්නේ ඒ සයිට් එක

Go To There & Do Your Job ;) - HTTP://WwW.FBMV.Tk


වැඩිය ටෙම්ප්ලේට් එහෙම බර නැති එකේ පොඩි කමෙන්ට් එකක් එහෙම දීලා ගියා නම් හොදයි

P.S - මේක දැක්කට පස්සේ මගේ Iphone එකට සුබ පතපු කට්ටියගෙන් හොද බැනුමක් ශුවර් :D

Posted in , , | 5 Comments

අන්තර්ජායේ වැයවන දත්ත ඉතුරු කරගෙන අන්තර්ජාලය පීරමු


HSDPA පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මාසිකව තියෙන ඩේටා ප්‍රමානය ඉක්මනටම ඉවර වෙන එක ( විශේශයෙන්ම මට :P )

මේක ගැන අහලා ටෙච්කතා වලත් ටික කාලෙකට කලින් කතාවක් ගියා , එතකොට මම මේක දන්නේ නෑ :\

මේ ක්‍රමේ පාවිච්චි කරලා ගොඩක් වෙබ් අඩවි වලට ( විෂේශයෙන්ම බ්ලොග් වලට ) , මේතනදි ගොඩක් කිව්වේ සමහර අඩවි වලට මේ වැඩේ හරි යන්නේ නැති නිසා, මම හිතන විදිහටනම් මේකෙන් වෙන්නේ ඔය සයිට් වල තියෙන තීම් , සයිඩ් බාර් ඒව්ව මෙව්වා නැතුව මොබයිල් එකකින් බලන විදිහට පෙන්නන එක

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ

මෙන්න මේ ලින්ක් එකට යන්න ඉස්සෙල්ලාම

http://www.google.com/gwt/n?u=Your Url Here





ඊට පස්සේ ඔය රතු පාටින් තියෙන ටික තියෙන තැනට ඔයාට යන්න ඕනේ ඇඩ්‍රස් එක දෙන්න

එතකොට මෙන්න මේ වගේ

මේ බ්ලොග් එක ( මේක නම් ටිකක් අව්ල් වගේ හැබැයි ටිකයි :P )
සින්ඩිය.කොම් එක
කොත්තුව
අවකාශය



Posted in , , | 5 Comments

අනවශ්‍ය සයිට් සොෆ්ට්වෙයාර් නැතුව බ්ලොක් කරමු

ලොක්කා වගෙ බ්ලොග් එකක් පටන් ගත්තා, පෝස්ට් දෙක තුනයි දැම්මෙත් , බලන කට්ටිය මුකුත් කියන්නේ නැතුව යද්දි මහන්සිය අපරාදේ කියල හිතෙනවා ඒක හින්දා ලියන්න හිතුනේ නෑ, ඊයෙ දැක්කා පූසෝ සෙට් එක මේ බ්ලොග් එක රොල් එකට දාලා තියෙනවා, ඒක හින්ද පොඩි කික් එකක් ආව ඔන්න ආයෙත් ලියනවා


මේ කියන්න හදන්නේ කිසිම මෘදුකාoගයක් භාවිතා කරන්නේ නැතුව වින්ඩෝස් වල ඔබට අනවශ්‍ය වෙබ් අඩවියකට යන එක වලක්වන හැටි.


මේක කරන්න තියෙන්නෙ Hosts කියන ෆයිල් එක එඩිට් කරලා

කරන්න ඉස්සෙල්ල Hosts කියන File එකේ බැකප් කොපි එකක් තියාගන්න

XP නම් මෙහෙම කරන්න.


Start > Run > මේ කෝඩ් එක ඇතුලු කරලා එන්ටර් කරන්න
notepad %windir%\system32\drivers\etc\hosts
[අපහැදිනම් පින්තූරය මත කොටන්න]
එතකොට මෙහෙම එකක් Open වේ අන්තිම Line එක ඉවර වෙන තැනට බ්ලොක් කරන්න ඕනේ වෙබ් සයිට් ටික ඇඩ් කරන්න මෙන්න මේ විදිහට එක සයිට් එකක් එක පේලියකට එන විදිහට


[අපහැදිනම් පින්තූරය මත කොටන්න]
උදා:-

127.0.0.1 facebook.com
127.0.0.1 youtube.com
127.0.0.1 twitter.com

අවවාදයයි - 127.0.0.1 කියන IP එක කිසි විටෙකත් වෙනස් නොකරන්න

ඊට පස්සේ ඉතින් Save කරලා බලන්න ඔය කියන සයිට් වලට යන්න පුලුවන්ද කියලා


Windows 7 use කරන අයට මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා.


මුලින්ම notepad එකේ Shortcut එකක් අරන් ඒක Right Click කරලා Run as Administrator click කරන්න.ඊට පස්සෙ Winkey + R ඔබලා Run box එක ගන්න.



%windir%\system32\drivers\etc\

මේ පාත් එක දාල එන්ටර් කරන්න. Open වෙන Folder එකේ hosts කියන File එක open උන Notepad එකට Drag කරලා දාන්න.ඊට පස්සෙ ‍xp වලට කරන්න තියෙන විදිහටම කරලා save කරන්න.

ආයෙත් ඒ සයිට් වලට යන්න ඕනේ නම් ඒ සයිට් එකට අදාල පේලිය මකලා දාන්න

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ට් එකකින් කියන්න !!!

Posted in , , , | 9 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.