Torrent වල ක්‍රියා කාරීත්වය


මේක Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මට හිතුනා පෝස්ට් එකක් විදිහට පසු කාලීනව කාට හරි දැන ගන්න ඕනේ වෙයි කියලා දාන්න


ප්‍රශ්නය = "අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් u torrent වල ක්‍රියා කාරීත්වය පහදා දෙන්න පුළුවන්ද?"


පිලිතුර = "අප විසින් කලින් බාගත කල ගොනු නැවට අප්ලෝඩ් කිරීමත් ( Seeding )
අප විසින් ලබාදෙන ගොනු බාගත කර ගැනීමත්

ටොරන්ට් යනු රැපිඩ් ශෙයා හෝ මීඩීයාෆයර් වැනි ෆයිල් හොස්ටර්යක් නොවේ, එය භාවිතා කරන්නේ P2P ( Peer To Peer ) සම්බන්දතාවයක් ය,
එනම් ඔබ විසින් යමක් බාගත්තේද , ඔබ එම ටොරන්ට් ගොනුව ඉවත් නොකරන තුරු තවත් අය එම ගොනුව බා ගනී නම් එය ඔවුනට යවමින් පවතී

ඒ වගේම ඔබට ටොරන්ට් මගින් ගොනුවක් බාගත කරගැනීමට හැකි වෙන්නේ, ඔබ වැනිම තවත් කෙනෙක් එය ඉවත් නොකර Seed කලහොත් පමනී

එම නිසා ටොරන්ට් ගොනුවක් බාගත කර ගැනීමට ප්‍රථම හොදින් Seed's ඇද්දැයි බලන්න , Seed's වැඩි වන තරමට ඔබට එම ගොනුව බා ගත කර ගැනීමට පහසු වනු ඇත

Please Seed :D"



හරි ඔච්චරයි , තව දන්න දේවල් තියෙනවා නම් කියන්න මටත් දැන ගන්න :)


Edit =


 pieces tracker/DHT .torrent file super seeder mesh මේ ටික තමයි keywords, torrent අනිත් file transfer ක්‍රම වලින් වෙනස් වෙන -  පිටස්තරයා 

Posted in , | 2 Comments

මෙහෙම කටු කාට වත් නොම ලැබේවා...




ඔන්න මේක ලියන්නේ 2011/04/11 වෙනිදා, ගොඩක් අය දන්න විදිහට අදත් මගේ උපන් දිනයක්ලූ
මට නම් වෙනසක් නෑ, සාමාන්‍ය විදිහට නැගිට්ටා, දවසේ වැඩ ටික කරලා ඉද ගත්තා කොම්පීතරේ ඉස්සරහින්, බුකියේ සුබ පතපු අයට ස්තූතී කරන්න පටන් ගත්තා.

ඔහොම වැඩ කේරීගෙන යද්දී, ඔන්න මගේ යාලුවෙක් කතා කරලා කියනවා "මචන් මැශින් වගයක් ( PC ) තියෙනවා ගන්න යන්නේ චෙක් කරන්න එන්න පුලුවන්ද කියලා"

මම ඇහුවා කොච්චර වෙලා යයිද කියලා, ඌ කිව්වා "වැඩිය නෑ බන් පැය 1.5 හෝ 2 යයි කියලා" අව්ලක් නෑ කියලා ඔන්න මිනිහගේ බයික් එකේ ගියා මැශින් ටික බලන්න

කොහොම හරි පැයක් විතර ඇතුලට ඒ වැඩේ කරලා ඉවර වෙලා, වෑන් එකක් කතා කරගෙන යාලුවගේ ගෙදරට ඒ ටික දැම්මා

ඊට පස්සේ අර ගත්තු එකක් යාලුවගේ හාමිනේගේ ගෙදර ගෙනියන්න ඕනේ කියලා අර දඩ Dell Branded PC එකකුත් ඔඩොක්කුවේ තියාගෙන මම දැන් යනවා.

යාලුවාගේ ගෙවල් තියෙන්නේ බත්තරමුල්ලේ ටිකක් ඇතුලට වෙන්න, එක්කේනාගේ ගේ තියෙන්නේ හෝමගමට 2-3 KM එහා, ( හිතපල්ලා කොහොමද ආතල් එක කියලා :D ) , ඔන්න දැන් වලවල් වල වැටි වැටි ශපාන් එකේ ගමන ගියා ගිහින් නැවැත්තුවට පස්සේ මට කෙලින් ඉන්න බෑ ( කකුල් දෙක හිරි වැටිලා )

හරි දැන් ඉතින් පොඩ්ඩක් කතා බහ එහෙම කරලා එහෙන්ම දවල් කෑම වේලත් ශේප් කරගත්තා :P

දැන් කාලා බීලා ඉවර වෙලා කාපුව එහෙම එහාට මෙහාට වෙනකන් පොඩ්ඩක් ඉදලා යන්න කියලා එලියට එද්දි වැස්සක් පටන් ගත්තා , කාපන් පරිප්පු කිව්වලු :(

ඔන්න වැස්ස පොඩ්ඩක් විතර පෑව්වා(වගේ පෙනුනා), දැන් වෙලාව හවස 6.30ත් වෙලා, මම කිව්ව යමන් බන් මේක හරියන්නේ නෑ, වැස්සේ හරි යමන් කියලා, ඊට පස්සේ ජන්ගමේ එහෙම බෑග් එකකට පැක් කරගෙන දිග කලිසම දනිස්ස ගාවට නවාගෙන සපත්තු දෙකට වතුර යයි කියලා මම ඒකත් බෑග් එකකට දාගත්තා

ලොක්කා වගේ ආවට මොකද එලියට බැහැපු ගමන් ආයේ වැස්ස තද උනා, ^&@$^*$%^T@ @#%$^*&#

මාර්ගය ලිස්සන සුලූ නිසා යාලුවට කිව්වා හෙමීට යමන් කියලා

කොහොම කොහොම හරි, හෝමාගම + 2KM ඉදලා නාවින්නට එනකන් මම ෆූල් බරිස් වෙලා, ඒ අස්සේ කකුල් දෙක නමාගෙන හින්දා සීතල හුලන්, අනිත් එක වැස්සේ තෙමීගෙන ඇවිල්ලා ඇදුම් ටික ඔක්කොම කිසිම අව්ලක් නැතුව තෙමිලා

කාමරේට ඇවිල්ලා බලද්දී කකුලේ ඇගිලි නෑ නෑ වගේ හිරි වැටිලා :\
මොනවා උනත් මේ වගේ ආතල් එකක් නම් ආයේ එපා :D

ප.ලි : මම මේ පෝස්ට් එක හෙට උදේ දාලා ගමේ යනවා, එහෙනම් කට්ටියටම බායි කිව්වා :D

Posted in | 4 Comments

Iphone, Black Berry ඕනේ එකක් එක්ක මූනූපොතට...........


අද කියන්න යන්නේ පොඩී සයිට් එකක් ගැන ඒකේ නම තමයි Facebook Multi Via

මේ සයිට් එකෙන් කරන්නේ ඔයාලට එක එක විදිහට Facebook එකේ Status එක දාන්න පහසුකම සලසා දෙනවා

දැම්මට පස්සේ පේන්නේ මෙන්න මේ වගේ


මේ තියෙන්නේ ඒකේ Facebook පිටුව : ගෙදර යන ගමන් ලයික් එකක් දාගෙන යන්න :D 

මේ තියෙන්නේ ඒ සයිට් එක

Go To There & Do Your Job ;) - HTTP://WwW.FBMV.Tk


වැඩිය ටෙම්ප්ලේට් එහෙම බර නැති එකේ පොඩි කමෙන්ට් එකක් එහෙම දීලා ගියා නම් හොදයි

P.S - මේක දැක්කට පස්සේ මගේ Iphone එකට සුබ පතපු කට්ටියගෙන් හොද බැනුමක් ශුවර් :D

Posted in , , | 5 Comments

නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ..

නාවින්න සිට වත්තේගෙදරට - රු 6
වත්තේගෙදර සිට මහරගමට  -  රු 6
නාවින්නේ සිට මහරගමට      - රු 6

නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ
මම - @!#%#@$^&%$ #^$^&^&

දැන් ඉතින් බැනපියව් :D , මට මේ කම්මැලි හිතුන හින්දා ලිව්වේ :)

Posted in | 6 Comments

සයිබර් සැනකෙලිය ගැන !!!!



මෙම පෝස්ට් එක ඊයේ ලිවීමට සිතාගෙන සිටියත් මොබිටෙල් එක වැඩ නොකල නිසා අද තෙක් කල් මැරීමට සිදු විය :(

කලින් දවසේ මැච් එක බලන්න ගිහින් මහන්සියටත් එක්ක නිදාගෙන ඉදිද්දි, දිලීපයා කෝල් කරලා අහනවා කොහෙද ඉන්නේ කියලා , මක් කරන්නද , කිව්වා පැය කාලෙන් මහරගම කියලා :D , පැය බාගයකින් මහරගමට ගිහින් බස් එකක ගියා ( බස් එකේදී තව ටිකෙන් කනවා කෙල්ලෙක්ගෙන් :P )

ගියාට පස්සේ කට්ටිය නම් ටිකක් අඩුයි කියලයි හිතුනේ ගොඩක් කට්ටිය එනවා කියලා තිබ්බට ඒකෙන් බොහොම අඩු ගානක් තමයි ඇවිල්ලා හිටියේ ( අපරාදේ කෑම ටික :P )

පොටෝ කෑල්ලක් දැකලා තිබ්බ සමහර කට්ටියව නම් කෙලින්ම අදුර ගත්තා අනිත් අය නම් ඔය ඉන්න ගමන් කතා බහ කලා

තරග ගැන කිව්වොත් ඉතින් :-
ඕනේ එකක් කියලා දිව්වා
කනා මුට්ටිය ගහන්න කියලා ගියත් මට කලින් දිනුවා
තොප්පි දාන්න ගිහිල්ලා තොප්පිය වැටුනා
අලියට ඇහැ තියන්න ගිහිල්ලා මම කොහේද මන්දා ගියා ( ලැජ්ජාවේ බෑ )
සැගවුනු අමුත්තා නම් තාම හෙන්රි පේද්‍රිරිස් එකේ හැoගිලා , තාම දන්නේ නෑ කවුද කියලා
මට දීපු බැලුම කොච්චර පිබ්මුවත් පිපිරුනේ නෑ

කලින් තිබ්බේ නැති මැස්කා විදිහට කඹ ඇදීමක් තිබුනේ
( අන්තිම වටේ කට්ටියම කඹේ අල්ලන් හිටියට කවුරුත් ඇද්දේ නැති හින්දා මම ලග හිටපු **** කිව්වා විසිල් එක ගහපන් කියලා, ඔක්කොම හිතුවෙ නියම විසිල් එක කියලා ඇද්දා ඇදිල්ලක් :D  )


කට්ටිය ගැන කියනවා නම් 

ඉස්සෙල්ලාම මාරයියා ගේ බනිස් කෑම
කිසිම හදිස්සියක් නෑ , ශේප් එකේ ඇවිල්ලා බනිස් එකම කාලා ගියා :D ( බනිස් ගෙඩිය කන්න ට්‍රයි එක  )



යෝගට් කෑම 



බයෙන් බයෙන් ටෙක්ස්ට් කරන දිලීප ( ෆෝන් එක රෝස පාටයි කියලා එලියට ගත්තේ බොහොම බයෙන් )







කකුල් තුනේ කුප්පයා


කෝච්චි බනී ( ඉන්දරේ අයියාගේ ඇල්බමයකින් )



අන්තිමට කට්ටිය අදුන්වා දීමේදී ඒන්ජල් සානු එහාට මෙහාට මාරු වෙවී , හැන්ගිලා හිටියත් අන්තිමට කොහොම හරි මයික් එක දීලා , කට්ටියටම ඈන්ගල් කානු ලෙසට අදුන්වලා දුන්නා.

අවසාන වශයෙන් වැපා තැන් දෙකකදීම ටිකට් නිසා නා ඇත
1. ඉන්ද්‍රනාත තේනුවර සර්ට ටිකට්  කඩන්න ගිහිල්ලා
2. නර්මදා අක්කාත් එක්ක ආපු එක්කෙනෙක්ට ( එයාගේ නන්ගි වගේ එක්කෙනෙක් ආවෙ :P ) ටිකට් එක කඩලා අතටම දුන්නා.

ඔක්කොම දේවල් හොදට සිද්ද උනා , අදුන්වා දීම කලින්ම තිබුනා නම් හොදයි කියලා හිතෙනවා
මේ වගේ තවත් හීන අබීත අයියාට පේනේවා කියලා සුබ පතනවා :D

දැන් නම් ඇති වගේ තව මතක් උනොත් එඩිට් කරනවා :D

Posted in | 24 Comments

තව දින.............


ඔන්න ඉතින් නිකමට වගේ මතක් උනා බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද කියලා

කියන්න නම් වැඩි දෙයක් නෑ , බ්ලොග් එකේ දාලා තියෙන සයිබර් සැණකෙළියේ පින්තූරේ දැක්කාම හිතෙනවා මෙච්චර ඉක්මනට කාලෙ ගෙවුනද කියලා

ඒත් එක්කම ඉතින් දැන් කට්ටිය සැණකෙළියට යද්දි හරි , ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් එකේ ( එහෙම තියෙනවා කියලා නම් කිව්වා :D )
ඔය කට්ටිය මුහුනුපොතේ ස්ටේටස් එහෙම දැම්මොත් පොඩි වෙනසකටත් එක්ක මෙන්න මේක හරහා දාන්න. එතකොට පේන්නේ මෙන්න මේ වගේ :D


ඔන්න ඉතින් කට්ටියට ආරාධනා කරනවා පොඩි වෙනසකුත් එක්ක ස්ටේටස් එක දාමු කියලා :D

එතනට යන්න මෙතන ක්ලික් කරන්න
ඔයාලගේ දුරකතනයෙන් වගේ යනවා නම් http://on.fb.me/cyberfestival  ටයිප් කරලා යන්න :)

( මුහුනු පොතට ලොග් වෙලා මේකට යන්න කියලා කියන්න ඕනේ නෑනේ :P )

Posted in , , | 6 Comments

සිංහල විකිපීඩියා සෙවුම් ගැජටය

කලින් මම දැම්මානේ සස්රූත වලට හදපු සෙවුම් ගැජටය මේ තියෙන්නේ සිංහල විකිපීඩියා වලට හදපු සෙවුම් ගැජටය, මේ දෙකෙන්ම කරන්නේ කිසි කරදරයක් නැතුව අපේ ඩෙස්ක්ටොප් එකේ ඉදලාම සර්ච් කරන එක :D

මේක ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ, වැඩි විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා









Posted in , | Leave a comment

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.