දකුනු ලකේ ගෙට් එක ! [Updated විත් බොඩි ලෝශන් ෆේශල්]



ඔන්න ඉතින් අද ( 7/01/2012 ) ගාල්ලේ තිබුන සුහද හමුවට මමත් ගියාලු

ගීයාට ඉතින් යන්න කලින් මග දිගට රස කතා ගොඩකි

කතාව පටන් ගන්නේ කොට්ටාවෙන්, වෙලාවට හරියටම මම ගිහින් ඔන්න එතන හිටපු කට්ටිය සෙට් උනා, ඊට පස්සේ ටිකකින් බස් එකේ නැගලා බලන් ඉන්නවා ගාල්ලට යනකම්, ටික වෙලාවකින් බැලුවා ම්හු ඒත් එතනමයි, බැලුවාම තව දෙන්නෙක් එන්න ඉන්නවාලු :S

හරි ඉක්මනට එයිනේ කියලා හිටියා....
කොට්ටාවට එන්න තිබ්බේ උදේ 7ට සහ ගාල්ලේ ඉන්න තිබ්බේ උදේ 8ට, ඉතින් මේ පරක්කු උන දෙන්න කොට්ටාවේ බස් එක ලගට ආව උදේ 10.30 වෙද්දී  ( යකාගේ ඔරලෝසුවක් )

Posted in | 32 Comments

මෙහෙමයි ෆේස්බුක් හැක් කරන්නේ.... [ How To Hack Facebook ]





මගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමා
 ** ෆේස්බුක් හැක් ** කරන්නේ කෝමද කියන එක .එක පුලුවන්ද කියල ගොඩක් දෙනා අහන නිසා තම මේක අද ලියන්න හිතුනේ.
ක්‍රම ගොඩක් තියනවා .
හැබැයි ෆේස්බුක් අඩවියට ගිහින් ඕක උස්සනවා කියන එකනම් හීනයක්‌. ලගදි කට්ටියක් නම් ඒකට සෙට් වෙලාලු .එත් ඒක සිරාවටම අමාරු වැඩක්.
ඒක ඒක සොෆ්ට්වෙයාර් වලට රැවටෙන්න ඕන නෑ . හැබැයි සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි. මොකුත් විශේෂ සොෆ්ට්වෙයාර් ඕන වෙන්නෙ නම් නෑ

Posted in , | 15 Comments

Samsung Ace සිංහල දැමුවෙමි ( Sinhala On Android )

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අනං මනං පෝස්ට් ටිකකට පස්සේ ආයෙත් ටෙකියක් උස්සගෙන ආවා
අලුතින් ජොබක් සෙට් උනු නිසාත් ලියන්න ටිකක් කම්මැලි හිතුන නිසත් බ්ලොගිය පාලුවට ගිහින් :D
සිංහල දැම්මට ඒක ලියන්න ඕනේ නෑ කියලා හිතාගෙන හිටියට දෙන්නෙක්ගෙ ලැබුනු ඉල්ලීම් වලට අනුව ඔන්න ඔහෙ ලියලා දානවා කියලම හිතුනා.


මගේ ෆෝන් එක ගන්න කලින් කාලිංග අයියගේ සිංහල දාන හැටි පෝස්ට් එක කියවලා තිබ්බත් ඔය කෝඩ් එක්ක සෙල්ලම් හුරු නැති නිසා සහ රූට් කලොත් වැඩේ වඩේ වෙයි කියන බයත් එක්ක රූට් නොකර සෙට් බ්‍රව්සර් එක දාගෙන හිටියා, අහම්බෙන් දැක්ක ලිපියක් ෆොන්ට් මාරු කිරීම ගැන , ඒකත් එක්ක ට්‍රයි කරලා බැලුවම වැඩේ ගොඩ :D, හැබැයි ඉතින් රෙන්ඩරින් නම් පොඩ්ඩක් විතර අල  :P


Posted in , , | 13 Comments

පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]

ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P

නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........

ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි

බොහෝ විට කොල පාට
විරූපී මුහුනක්
ලොකු ඇස්
( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක් නැත )
කටු ගැහිච්ච පැක් එකක් ( ඒ කිව්වේ ඇඟ ගැන :P )

මම හරි නම් මෙන්න මේ වගේ ඩයල් එකක් නේද හිතේ මැවුනේ ?


හරි එහෙනම් අපි ඊලගට බලමු මීට වඩා වෙනස් විදිහට ඒලියන්ලා කියලා කියන අයගේ රූප

Posted in , | 18 Comments

මාර්ක් සකබර්ග්ට කවියක් [ Poem To Mark Zuckerberg ]

Image From "thecampuscompanion.com"

ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D

Posted in , | 20 Comments

අපි අපිමද ?

නිකමට හිතලා බලන්න මේ දැන් ඉන්නේ අපිමද කියලා

ඉස්සර ස්කෝලේ යන දවස් වල "Love" කියලා එකක් දැක්කොත් පට්ට ෆන්

මට මතකයි එතකොට 3 වසරේ විතර ස්කෝලේ ගිය වෑන් එකේ එල්ලලා තිබ්බා එක පාරක් කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න යටින් "Love" සහ එකක් ඕක දැකපු වෙලාවේ ඉදලා කෙල්ලෝයි කොල්ලොයි හතර අතේ ඇබරෙනවා ( මමත් ඇතුලුව ) :P

ඒ කාලේ කපල් එකක් දැක්කොත් වැඩේම උන් දිහා බලන එක තේරුමක් ඇතුවත් නෙමෙයි

නමුත් අද වෙද්දී ?..............................



ඒ වගේම ටික කාලෙකට කලින් බනියා කිව්වා වගේම ඉස්සර අපිත් එක්ක සෙල්ලම් කරපු කෙල්ලොන්ගෙ මාර ගෑස්, දැක්කත් පේන්නේ නැති ගානට යන්නේ, පුහ්

ඒ දවස් වල සෙල්ලම් ගෙදර අම්මට හිටිය කෙල්ලො දැන් අදුරන්නේ නැති ගානට යන්නේ,

ඇත්තටම කාලය වෙනස් වෙලාද ?,  නැත්නම් අපි වෙනස් වෙලාද ?

Posted in | 20 Comments

කොලඹ සෙට් එක කුලක වීම..

ඔන්න ඉතින් බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ඔය චැට් කරන උන්දැලැ ටිකක් සෙට් වෙන්න මෙව්වා එකක් තිබ්බානේ අද ඔන්න ඉතින් මමත් නිකමට වගේ එන්නම් කියලා කිව්වා

ගෝල් ෆේස් එකට යන්න කලින් වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෑ නගා නොහොත් ශිරෝශිමා නාගසාකිගේ ගෙවල් තියෙන්නේ දැන් බත්තරමුල්ලේ උනාට හිතන් ඉන්නේ බත්තරමුල්ල තියෙන්නේ බොරැල්ලේ කියලා :D

ඔන්න එයාවත් එක්කගෙන කොටුවේ ස්ටේශන් එක ලගට ගියා චාටර් කොල්ලාව හොයාගන්න, හෆ්ෆා මූ චාටර් කිව්වට කට ගෙදර තියලද කොහෙද ඇවිල්ලා තිබ්බේ, වැඩි කතා බහක් නෑ, හැබැයි චැට් එකේ නම් අම්මේ කට :P

දැන් බස් එකේ ඇවිල්ලා ගෝල්ෆේස් එක ලග හෝල්ට් එකට කලින් හෝල්ට් එකෙන් අපිට එහා පැත්තේ හිටිය කපල් එකක් බැස්සා කොන්දොස්තර ඉස්සරහා හිටිය නිසා චාටර් කොල්ලගේ අතට රුපියල් 20 දීලා මල්ලි මේක කොන්දොස්තරට දෙන්න කියලා ( ටිකට් වලට ) බැහැලා ගියා, එතකොටම කොන්දා කෑ ගහනවා ගෝල්ෆේස් බහින්න කියල ඉතින් අපිටත් මොකෝ අර රුපියල් 20ට තව 16 දීලා අපිට ටිකට් අරගෙන අපි මාරු උනා :D

කොහොමින් හරි නගාව ඔන්න හෝගාන පොකුන ( මුහුද ) ලගට එක්කගෙන ගියා ගිය වෙලාවේ ඉදලා නිකන් මුහුද දිහා කන්න වගේ  බලං ඉන්නවා, හොයලා බැලුවම කතාව හරි, තිස්සමහාරාමේ ඉතින් තියෙන පොකුනු හෝ ගානවැයි :P, කවදා දැකපුවද ඉතින් කියලා අපිත් පාඩුවෙ හිටියා

අපි කශ්ටිය පොඩියට කතාවක් දාගෙන ඉදිද්දි මලියා කෝල් කරලා මාව පේන්නේ නෑ කියලා අර මැද තියෙන කොඩි කනුවට නැග්ගුවා ඒක වෙනම කතාවක් ඉතින් :D
හැබැයි මොනව උනත් පුතන්ඩියගේ හැටි දන්න හින්දම අම්මා මට කෝල් කරලා ඇහුවා මොකක්ද තියෙන්නේ කොහෙද කින්ද මන්දා කියලා :D

ඊට ටික වෙලාවකට පස්සේ "ADK කොලුව" ත් වයිපරේ එක්ක සැපත් උනා අපි හිටපු තැනට ඒ වෙලාවේ පහුගිය දවසක පෝස්ට් එකේ දැක්කනේ ඩිගිරියක් අරගෙන කියලා ඒක එහෙම අහලා ඉවර වෙලා කතා කරකර හිටියා මෙන්න එක පාරටම දිලීපය විදිනවා හෝ ගාලා

1. දැනටමත් ADK කොලුවා බැඳලයි කියලා
2. කඩවත ඉන්න පවියා ගාල්ලේ ඉන්නවා කියලා

 ඊට පස්සේ ඉතින් කට්ටියගෙ පොඩි හදුන්වා දීමක් එහෙම තියලා කශ්ටිය හදුනා ගත්තා, ඊට පස්සේ කට්ටිය එක එක කතා නගා නම් ඉතින් අර කොහේදෝ නැති ඕප දූප ටිකක් අල්ලගෙන අර අක්කාව සුද්ද කලා :P

එහෙ ගිහිල්ලත් මල් නෙලනවා 

ඊට පස්සේ නම් ඉතින් කට්ටියට එක තැන ඉදලා ඇති වෙලා වෙරල පැත්තට ගියා ඒ යද්දි එක පාරටම මොකක් හරි ගියා වගේ දැනිලා බලද්දි පවිත්‍රයා හුලගේ ගහගෙන ගිහිල්ලා :D

කොහොමින් කොහොම හරි කට්ටියම වෙරල පැත්තට ගිහින් සිරි නැරබූවා :D , දිලීපයා නම් ඉතින් ( ඇන්ටිද අක්කාද මන්දා ) කෙනෙක්ගෙ ලගට වෙලාම හිටියා මොකක්දෝ එකක් දැකලා :D

ඒ අතරේ ADK කොලුවාගෙන් අපිට එයා ගානේ කකුලුවෝ, ඉස්සෝ, කොකා කෝලා පාටියක් දුන්නා :D
( එකෙක් කේක් ගේනවා කියලා ගෙනාවේ නෑ ) ඒ හැම දෙයකටම ADK කොලුවට තෑන්ක්ස් ලොට් කියලා කියන්න ඕනේ :D

කෑම කාලා ඉවර උනා විතරයි :D


නගා :- අම්මෝ අක්කේ මේ පොකුන කවුද දන්නේ නෑ හැදුවේ

කාලා බීලා එහෙම ඉවර වෙලා අත පිහදාන්න උනේ පවියගේ කෝකටත් තයිලය ලේන්සුවෙන් ( ගෝනි රෙද්දකින්ද මන්දා මහලා තිබ්බේ )

මේ තියෙන්නේ ඒ ලේන්සුව අල්ලගෙන ඉන්නේ පවියා

කොහොමින් කොහොම හරි බවලත් ඩබල රැල්ල පාගන්න ගිහින් ආවට පස්සේ දිලිපයව බොහොම අමාරුවෙන් අර ඇන්ටිලාගෙන් බේරගෙන ඇවිල්ලා කශ්ටිය ඔය පොඩි ෆොටෝ එකක් එහෙම ගහලා එහෙම සතුටින් විසිර ගියා




පින්තුරය නගා විසින් ගන්නා ලදී.
පින්තූරය ADK කොලුවාගේ බ්ලොගයෙන් උස්සන ලදි 



P.S :- පවියට බෑග් හොයන්න සහ දිලීපයට මියුසික් බඩු හොයන්න නම් ජීවිතේට යන්න එපා :P
නගා වෙත :- අපිට කලින් ගිහින් අපිට මඩ ගහන්න ප්ලෑන් කොරල තිබ්බ හින්දා මෙන්න නගාට ස්පෙශල් මඩක් අපි ගානේ

Posted in | 13 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.