පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]

ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P

නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........

ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි

බොහෝ විට කොල පාට
විරූපී මුහුනක්
ලොකු ඇස්
( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක් නැත )
කටු ගැහිච්ච පැක් එකක් ( ඒ කිව්වේ ඇඟ ගැන :P )

මම හරි නම් මෙන්න මේ වගේ ඩයල් එකක් නේද හිතේ මැවුනේ ?


හරි එහෙනම් අපි ඊලගට බලමු මීට වඩා වෙනස් විදිහට ඒලියන්ලා කියලා කියන අයගේ රූප

Posted in , | 18 Comments

මාර්ක් සකබර්ග්ට කවියක් [ Poem To Mark Zuckerberg ]

Image From "thecampuscompanion.com"

ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D

Posted in , | 20 Comments

අපි අපිමද ?

නිකමට හිතලා බලන්න මේ දැන් ඉන්නේ අපිමද කියලා

ඉස්සර ස්කෝලේ යන දවස් වල "Love" කියලා එකක් දැක්කොත් පට්ට ෆන්

මට මතකයි එතකොට 3 වසරේ විතර ස්කෝලේ ගිය වෑන් එකේ එල්ලලා තිබ්බා එක පාරක් කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න යටින් "Love" සහ එකක් ඕක දැකපු වෙලාවේ ඉදලා කෙල්ලෝයි කොල්ලොයි හතර අතේ ඇබරෙනවා ( මමත් ඇතුලුව ) :P

ඒ කාලේ කපල් එකක් දැක්කොත් වැඩේම උන් දිහා බලන එක තේරුමක් ඇතුවත් නෙමෙයි

නමුත් අද වෙද්දී ?..............................



ඒ වගේම ටික කාලෙකට කලින් බනියා කිව්වා වගේම ඉස්සර අපිත් එක්ක සෙල්ලම් කරපු කෙල්ලොන්ගෙ මාර ගෑස්, දැක්කත් පේන්නේ නැති ගානට යන්නේ, පුහ්

ඒ දවස් වල සෙල්ලම් ගෙදර අම්මට හිටිය කෙල්ලො දැන් අදුරන්නේ නැති ගානට යන්නේ,

ඇත්තටම කාලය වෙනස් වෙලාද ?,  නැත්නම් අපි වෙනස් වෙලාද ?

Posted in | 20 Comments

කොලඹ සෙට් එක කුලක වීම..

ඔන්න ඉතින් බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ඔය චැට් කරන උන්දැලැ ටිකක් සෙට් වෙන්න මෙව්වා එකක් තිබ්බානේ අද ඔන්න ඉතින් මමත් නිකමට වගේ එන්නම් කියලා කිව්වා

ගෝල් ෆේස් එකට යන්න කලින් වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෑ නගා නොහොත් ශිරෝශිමා නාගසාකිගේ ගෙවල් තියෙන්නේ දැන් බත්තරමුල්ලේ උනාට හිතන් ඉන්නේ බත්තරමුල්ල තියෙන්නේ බොරැල්ලේ කියලා :D

ඔන්න එයාවත් එක්කගෙන කොටුවේ ස්ටේශන් එක ලගට ගියා චාටර් කොල්ලාව හොයාගන්න, හෆ්ෆා මූ චාටර් කිව්වට කට ගෙදර තියලද කොහෙද ඇවිල්ලා තිබ්බේ, වැඩි කතා බහක් නෑ, හැබැයි චැට් එකේ නම් අම්මේ කට :P

දැන් බස් එකේ ඇවිල්ලා ගෝල්ෆේස් එක ලග හෝල්ට් එකට කලින් හෝල්ට් එකෙන් අපිට එහා පැත්තේ හිටිය කපල් එකක් බැස්සා කොන්දොස්තර ඉස්සරහා හිටිය නිසා චාටර් කොල්ලගේ අතට රුපියල් 20 දීලා මල්ලි මේක කොන්දොස්තරට දෙන්න කියලා ( ටිකට් වලට ) බැහැලා ගියා, එතකොටම කොන්දා කෑ ගහනවා ගෝල්ෆේස් බහින්න කියල ඉතින් අපිටත් මොකෝ අර රුපියල් 20ට තව 16 දීලා අපිට ටිකට් අරගෙන අපි මාරු උනා :D

කොහොමින් හරි නගාව ඔන්න හෝගාන පොකුන ( මුහුද ) ලගට එක්කගෙන ගියා ගිය වෙලාවේ ඉදලා නිකන් මුහුද දිහා කන්න වගේ  බලං ඉන්නවා, හොයලා බැලුවම කතාව හරි, තිස්සමහාරාමේ ඉතින් තියෙන පොකුනු හෝ ගානවැයි :P, කවදා දැකපුවද ඉතින් කියලා අපිත් පාඩුවෙ හිටියා

අපි කශ්ටිය පොඩියට කතාවක් දාගෙන ඉදිද්දි මලියා කෝල් කරලා මාව පේන්නේ නෑ කියලා අර මැද තියෙන කොඩි කනුවට නැග්ගුවා ඒක වෙනම කතාවක් ඉතින් :D
හැබැයි මොනව උනත් පුතන්ඩියගේ හැටි දන්න හින්දම අම්මා මට කෝල් කරලා ඇහුවා මොකක්ද තියෙන්නේ කොහෙද කින්ද මන්දා කියලා :D

ඊට ටික වෙලාවකට පස්සේ "ADK කොලුව" ත් වයිපරේ එක්ක සැපත් උනා අපි හිටපු තැනට ඒ වෙලාවේ පහුගිය දවසක පෝස්ට් එකේ දැක්කනේ ඩිගිරියක් අරගෙන කියලා ඒක එහෙම අහලා ඉවර වෙලා කතා කරකර හිටියා මෙන්න එක පාරටම දිලීපය විදිනවා හෝ ගාලා

1. දැනටමත් ADK කොලුවා බැඳලයි කියලා
2. කඩවත ඉන්න පවියා ගාල්ලේ ඉන්නවා කියලා

 ඊට පස්සේ ඉතින් කට්ටියගෙ පොඩි හදුන්වා දීමක් එහෙම තියලා කශ්ටිය හදුනා ගත්තා, ඊට පස්සේ කට්ටිය එක එක කතා නගා නම් ඉතින් අර කොහේදෝ නැති ඕප දූප ටිකක් අල්ලගෙන අර අක්කාව සුද්ද කලා :P

එහෙ ගිහිල්ලත් මල් නෙලනවා 

ඊට පස්සේ නම් ඉතින් කට්ටියට එක තැන ඉදලා ඇති වෙලා වෙරල පැත්තට ගියා ඒ යද්දි එක පාරටම මොකක් හරි ගියා වගේ දැනිලා බලද්දි පවිත්‍රයා හුලගේ ගහගෙන ගිහිල්ලා :D

කොහොමින් කොහොම හරි කට්ටියම වෙරල පැත්තට ගිහින් සිරි නැරබූවා :D , දිලීපයා නම් ඉතින් ( ඇන්ටිද අක්කාද මන්දා ) කෙනෙක්ගෙ ලගට වෙලාම හිටියා මොකක්දෝ එකක් දැකලා :D

ඒ අතරේ ADK කොලුවාගෙන් අපිට එයා ගානේ කකුලුවෝ, ඉස්සෝ, කොකා කෝලා පාටියක් දුන්නා :D
( එකෙක් කේක් ගේනවා කියලා ගෙනාවේ නෑ ) ඒ හැම දෙයකටම ADK කොලුවට තෑන්ක්ස් ලොට් කියලා කියන්න ඕනේ :D

කෑම කාලා ඉවර උනා විතරයි :D


නගා :- අම්මෝ අක්කේ මේ පොකුන කවුද දන්නේ නෑ හැදුවේ

කාලා බීලා එහෙම ඉවර වෙලා අත පිහදාන්න උනේ පවියගේ කෝකටත් තයිලය ලේන්සුවෙන් ( ගෝනි රෙද්දකින්ද මන්දා මහලා තිබ්බේ )

මේ තියෙන්නේ ඒ ලේන්සුව අල්ලගෙන ඉන්නේ පවියා

කොහොමින් කොහොම හරි බවලත් ඩබල රැල්ල පාගන්න ගිහින් ආවට පස්සේ දිලිපයව බොහොම අමාරුවෙන් අර ඇන්ටිලාගෙන් බේරගෙන ඇවිල්ලා කශ්ටිය ඔය පොඩි ෆොටෝ එකක් එහෙම ගහලා එහෙම සතුටින් විසිර ගියා




පින්තුරය නගා විසින් ගන්නා ලදී.
පින්තූරය ADK කොලුවාගේ බ්ලොගයෙන් උස්සන ලදි 



P.S :- පවියට බෑග් හොයන්න සහ දිලීපයට මියුසික් බඩු හොයන්න නම් ජීවිතේට යන්න එපා :P
නගා වෙත :- අපිට කලින් ගිහින් අපිට මඩ ගහන්න ප්ලෑන් කොරල තිබ්බ හින්දා මෙන්න නගාට ස්පෙශල් මඩක් අපි ගානේ

Posted in | 13 Comments

වෙස්සන්තර සහ මනමේ නාටකයේ අබිරහස් සොයා අතීතයට යන ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් Part 1




ඔන්න ඉතින් ඊයේ දවසේ රාත්‍රියේ, බස් පදින කට්ටියක් බස් නාට්‍ර්‍යක් පැවැත්වුවා :D, බස් පැදපු අය නම් ඉතින් කතාව දන්නව ඇතිනේ මොකද උනේ කියලා, ඒ අස්සේ මඩ නම් සෑහෙන්න ගියා ඒවා දාන්න නම් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනවා, ඒක නිසා බස් දෙකේ ලින්ක් දාන්නම් මඩ ඕනේ නම් ඒවාගෙන් අරන් බලන්න :D - නාට්‍යයේ දෙවෙනි කොටස ලගදීම :D

බලපු නැති අයට මෙන්න කතාව විතරක් :D

චරිත

ශර්ලොක් හෝම්ස් - Lasitha Benaragama
Dr. වොට්සන්  -  Randika Sedara
අයිරින් මහත්මිය - හසී
Mr. බොතේජු - සිහින
ලෙස්ට්‍රඩ් - රජිත්
මයිකල් - දැලා නොහොත් මම
සෝරෝ - සෝරෝම තමයි
අස්ප කරත්තය දක්කන (_)නා - වැපා
පීකර්, ශ්‍රව්‍ය උපකරණ සැපයුම්කරු / ගැලවුම්කරු - බීටල්


පොතේ ගුරා ආරම්භය  :-

ලන්ඩන් නගරයේ... බක්කරේ වීදියේ...
ෂරලොක් හොම්ස් නම්... නුවණැති බුවෙක් ඉන්නේ...




දිනක් මුන් දෙන්නා..චාටර් කකා ඉද්දී...
අයරින් කියාලා... එල කෑල්ලක් එන්නේ...


හෝම්ස් - වොට්සන් මගේ මිතුරා
ඔබට පේනවාද අර ඈතින් එන කත

වොට්සන් - කත නොවෙයි මිත්‍රයා ලද

හෝම්ස් - ඕනි එකක් යකෝ.. ඒ ලඳ එන්නේ කොහේ ඉඳන් කියලද හිතන්නේ....

වොට්සන් -  මට නම් හිතා ගත නොහැකියි ශර්ලොක්... දිව්‍යලෝකේ ඉදලා වගෙයි

හෝම්ස් - වොට්සන් අපි නිගමන වලට එනකොට බාහර ස්වරූපය අමතක කරන්න ඕනි. ඔබට පේනවාද අර.. ලඳට එහා පැත්තේ බාගයක් ගහලා වගේ වැනි වැනි එන අනෙක් පුද්ගලයා....

වොට්සන් - අහා.. ඔව් නේද.. සිනහවෙන් හෝ කතාවෙන් බෑ නේ මනින්නට මිනිසා
නමුත් ඈ මිනිසෙකු නොවෙයි නේ ගැහැනියක්

හෝම්ස් -  ඒ එන්නේ අයිරින් ඇඩ්ලර්. අසලින් එන්නේ ඇයගේ සහකරු බර්නාඩ් බොතේජු.. ඔහු ඉන්නේ කසිප්පු පානය කර.. ඇය එන්නේ යමක් නැතිකරගෙන හැඩයි.. මම දුටු රූමත්ම ලඳක් වොට්සන්.. බලමු අපි ඇය එන්නේ කුමකටද කියලා....

(පඩි නගින හඬක් ඇසේ.)

වොට්සන් - බලමු ශර්ලොක්... මොනා උනත් ඇයට පිහිට වීම අපගෙ යුතුකමනෙ

අයිරින් මහත්මිය - ටොක් ටොක් (දොරට තට්ටු කරයි)

හෝම්ස් - ඔව් මගේ හිතාදර වොට්සන් අපි බලමු ඇයට අපෙන් මොනවද කෙරෙන්න ඕනි කියලා. ඇය දැනටමත් ඇවිල්ලා වගේ

වොට්සන් - (*කරාස් වොට්සන් ගොස් දොර හරියි* ) ආ අයිරින් මැතිනිය .. ගුඩ්මෝනින්

හෝම්ස් - ආ එන්න අයිරින් මැතිනිය මොනවද ඔබ මේ පාර නැති කරගත්තේ.

අයිරින් මහත්මිය - ගුඩ් මෝර්නින්.... මට සර්ලොක් හොල්ම්ස් මහත්තයාව හම්බ වෙන්න පුලුවන්ද?

හෝම්ස් - මම තමයි සර්ලොක් හෝම්ස්.. මේ මගේ සහායක වොත්සන්..

වොට්සන් - කියන්න ඔබට ඕනම දෙයක් අපි ඕනම දෙයක් හොයල දෙන්නම්!

බොතේජු -  හලෝ මිස්ටර් සර්ලොක් මම තමයි මෙයාව ළඟදී විවාහ කරගතේ...

හෝම්ස් - ඔහු හොඳටම වෙරිමතින් වගේ ගැටළුවක් නෑ අපි කෙලින්ම කතාවට බහිමු මොකද වුනේ

අයිරින් මහත්මිය - ඇත්තටම මහත්මයා මේකයි කාරණේ..

බොතේජු -  මල්ලිගේ සුරුට්ටුව පොඩ්ඩක් දෙනවද

වොට්සන් - ආ මෙන්න මිස්ට බොතේජු

අයිරින් මහත්මිය -  ඉහි ඉහි ඉහි (ඉකිගසමින්)

ශර්ලොක් - බොන්න බොතේජු මහත්තයා දෙහි ටිකක් එතකොට ඔය ගතිය ඇරිලා යයි...

බොතේජු - මලේ මට ඇල වෙන්න තැනක නැද්ද??

වොට්සන් - මේ දෙහි ටික බීලම ඇලවෙන්න මහත්මයා

අයිරින් මහත්මිය - මහත්මයා මම මුල ඉදන්ම කියන්නම්.අපි කසාද බැන්දේ පෙරේදා......

හෝම්ස් - ඔය දෙහි ටික බ්ව්වාම හරියයි ඕවා බිබිලේ දොඩම් බොතේජු මහත්තයා

අයරින් අඩාලා, පොඩි කෝලමක් දාලා

වොට්සාට ඉඟි මරාලා... ලොකු කතාවක් පටන් ගත්තා

බොතේජු - බ්‍ර්ර්ර්........ බ්‍ර්ර්ර්ර්ර්.........

වොට්සන්ද ශර්ලොක්ට ඉගිකරයි

අයිරින් මහත්මිය - ඇත්තටම මගේ ජිවිතේ විනාස උනේ එදා තමා... පේනවානේ මේ මිනිහා කරන දේවල් ඉහි ඉහි

(මේ අතර බොතේජු බර නින්දේ...)

හෝම්ස් - කියන්න ඇඩ්ලින් මහත්මිය මොකද්ද ගැටළුව

අයිරින් මහත්මිය - ඇත්තටම ඔහු හොද ගතිගුණ තියෙන මහත්මයෙක්..එත්

වොට්සන් -  ඔව් ඔව් ඒක පේනව මැඩම් දැක්ක ගමන්ම

හෝම්ස් - නිරවුල්ව පවසන්න අයිරින් මහත්මිය

අයරින් මහත්මිය - අපි මදුසමයට පිටත් වෙලා ගිය දවසේ රෑ මේ මිනිහා හොදටම බිලා මේ වගේම වැටිලා හිටියා..

වොට්සන් - ඈ... පුදුම මිනිහෙක්නේ

අයරින් මහත්මිය - එදා රෑ මම කෑම කන්න යනකොට මෙයා කාමරේ ඉද්දි මම පහලට ගියා

හෝම්ස් -  ආ ඉතින් ඊට පස්සේ මොකද වුනේ

අයරින් මහත්මිය - ඉහි ඉහි ඉහි (ඉකිගසමින්)

හෝම්ස් - කීයට විතරද අයිරින්

අයරින් මහත්මිය - රාතී‍්‍ර 7ට පමණ

හෝම්ස් - ඉතින් ඊට පස්සේ මොකද වුනේ

 ( වොට්සන් පුංචි පොතක් ගෙන කියන දෑ ලියාගනියි )

අයරින් මහත්මිය - ඊට පස්සේ මම මෙයා කාමරේ ඉද්දි දොර ලොක් කරලා පහලට ගියා

වොට්සන් - ඔබට හොදටම විශ්වාසද දොර අගුලු දැම්ම කියල

අයරින් මහත්මිය -ඔව් මහත්මයාණෙනි

හෝම්ස් - ඉතින් ඊට පස්සේ මොකද වුනේ

අයරින් මහත්මිය-  මම කාලා එනකොට අයියෝ.... ඉහි ඉහි ඉහි

හෝම්ස් - වොත්සන් අයිරින් නෝනාට තුවායක් දෙන්න

අයරින් මහත්මිය- අනේ මහත්මයෝ.... මම හීනෙන් වත් නොහිතපු දෙයක් වෙලා තිබ්බා

( වොට්සන් කාමරයට පැමින තුවායක් සොයයි ) ආ මෙන්න අයිරින් නෝනා තුවායක් ( තුවාය ඉබ දෙයි )

හෝම්ස් - ආහ් මොකද්ද වෙලා තිබුනේ අයිරින් අපට වහා පවසන්න

අයිරින් මහත්මිය - (වොත්සන් දෙස බලා තුවාය අතට ගනිමින්)

 අයිරින් මහත්මිය - අපේ කාමරේ දොර ඇරලා තිබ්බා....

හෝම්ස් - ඊට පස්සේ මොකද වුනේ අයිරින්

 අයිරින් මහත්මිය -මම දුවගෙන ගියා කාමරේ ඇතුලට

වොට්සන් - ආ ඉතින් ඉතින්

හෝම්ස් - ඇයි එකපාර දුවන්න හිතුනේ

අයිරින් මහත්මිය - මගේ ස්වාමියාට කරදරයක් වෙලා ඇති කියලා හිතුනා

(මේ අතර බොතේජු : බ්‍ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් )

හෝම්ස් - කියන්න අයිරින් මොකද වුනේ.

වොට්සන් -ඇයි ඔබට ඒ නෝන වගේ දෙයක් හිතුනෙ ඒවගේ බොහොම ආරක්ශා ඇති හෝටලයකදි

බොතේජු - කවුද ඔය....... (සිහිනයෙන් මෙන්...)

හෝම්ස් - මොකද එකපාර එහෙම හිතුනේ ඔබේ කතාවල් හරිම අවුල් සහගතයි සන්සුන්ව කියන්න වොට්ස්න් අයිරින්ට බ්‍රැන්ඩි ස්වල්පයක් දෙන්න

බ‍රැන්ඩි හෙම පොවලා... අල්ලා වාඩි කරවා..
විස්තරේ කියන්නයි... ශර්ලොක්කා කියන්නේ.

( වොට්සන් ‍ලැබුන අවසරයෙන් ඉතා කලාතුරකින් අරින බැරැන්ඩි ඇති කබඩ් එක හැර බැරැන්ඩි ස්වල්පයක් බී ඉතිරි බැරැන්ඩි ටික ඇයට ගෙන ගොස් දෙයි )

අයිරින් මහත්මිය -ස්තුතියි ඔබට

හෝම්ස් - ඉතින් කියන්න අයිරින් ඊට පස්සේ මොකද වුනේ

අයිරින් මහත්මිය - මම දුවගෙන දුවගෙන ඇවිත් බලද්දී මගේ ස්වාමියා කලින් විදියටම නිදාගෙන හිටියා.. එත්

හෝම්ස් -  කියන්න අයිරින් මොකද වුනේ.

අයරින් කියන්නේ... ෂර්ලොක් අහන්නේ...

මගියෝ කෑගහන්නේ/නරඹන්නේ...

ඊට පස්සේ මොකද වෙන්නේ... ඒ...ඒ......ඒ...........ඒ.....................!!!

අයිරින් මහත්මිය -  මගේ මගුල් මුදුව අතුරුදහන් වෙලා තිබ්බා මම එතන තියලා ගිය

හෝම්ස් - ඕ අයරින් අයරින්.. ඔබ මීට වඩා කල්පනාකාරී විය යුතුව තිබුනා

වොට්සන් -  ඔබට හොදටම විශ්වාසද ඔබ මුද්ද එහි තබා ගියා කියා ( වොට්සන් කට බලියාගෙන බලා සිටී )

අයිරින් මහත්මිය - ඉහි ඉහි මෙවැනි හෝටලේක මෙය කෙසේ විය හැකිද? අනේ දෙවියනි හෙට මගේ මව මට හොදටම බනි

                            අනේ මගේ මුදුව සොයා දෙන්න

හෝම්ස් - කලබල වෙන්න එපා අයරින් සියල්ල මා හට බාර දෙන්න. දැන් ඔබ ගෙදර යන්න.. වොට්සන් ලෙස්ට්‍රේඩ්ට ඇමතුමක් ගන්න

බොතේජු - කවුද ඔය කා ගහන්නේ යකොව්.. මට ටිකක් නිදාගන්න දීපියව්ව්..... (බොතේජු අසිහියෙන් පවසයි)

අයිරින් මහත්මිය -බොතේජු නැගිටින්න.. අප ආපසු යා යුතුයි

හෝම්ස් - මම හිතන්නේ අපිට අස්ව කරත්තයක් වුවමනා වෙයි. ඉන්න අයිරින් මම උදව් කරන්නම්

 බොතේජු - මට බෑ ගෑනියේ... මං මේ කොහෙද ඉන්නේ.....

                 කවුද මේ හපුටෝ දෙන්න..

අයිරින් මහත්මිය - ස්තුතියි ඔබගේ උදව්වට

අයිරින් මහත්මිය - මෙහෙ එනවා මිනිහෝ මට ලෑජ්ජා නොකර

බොතේජු -  බෑ බෑ බෑ (ළදරුවෙක් මෙන් පවසයි)

දෙවෙනි කොටස සදහා මෙතනින් යන්න

අයිරින් මහත්මිය - සික් මෙහෙමත් බේබද්දෙක්..

වොට්සන් - ( වොට්සන් ඇමතුම ගනී ) මිස්ට ලෙස්ට්‍රේඩ් ... ඉක්මනින් බේකර් වීදියට එන්න.. ලොකු හදිස්සියක්

හෝම්ස් - ආ එය ගැටළුවක් කරගන්න එපා මමයි වොත්සනුයි ඔහුව අස්ව කරත්තයකට ඇරලවන්නම්

අයිරින් මහත්මිය - මට වචන නෑ ඔබට ස්තුති කරන්න

වොට්සන් - අනේ ඕක සුලුදෙයක් ... මීට වඩා ලොකු දෙයක් උනත් ඕනෙ වෙලාවක කියන්න

අයිරින් මහත්මිය - හ්ම්ම්..... (හොරැහින් බලමින්)

හෝම්ස් - ඔබ වැනි ලඳකට උදව් කිරීම සතුටක් අයිරින්. හෙට හෝටලයේදී හමුවෙමු මම හිතන්නේ ලෙස්ට්‍රේඩ් අපිට උදව් කරයි

ලෙස්ට්‍රඩ්-හදිසි රාජකාරි වගයක් තිබ්බා හෝම්ස්.ඒකයි පරක්කු උනේ

අයිරින් මහත්මිය - ස්තුතියි ඔබ දෙදෙනාටම අප ඉක්මනින් හමුවෙයි කියලා විස්වාස කරනවා

ලෙස්ට්‍රඩ්-ඇයි කාටහරි කරදරයක් වෙලාද?

වොට්සන් - ඔව් ඔව් අප දෙදෙනාත් එහෙම ප්‍රාර්ථනා කරනවා අයිරින් මහත්මිය

හෝම්ස් - ඔව් ලෙස්ට්‍රේඩ් අයිරින්ගේ මගුල් මුද්ද නැතිවෙලා අපිට හෝටලය පරික්ෂා කිරීමට ඔබේ උපකාර අවශ්‍යයි..

ලෙස්ට්‍රඩ් - ඔය මුද්ද ගත්ත එකා මට කවුද කියලා හිතාගන්න පුලුවන්

හෝම්ස් - හා හා ලෙස්ට්‍රේඩ් දැන්ම උපකල්පන වලට එලඹෙන්න එපා

 ( වොට්සන් අයිරින් මැතිනිය අල්වාගෙන හෙමින් පඩිපෙල බස්සවා අස්වකරත්තයට නග්ගයි )

බොතේජු - අඩෝ මාව දාල ගිහින්, ඔහේ හිටු මගාඩ් දෙන්නා..

හෝම්ට්  - දැන් තව ටිකකින් වොත්සන් එයි අපි ඔහු එනකම් ටිකක් ඉමු

ලෙස්ට්‍රඩ්  - මට නම් හිතෙන්නෙම ඕකට ගේම දුන්නේ සෝරෝවා.මිනිහගේ කල් ක්‍රියාව යහපත් නෑ.පෙර කළ වැරදි තියෙනවා හෝම්ස් මහත්මයා.

බොතේජු පාරට පැමිණ වෙනත් ටාට නැනෝ රථයක ගොඩ වෙයි - මේ මල්ලි මේකේ මීටරේට නේද ගාන කඩන්නේ

( වොට්සන් පට්ට ජොලියකින් පඩිපෙල නැග ශර්ලොක් දෙසට එයි )

හෝම්ස් - සෝරෝ කියන්නේ අර රූම් සර්විස් කරන කොළු ගැටයා නේද?

ලෙස්ට්‍රඩ් - ඔව් මහත්මයා.රෑම් සර්විස් කරන කොල්ලා තමයි.අද රංගගේ මගේ ලෝකය පෝස්ට් එකේ හිටිය බුලට් එක මතකයි නේ :D :D

හෝම්ස් - එහෙනම් ලෙස්ට්‍රේ පරීක්ෂන බලපත්‍රයත් එක් ඔබ හෙට හෝටලයට එන්න අපි උදේ 9 වනවිට හෝටලයේ ඉන්නවා

ලෙස්ට්‍රඩ් - හරි.හෙට උදේ මම 8.59 වෙනකොට අදාල ස්ථානයට වාර්ථා කරන්නම්.සුභ ගමන් හෝම්ස් මහත්මයා

හෝම්ස් - සුබ සන්ධ්‍යාවක් ලෙස්ට්‍රේඩ්

වොට්සන් - එහෙනම් වෙලාවට ඉන්න ලෙස්ට්‍රේඩ්

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං තිරය වැසේ විරාමය....

__________________________________________________________________________________


කට්ටිය නිශ්ශබ්ද වන්න.........


෴෴෴තිරය විවෲත වේ෴෴෴


හෝම්ස් -  වොට්සන් ඔබ ලෑස්තිද තව විනාඩ් පහකින් අස්ව කරත්තය එනවා..

වොට්සන් - පොඩ්ඩක් ඉන්න ශර්ලොක් ඊයෙ බැරැන්ඩි බීල පොඩ්ඩක් බඩේ අමාරුව වගෙයි මම වැසිකිලියට ගිහින් එන්නම්

හෝම්ස් - වොට්සන් හරිද ඔබ... අස්ව කරත්තය පැමිණිලා...

වොට්සන් - ආහ් හරි ශර්ලොක් දැන් යමු මම ලෑස්තියි

(කරත්තය දක්කාගෙන වැපා පැමිණේ)

හෝම්ස් - අයිරින් වෙලාවට එතනට එන්න පුළුවන් අපි මේක දිහා මැදහත් විදිහට බලමු වොත්සන් දැන් අපිට ඉන්නවා ලෙස්ට්‍රේඩ් කියන විදිහට සැකකාරයෙක් සෝරෝ රූම් සර්විස් බෝයියා

( හෝම්ස්ට දුරකතන ඇමතුමක් )

( රිග්ස් යයි බිසී )

හෝම්ස් - අයිරින් කෝල් කරනවා වොත්සන් අපි මම හිතන්නේ වෙලාවට ආවා

වොට්සන් - ආ ඈ ද කෝල් කරන්නේ ( වොට්සන් හොරැහින් අංකය බලාගනී )

හෝම්ස් -  හලෝ අයිරින් අපි මේ අස්ව කරත්තෙන් බැසගත්තා විතරයි.. ඔයා කොහෙද ඉන්නේ

අයිරින් මහත්මිය - හලෝ මම මේ එනගමන් ටිකක් ඉන්න හෝම්ස් මහත්මයාණෙනි

හෝම්ස් - අයිරින් එනකම් අපි රූම් බෝයි සමග ටිකක් කතා කරමුද වොත්සන්

වොට්සන් - ඔව් ඒක හොදයි ශර්ලොක් .. මිනිහව තමයි මටත් හොදටම සැක ... මීට කලිනුත් මිනිහ කොච්චර දේවල් වලට අහුඋනාද

හෝම්ස් - නෑ වොත්සන් අපි නිරවුල්ව මේක දිහා බලන්න ඕනි.. එක පැත්තකින් බැලුවොත් අපිට වැඩේ වරදිනවා අපි දැනට හිතමු සෝරෝ නිවැරදියි කියලා

මයිකල් - හෙලෝ හෝම්ස් මහත්මයා, ලෙස්ට්‍රඩේට එන්න විදිහක් නෑ කිව්ව, ඒ වෙනුවම මම ආවා, කෝ දැන් අයරින් මෙනෙවිය

හෝම්ස් - කමක් නෑ මයිකල්.. අපට ලෙස්ට්‍රේඩ්ගෙන් අවශ්‍ය දේ කෙරුනා. ඔබ සෝරෝ අඳුනනවානම් ඔහුට කතා කරනවානම් ලොකු උදව්වක්.

සෝරෝ -  මහත්වරුනි ඔබලා මාව සෙව්වාද

මයිකල් - හෝම්ස් මහත්මයා මට පේන විදිහට සෝරෝව කවුරු හරි මත් ද්‍රව්‍ය වලින් මත් කරලා වගේ, අපි වෙන දවසක ප්‍රශ්න කිරීම් කලොත් හොදයි වගේ

වොට්සන් - මම කිව්වේ ශර්ලොක් .. මේ ‍සෝරෝ කොලුවා හරිම පිස්සු බූතයෙක් .. මේකා අදත් මොකක් හරි නරක බීමක් බීලා වගෙයි

හෝම්ස් -  නෑ ඒ ඔහුගේ හැටි.. ඔහුට පොඩි මානසික ගැටළුවක් තියෙනවා අපි ප්‍රවේසමෙන් ප්‍රශ්න කරමු.. වාඩිවෙන්න සෝරෝ..

(සෝරෝ පුටුවක් ලඟට ගෙන විමතියෙන් බලමින් වාඩි වෙයි)

හෝම්ස් - සෝරෝ පෙරේදා හවස 6ට විතර අළුත බැඳපු ජෝඩුවක් හිටියා ඔබට බාරවෙලා තිබුන කාමරයක් මතකද

සෝරෝ - ඔවු ඔවු හ​ට මතකයි....

                ඒ නෝනා ලස්සන නෝන කෙනෙක් නොවෑ.............. මට මතකයි මූනත්.....

( වොට්සන් සෝරෝ දෙස බලා ඔරවයි )

හෝම්ස් - නියමයි සෝරෝ.. ඇයගේ මංගල මුද්ද එදා නැතිවුනා ඔබට මතකද

සෝරෝ - ආ ඔවු ඔවු මට මතකයි ඒ නෝනගේ මුද්ද නැති වුනා කියලා කිවුවා...

හෝම්ස් - මහත්තයා බීලා හිටියා මතකයි නේද? මහත්තයා ඇතුලේ දාලා නෝනා දොර ලොක් කලා මතකද?

සෝරෝ - ඔවු ඔවු ඒ මහත්තයා කන පැලෙන්න බීලා හිටයේ මම තමයි බෝතලේ ගිහින් දුන්නෙත්

(දැන් අයිරින් මහත්මිය මෙම ඉස්තානයට පැමිණේ)

අයිරින් මහත්මිය -  හලෝ මහත්වරුනි

සෝරෝ -  ඒ නෝනා මුද්ද නෑ කියලා අඩ අඩ හිටියේ..... මාත් එක්ක කතා කර කර හිටියා ගොඩක් වෙලා....
මහත්තයට නම් සිහියක් තිබුනේ නෑ

හෝම්ස් - ආ එන්න අයිරින් අපි මේ සෝරෝ එක්ක ටිකක් කතා කර කර කර හිටියේ...

වොට්සන් - හලෝලෝ අයිරින් මහත්මිය ( වොට්සන්ද ඉදිරියට පැන අත සිපගනී )

අයිරින් මහත්මිය - හෝම්ස් මහත්මයාණෙනි ප්‍රගතියක්‌ තිබේද? (ලැජ්ජාවෙන් වොත්සන් දෙස බලමින්)

හෝම්ස් - සෝරෝ මේ නෝනා පහලට යනාකොට සෝරෝ කොහෙද හිටියේ..

මයිකල් - අයිරින් මහත්මිය මේ ශර්ලොක් මහත්මය ප්‍රශ්න කරමින් ඉන්නේ ,පරිස්සමින් මහත්මිය වොට්සන් දැන් ටිකකට කලින් නහය හෑරුවා :P

අයිරින් මහත්මිය - මොනවා ඉකේයියා

                            (වොත්සන් දෙස බලා ඔරවමින්)

හෝම්ස් - වෙන කවුරුත් එනවා දැක්කද සොරෝ ඹබ එනකොට කාමරේ දොර ඇරලද තිබුනේ

සෝරෝ - ඔවු ඔවු දොර ඇරලා තමා තිබුනේ.... මහත්තයට දෙහි එක පොවලා මම ගියා පහලට..

හෝම්ස් - හරි බොහොම ස්තූතියි සෝරෝ.. වොට්සන් අපි දැන් යමු කාමරේ බලන්න

බොතේජු -  අනේ අයිරින් මගේ පන... මොකෝ මෙතන වෙන්නේ.... මාත් ආවට කමක් නැද්ද

අයිරින් මහත්මිය - බොතේජු.. එන්න ස්වීට් හාට්...

බොතේජු -  එදා මං ඔබ තුමන්ලා දෙන්නට කරදර කලානම් සමා වෙන්න

වොට්සන් - අනේ නෑ බොතේජු මහත්මයා .... ඔබ දෙදෙනාත් අපි සමග ආවොත් හොදයි කාමරේ ලගට

 බොතේජු - කමක් නෑ... මං මෙහි සිටින්නම්... ඔබ අයිරින්ව රැගෙන යන්න...

( වොට්සන් සිතයි... ඒක හොදයි... උබ එලියෙ ඉදපන් )

අයිරින් මහත්මිය - යමු ස්වීට් හාට් අපි දෙන්නත් (බොතේජුගේ අතේ එල්ලී)

මයිකල් - එන්න හෝම්ස් මහත්මයා මම ඔබට කාමරේ පෙන්වන්නම්

බොතේජු - ඔයා යන්න අයිරින්.... (ගියායින් පස්සේ තව බෝතලයක් ඕඩර් කරන්න ඕනේ)

අයිරින් මහත්මිය -  බිලාම නැහෙනවා මේ මිනිහා.....(සිතමින්)

හෝම්ස් - රහසින් - වොට්සන් මෙතන බොතේජුත් කොනක ඉන්න පුළුවන් කියන එක මතක තියාගන්න. සිතේ තබාගන්න වොට්සන් සිද්ධියක් විසඳන්න පෙර කවුරුත් නිවැරදිත් නඍ වැරදිත් නෑ

වොට්සන් - රහසින් .... - ඒක හරි ශර්ලොක් .... මටත් මිනිහවඅල්ලන්නෙ නෑ ( මිනිහ කූඩු කලොත් මම ගොඩ ... හහ්හහ් හා )

මයිකල් - මහත්වරුනි අප දැන්වත් කාමරේ බලන්න යමු නේද

හෝම්ස් - කොතනද අයිරින් මුද්ද තිබුනේ

අයිරින් මහත්මිය -  අන්න අර කන්නාඩි මේසේ උඩ...

හෝම්ස් - එතකොට බොතේජු මහත්තයා හිටියේ ඇඳ උඩද නැත්නම් සෝපාව උඩද?

අයිරින් මහත්මිය - අනේ මගේ මුදුව ඉහි ඉහි ඉහි

                             සෝපාවේ හිටියේ

( සර්ලොක් කාමරය පුරා යමක් සොයමින් ඇවිදී)
(වොත්සන් අයිරින් සමග කතා බහක.................)

වොට්සන් -  මට ඔබ ගැන හරිම දුකයි අයිරින් මහත්මිය ... මම කිව්වෙ ඔබට උනු දේ ගැන

අයිරින් මහත්මිය - හ්ම්ම්ම්.. ඔබ කියන්නේ මුදුව ගැනද නැතිනම් මගේ ස්වාමියා ගැනද? (මුණ රතු කරගනිමින්)

වොට්සන් - ( දුක් මුසු ආදරනීය කාරුනික මුහුනින් )... මම කීවෙ ඒ දෙකම ගැන අයිරින් ... ඔබට කොහොම ඉන්න පුලුවන් කෙනෙක්ද .. මට හරිම දුකයි

අයිරින් මහත්මිය - මුදුව මට වටිනා වස්තුවක්..... එත් එක පලදවපු පුද්ගලයා ගැන ඔබටම පේනවනේ ඉහි ඉහි ඉහි

වොට්සන් - ඒකනේ මට දුක අයිරින් ( සෑඩ් මූඩ් )

අයිරින් මහත්මිය - මම මගේ ජීවිතේම නැති කරගත්තා බේබද්දෙක්ට රැවටිලා....... (අඩමින්)

 (මේ අතර බොතේජු VAT 69 වර්ගයේ මත්පැන් බෝතලයක් තොල ගායි)

මයිකල් - ශර්ලොක් ලොක්කා, වොට්සන් මහත්තයා එන පොට නම් හොද නෑ

වොට්සන් - අපි ඒකටත් මොනව හරි දෙයක් කරන්න බලමු අයිරින් මහත්මිය ( ශර්ලොක් පැමිනෙනු පෙනී වොට්සන් පසෙකට වේ )

අයිරින් මහත්මිය - මගේ මුදුවේ ප්‍රශ්නේ මදිවාට මම ඔබට වෙන දේවලුත් කියවනවා.. බොතේජු මොනවා කරනවාද දන්නේ නෑ

හෝම්ස් - අයිරින් කිසි දේකට බය වෙන්න එපා. දැන් වැඩේ විසඳුනා කියලා හිතාගන්න. වොත්සන් දැන් අපිට යන්න වෙලාව හරි.. යමු අයිරින් ඔබව අස්ස කරත්තෙකට ඇරලවන්න

වොට්සන් - ( අයිරින්ගේ කනට කර රහසින් ) බොතේජු මහත්මයා නම් පුදුම මිනිහෙක් නේද මහත්මිය ... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි පිට අය වෙච්ච අපි මෙච්චර මහන්සි වෙත්දි මේ මනුස්සයා බොනව ...

අයිරින් මහත්මිය -මිනිස්සුන්ගේ ගති අපිට වෙනස් කරන්න බෑනේ වොත්සන් මහත්මයා, මොනවා උනත් ඔහු මගේ සැමියා

හෝම්ස් - බොතේජු මහත්තයා ඔන්න ඔබගේ භාර්යාව රැගෙන ආවා දැන් අප යායුතුයි. ඔබලාට අස්ව කරත්තයක් සූදානම්ව ගේට්ටුව ලඟ නවතා තියෙනවා

අයිරින් මහත්මිය - එහෙනම් ඔබ මට ඉක්මනින් මුදුව සොයා දෙයි කියා මා සිතනවා

බොතේජු - මල්ලි මං පොඩ්ඩක් ඩා ගත්ත... පොඩ්ඩක් දෙන්නද.. මහන්සිත් ඇතිනේ...

අයරින් මෙහත්මිය - බොතේජු (කෝපයෙන් රවමින්)

වොට්සන් - පේනව නේද මහත්මිය ... මොහුත් එක්ක තව දුරටත් එකට ඉන්නවද කියල හොදට හිතල බලන්න ... (පැණි මූන)

බොතේජු -  අරි අරි...... ඉඳල හිටලා පොඩ්ඩක් ගත්තට මක වෙනවෙයි..... නේද මල්ලේ

අයරින් මෙහත්මිය - හොදයි මහත්මයා ඔබේ අදහස මම සලකා බලන්නම් (හොරැහින් බලමින්)

හෝම්ස් - එහෙනම් අයිරින් අපි සමුගන්නවා.. නොබෝ දිනකින් අපි හමුවේවි.. සුබ ආරංචියක් එක්කම...

අයිරින් මහත්මිය - ස්තුතියි හෝම්ස් මහත්මයා

වොට්සන් -  ( පට්ට හැපියෙන් ) එසේනම් අපි කොහොම හරි ඔබේ මුද්ද සොයා දෙන්නම් අයිරින් ...( ශර්ලොක්ට හොරෙන් ඉතා සෙමින් ) සොයා                           දෙන්න බැරි උනොත් අලුතින් එකක් හරි අරන් දෙන්නම් කෝ.... එසේනම් පසුව හමුවෙමු

මයිකල් - එහෙනම් මහත්වරුනි, අයිරින් මහත්මිය, මමත් නැවත පොලිසියට යන්නම්, ඔබලාට සුබ ගමන්

               (රහසින්) නෝනා වොට්සන් මහත්මයගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න, බොයිලර්නේ

අයිරින් මහත්මිය - ස්තුතියි මයිකල් මහත්මයා (මෙයා කිව්වේ ඇත්ත..)

( සියලු දෙනාම හෝටලයෙන් පිට වේ )

ට්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.............

(තිරය වැසේ)


Posted in | 28 Comments

Web Font වෙන බ්‍රව්සර් වලින් බලන හැටි..



වෙබ් ෆොන්ට් කියන්නේ අපේ පරිගනකයේ ඒ ෆොන්ට් එක නැති උනත් ඒ පිටුවේ තියෙන ටෙක්ස්ට් කොටස පෙන්නන විදිහක්, මූලිකවම වෙන්නේ ඒ ෆොන්ට් එක තාවකාලිකව ටෙම්පරි වලට ඩව්න්ලෝඩ් වෙන එක

හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඔය කියන වෙබ් ෆොන්ට් බලන්න වෙන්නේ IE නොහොත් Internet Explorer එකෙන් වීම

මේකට කලින් පොඩ්ඩක් මෙන්න මේ ලිපියත් බලලා එන්න, මෙතනින් මේ කියන වෙබ් ෆොන්ට් සහ වෙන සිද්දිය ගැන අවබෝධයක් ගන්න පුලුවන්,

මේකට පිලියමක් හොයද්දි ගූගල් එකෙන් තමයි ඔය ලින්ක් එකත් හම්බුනේ, ඔතන කියනවා වගේ ෆොන්ට් එක කන්වර්ට් කරන්න විදිහක් බැලුවට හම්බුනේ නෑ ඊට පස්සේ තමයි IE Tab ගැන හිතුවේ.


ක්‍රෝම් එකට නම් මේ Extension එක දාගන්න, Firefox එකට නම් පොඩ්ඩක් IE Tab කියලා සර්ච් කරලා එකක් අරන් බලන්න.


"Firefox එකට මෙන්න මේ ඇඩ් ඕන් එක ඉන්ටෝල් කළාම හරි! :)"  ( පූසට තැන්කූ )


ක්‍රෝම් එකේ එක ඉන්ස්ටෝල් උනාට පස්සේ උඩ බාර් එකට එන පොඩි අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Option යන්න

එතනින්

Icon Behaviour:
Switch between IE and Chrome
Popup menu 





කියන එකෙන් Popup Menu කියන එක දාලා Apply කරගන්න දැන් සාමාන්‍ය විදිහට ඔයාලට බලන්න ඕනේ සයිට් එකට යන්න, උදාහරනයකට රිවිර ගමු


ඊට පස්සේ අර කලින් ගිය අයිකන් එකම ආයෙත් ( Left ) ක්ලික් කරන්න එතනින් Switch To IE Model කියන එක දෙන්න එතකොට පිටුව ආයෙත් ලෝඩ් වෙයි ( සාමාන්‍ය වෙලාවට වඩා ටිකක් වෙලාව වැඩියෙන් යයි ) දැන් සිංහල පේන්න ඕනේ




ප.ලි = පෝස්ට් එක ටිකක් හදිස්සියෙන් වගේ ලිව්වේ ඒක හින්දා අව්ල් තියෙන තැනක් ආවොත් කමෙන්ට් එකක් දාන්න.

Posted in , , | 12 Comments

කවුරු හරි කොපි කරලද , කාට හරි ඉරිසියා හිතිලද ?



හ්ම්ම් මේ දවස් වල ලියන්න ටෙකිත් නෑ, ඒක හින්දා මේ දවස් වල හම්බෙච්ච ඇච්චෙක් ගැන සහ තව තොරතුරක් ගැන කියන්නම්කෝ

ඉස්සර ඉදන්ම මේ වැඩේ උනත් මේ ලගකදි පරණ එකෙක් අලුත් විදිහකට වැඩක් පටන් අරන්

සාමාන්‍යෙන් මම දැකලා තියෙන්නේ අපි මොකක් හරි කරනකම් බලන් ඉදලා ඒකම කරන එක, හැබැයි මේ පුංචා කරලා තියෙන්නේ මගේ එකක් අරගෙන උගේ නම දාලා ඌ කරපු විදිහට My Creation's කියලා ඇල්බම් එකකට දාලා ( මම මගේ නම එක්ක ටැග් එකක් දැම්මත් දාන්නේ දකුනු අත පැත්තෙන් යටින්, මූ මගේ එක උඩින් උගේ එක දාලා :D )


එහෙමත් කරලා, මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකකුත් එවලා, ඒ රික්වෙස්ට් එක ඇවිල්ලා සෑහෙන්න කල් උනත් මම ඇඩ් කර නොගත්තේ මිනිහා කව්ද කියලා දන්න නිසා, මේ ලගදි නිකමට වගේ ස්පෑම් කේස් එකට උගේ ෆොටෝ එකක් හොයන්න ෆොටෝස් වලට ගියාම මෙන්න මගේ කාර් එකක් තියෙනවා බැබලි බැබලි උගේ ටැග් එකත් එක්ක :D

හික් හික්, මුලින්ම මට එතනම හොද කමෙන්ට් එකක් දෙන්න හිතුනත් මුකුත් කලේ නැතුව හිටියා, පස්සේ මගේ යාලුවෙක්ම කේස් එක ඇදලා ස්ටේටස් ටිකක් අතෑරලා තිබ්බා, ඒත් මම තාම ඌට මැසේජ් එකක්වත් දැම්මේ නෑ ඒකට හේතු කිව්වොත්

1.වෙන කෙනෙක්ගෙ දෙයක් උස්සලා තමන්ගෙ වගේ දාන එකෙන් රැවටෙන්නේ වෙන කවුරුත් නෙම්යි තමන්මයි
2.තමන් නොදන්නවා උනත් තමන්ට මොලයක් නෑ කියලා අනුන් දැනගන්නවා, මොලයක් තියෙනවා නම් අලුතෙන් දෙයක් හිතන්න පුලුවන් වෙන්න එපැයි
3.ඕනෙම දෙයක් උස්සන්නේ හරි කොපි කරන්නේ හරි ඒ දේ වටිනාකමක් තියෙන නිසානේ, කවුරුත් නිකන් පාර අයිනේ තියෙන ලොකු කලුගල් ගෙඩියක් උස්සන් ගෙදර දුවන්නේ නෑනේ,

අන්න ඒක නිසා එක අතකට ඒක ගැන හිතද්දි පොඩි සතුටක් වගේම දුකක් එනවා, සතුට එන්නේ කාට හරි උස්සන්න කොපි කරන්න තරම් දෙයක් කල හැකී වීම ගැන දුක තියෙන්නේ මම කිසිම සයිට් එකක දැකලා නෑ මේ විදිහට පිටරට උන් උස්සනවා, ඒ නිසා අපේ ( සම ) හරක්ගේ මොල ගැන දුකයි.

__________________________________________________________________________________

ප.ලි = මම මේ පෝස්ට් එක ලියද්දි තව අලුත් නිව්ස් එකක් ආවා ඒ තමයි


බ්ලොග් ලියන හැක්ක්‍රිශ්, සහ තවත් අය බහු ජනයාගේ හිතසුව පතා ආරම්භ කරන ලද Online හෙල්ප් හි සාර්ථකත්වයට එරෙහිව එන එක එක නොපෙනෙන අත් වලින් තවත් අතකට තද වෙලා වැඩි වෙලා .com එකකුත් අරගෙන වර්ඩ්ප්‍රෙස් දාලා යුක්තිය ඉල්ලලා තිබ්බා :D, ඇත්තටම කියනවා නම් ඒක දැකපු වෙලාවේ බිම පෙරලි පෙරලි හිනා වෙන්න තරම් හිනාවක් ආවා, 


එකක් ඒ චිත්‍රපටියේ මමත් ඉන්න හින්දා :D
තව කෙනෙක්ට ඉරිසියා හිතෙන්න තරම් දෙයක් කරගන්න පුලුවන් උන නිසා
අපරාදේ .com එක :D 



Posted in | 12 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.